හමුදාව වෙඩිතියන්න අවසර ඉල්ලද්දී ජනපති ගෝඨාබය එපා කියලා...

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ශ්‍රි ලංකා ජනාධිපති
    අනුනවයෙන් ගලවා ගත්
    හමුදා මෙහෙයුම!!!

    ILPj6Mu.jpeg

    අරගලකරුවන් ජනපති මැදුරේ ගේට්ටුව කඩනකොටත් ජනපති ඇතුළේ..

    මිරිහානේ සිය පෞද්ගලික නිවසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනපති මැදුරට ආවේ මාර්තු 31 වැනිදාය. ඒ අරගලකරුවන් මිරිහානේ නිවස වටලෑමත් සමගය. සිය බිරිය අයෝමා රාජපක්ෂ සමග ජනපති මන්දිරයට ආ ඔහුගේ ජීවිතය ඉකුත් සති අන්තය වන විට තිබුණේ භයානක අඩියකය.

    එබැවින් රාජ්‍ය බුද්ධි අංශයේ නිර්දේශ සැලකිල්ලට ගත් ජනපති ආරක්ෂක බළසේනාව ජනපතිවරයා ඕනෑම මොහොතක ජනපති මැදුරෙන් ඉවත් කිරීමට කල්තියාම මෙහෙයුම් සැලැස්මක් සකස් කර තිබුණි. ජනපති මන්දිරයේදී එවැනි තර්ජනයට මින් පෙර මුහුණ දී තිබුණේ ජේ.ආර්. ජයවර්ධන පමණි. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ මොහොතේ ඔහුට එල්ල වූ තර්ජනය සැලකිල්ලට ගත් ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඉන්දීය කොමාන්ඩෝ භට කණ්ඩායමකින් සමන්විත නැවක් ජනපති මැදුර සමීපයේ කොළඹ වරායේ නවතා තිබුණි. ඔවුනට දුන් පැවරුම වූයේ ජනපතිවරයාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වුවහොත් ජනපති මැදුරට කඩා පැන ජනපතිවරයා නිරුපද්‍රිතව ඉන්දීය නෞකාවට රැගෙන යාමටය. මේ කතාව ඇත්තේ එකල ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජේ.ආර්. ඩික්සිට් ලියූ කොළඹ භූමිකාව කෘතියේය.

    කෙසේ නමුදු ජේ.ආර්. ට නැව් නගින්නට සිද්ධ නොවුණත් ඉන් වසර 33කට පසු ජනපති මැදුරේ සිටි ගෝඨාභය රාජපක්ෂට ජීවිතය බේරා ගැනීමට නැව් නගින්නට සිද්ධ වූවේය. මින් පෙර කොළඹින් නැව් නැග දිවි ඇති තුරා ලංකාවට නොඑන්නට ගිය ලංකාවේ පාලකයා වූයේ ලංකාවේ අන්තිම රජු ශ්‍රී වික්‍රම රාජසිංහය. ඉන් ශත වර්ෂ දෙකකට පසු ගෝඨාභය රාජපක්ෂටත් නැව් නැග මුහුදට ගොස් එතැනින් ගොඩබිමට පැමිණ ගුවන් නැවෙන් ලංකාවෙන් පිට වූයේය.

    දවල් 12 ට අරගලකරුවන් ජනපති මන්දිරය වටකරන විට ජනපතිවරයා සිටියේ ජනාධිපති මන්දිරය තුළය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න ත්‍රිවිධ හමුදාපතිවරුන්ද එහි රැඳී සිටියහ. ඒ අතරේ කතාවක් පැතිර ගියේ ජනපතිවරයා හමුදා රැකවල් මැද කටුනායක අධිවේගය හරහා ගුවන් තොටුපොළට යන බවය. ඒ කතාව පැතිරී ගියේ අධිවේගයේ කොමන්ඩෝ භට පිරිසක් රැගත් ඩිෆෙන්ඩර් රථ හතර පහක් ගිය නිසාය. නමුත් එම රථ ගුවන්තොටුපොළට ගියේ ආරක්ෂක සමුළුවකට ඉන්දියාවට ගිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද කොළඹ බලා රැගෙන එන්නටය.

    අරගලකරුවන් ජනාධිපති මන්දිරය වැටලූ අවස්ථාව
    මේ අතරේ රයේ අවසන් ගේට්ටුව ළඟට පැමිණීමට පෙර සිටම ජනාධිපතිවරයාව මන්දිරයෙන් ඉවත් කිරීමට ආරක්ෂක ප්‍රධානීහු යෝජනා කළහ.

    ‘‘බලමු එයාලා මොකද කරන්නේ කියලා’’ ජනාධිපතිවරයාගේ උපදෙස විය.

    මේ වනවිටත් ජනාධිපතිවරයා මන්දිරයෙන් ඉවත් කිරීමට ආරක්ෂක ප්‍රධානීහු සැලසුම් දෙකක් ක්‍රියාත්මක කළහ.

    කොළඹ වරායේ නැංගුරම්ලා ඇති ගජබාහු නෞකාවෙන් ජනපතිවරයා ඉවත්කර ගැනීම එක් සැලසුමකි. එම සැලසුම භාරවූයේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නටය. අනෙක් සැලසුම පැවරුණේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණටය. ඔහුට තිබුණේ කොළඹ වරාය තුළට හෙලිකොප්ටරයක් ගොඩ බස්සවා එතැන් සිට ගුවනින් ජනපතිවරයා ඉවත් කර ගැනීමය.

    ඒ සඳහා ගුවන් තොටුපොළේ ස්ථාපිත කර ඇති ප්‍රභූන් ප්‍රවාහනය කරන අංක හතර ප්‍රභූ ආරක්ෂක බළඝනයට අයත් හෙලිකොප්ටර් සූදානම් කෙරිණි. එක් හෙලිකොප්ටරයක් ගුවනේ තබන්නට වූයේ අවසන් දොරටුව ළඟට අරගලකරුවන් ළං වෙද්දීය. ජනපතිවරයා කලින්ම රැගෙන යාමට හමුදාපතිවරුන් හා බුද්ධි ප්‍රධානීන් තීරණය කළත් දහවල් 12.00 පමණ වනතුරුත් එහිම රැඳී සිටියේ ජනපතිවරයාගේ උපදෙස් මතය.

    ‘‘සර් තවත් හිටියොත් කට්ටිය ඇතුළට කඩාගෙන එනවා. සර් හිටියොත් ඒ අයට අනිවාර්යයෙන්ම වෙඩි තියලා හරි නවත්වන්න අපට සිද්ධ වෙනවා යැයි’’ ආරක්ෂක ප්‍රධානීහු අනතුරු හැඟවූහ.

    ‘‘නෑ… කාටවත් වෙඩි තියන්න යන්න එපා. මම යන්න ලෑස්ති වෙන්නම්’’ යැයි ජනපති ගෝඨාභය හමුදා ප්‍රධානීන්නට නියෝග කළේය.

    වරායට හෙලිකොප්ටරය ගොඩබාන්නට යෑමේදී ඒ දෙසට අරගලකරුවන් පැමිණිය හැකි නිසා ඔහු නැවට රැගෙන යාම සැලසුම විය.

    විදේශ කටයුතු අමාත්‍යාංශය පැත්තෙන් කොළඹ වරායට යාමට ඇති ආරක්ෂිත මාර්ගය ඔස්සේ ජනපතිවරයා රැගෙන යාමට තීරණය වන්නේ ඒ අනුවය. ආරක්ෂක නිලධාරීන් සමග ජනපතිවරයා ‘ගජබාහු’ නෞකාව වෙත රැගෙනයන්නේ ආරක්ෂිතවය.

    අරගලකරුවන් ජනපති මන්දිරයට කඩා පනින්නේ ජනපතිවරයා නෞකාවට ඇතුළුවන මොහොතේදීය.

    නාවික හමුදාපතිවරයාද කැටුව නාවික හමුදාවේ නෞකාව දියඹට ඇදුණේ ජනපතිවරයා හා ජනපති බිරියද කැටුවය. ඔවුන් ගමන් කළ නැව වටා ආරක්ෂිත වළල්ලක් ලෙස ඩෝන යාත්‍රා ද ගමන් කළේය. අරගලකරුවන් ජනපතිවරයා සොයා යද්දී සියලු දෙනාට හොර රහසේ ජනපතිවරයා රැගත් නැව ත්‍රිකුණාමල නාවික වරාය දක්වා ගමන් කළාය. ඒ වන විටත් ත්‍රිකුණාමල වරායේ අධි ආරක්ෂිත ස්ථානයක ජනපතිවරයා හා ඔහුගේ බිරියට නවාතැන් ලැබෙන්නේ නාවික හමුදාවේ දැඩි ආරක්ෂක රැකවල් මැදය.

    ජනපතිවරයා ත්‍රිකුණාමලයේ රැඳී සිටින අතරතුර ඔහු කඩිනමින් රටින් පිටට ගෙන යන මෙහෙයුම සැලසුම් කෙරන්නේ මේ අතරය.

    ආරක්ෂක හා බුද්ධි ප්‍රධානීහු ජනපතිවරයා රැගෙන යන සැලසුම් ක්‍රියාත්මක කරන්නට වූයේ රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබඳතාද සමගිනි.

    ත්‍රිකුණාමල නාවික කඳවුර වෙත පසුදින (10දා) ප්‍රභූන් ප්‍රවාහනයට යොදවන හෙලිකොප්ටර් දෙකක් රත්මලානේ සිට ගුවන් ගත විය. හතර වන ප්‍රභූ ආරක්ෂක බළඝනයේ අණදෙන නිලධාරියා යටතේ හෙලිකොප්ටර් යානා ත්‍රිකුණාමලය බලා ගියහ. ජනපතිවරයා ගමන් ගන්නා මොහොතේ එම හෙලිකොප්ටරයේ නියමුවා වන්නේ අණ දෙන නිලධාරියාය.

    ජනාධිපතිවරයා යළි කොළඹට රැගෙන ඒමට තීරණය කරන්නේ අරගලකරුවන්ගෙන් රටම කැළඹී තිබුණ මොහොතකය. එහි වගකීම ආරක්ෂක ප්‍රධානීහු තම කරමතට ගත්තේ සේනාවිධායක ලෙස ජනපති ආරක්ෂාව ඔවුනට පැවරුණ නිසාය.

    ජූලි 11දා ජනපතිවරයාත්, ඔහුගේ බිරියත් සමග ප්‍රභූ ප්‍රවාහන බළඝනයේ හෙලිකොප්ටර් යානා දෙක රත්මලාන ගුවන් හමුදා කඳවුර බලා පැමිණියේ දහවල් 1.00ට පමණය. නාවික හමුදාපතිවරයාත් ජනපතිවරයා සමග හෙලිකොප්ටරයේ ත්‍රිකුණාමලයේ සිට පැමිණියේය.

    මේ වන විට රත්මලාන ගුවන් කඳවුරට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදාපති, යුද හමුදාපතිද පැමිණ සිටියහ. ජනපතිවරයා රත්මලාන ගුවන් කඳවුරේදී ආරක්ෂක ප්‍රධානීන් සමග ඉදිරි පියවර ගැන සාකච්ඡාවක නිරත වූයේය. ඒ අතරේ ජනපති බිරිය අයෝමා රාජපක්ෂ ආරක්ෂිතව මෝටර් රථවල නංවාගෙන මිරිහානේ පුද්ගලික නිවස වෙත රැගෙන ආවාය. ජනපති බිරිය මිරිහාන නිවසට එන්නේ රටින් පිටව යාමට පෙර තමන්ගේ වටිනා කියන ලියකියවිලි ඇතුළු අත්‍යවශ්‍ය දේ රැගෙන යන්නටය. මිරිහාන නිවසේ යතුර තිබුණේද ඇය සතුවය.

    පැය දෙකක් ඇතුළත මිරිහාන නිවසේ අවශ්‍ය දේ රැගෙන ඇයව නිරුපද්‍රිතව රත්මාලන කඳවුරට ගෙන ඒමට ප්‍රභූ ආරක්ෂකයෝ සමත්වූහ.

    රත්මලානේ සිට ජනපතිවරයා හා බිරිය යළිත් ආරක්ෂිත ස්ථාන දෙකකට රැගෙන ගොස් රැකවරණය දීම එතැන් සිට පැවරෙන්නේ ගුවන් හමුදාපතිටය.

    කටුනායක ගුවන් හමුදා කඳවුරේ හමුදාපති නිල නිවාසය ඇතුළු ආරක්ෂිත ස්ථාන දෙකක් ජනපතිට වෙන් කෙරුණේය.

    රට පුරාම ජනාධිපතිවරයාට ඉවත්වනලෙස විරෝධතා පැවැත්වුණද රටින් පිටව යනතුරු ඔහු ඉවත් නොවීමට වගබලාගත්තේ ජනාධිපති මුක්තිය යටතේ වරප්‍රසාද ඉවත්වුණු පසුව නොලැබෙන බැවිනි. ජනාධිපති මුක්තිය නොමැතිව ජනපතිවරයා පිටවගියොත් ජීවිතයට අනතුරක් වන බවද බුද්ධි ප්‍රධානීහු දිගින් දිගම අනතුරු ඇඟවූහ.

    ජනපතිවරයාට ඇමරිකා වීසා ප්‍රතික්ෂේප වෙද්දී තවත් රටවල් සමග සාකච්ඡා කර වාණිජ ගුවන් යානා මගින් කුලියට ලබා ගන්නා ගුවන් යානයකින් රැගෙන යාමට ඇති හැකියාවද සොයා බැලුවේය. මේ සඳහා බටහිර රටවල් ඇතුළු රටවල් ගණනාවකින් අවසරයක් නොවීය. ඉන්දියාවට ගෙන ගොස් ජනපතිවරයා ආරක්ෂිතව සිංගප්පූරුවට රැගෙන යාමට ගත් උත්සාහයද ව්‍යර්ථවිය. ශ්‍රී ලන්කන් ගුවන් යානාවලින් රැගෙන යාම අනතුරුදායක බව ආරක්ෂක ප්‍රධානීහු පෙන්වා දුන්හ. නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ජනාධිපතිවරයා රැගෙන යාමට නොහැකි බව පෙන්වා දීම ඊට හේතුවය. වෘත්තිය සමිති මේ වන විටත් දැඩි විරෝධයක නිරතවූහ.

    ජූලි 12 දා දහවල් වනවිට ගොඩ බිමේ මාර්ග ඔස්සේ ආරක්ෂිත උපාය මාර්ග යොදමින් ජනපතිවරයා බත්තරමුල්ලේ හමුදා මූලස්ථානයට රැගෙන ආවේය. එදින දහවල් හමුදා මූලස්ථානය ජනපතිවරයාගේ ආරක්ෂිත ස්ථානය විය. හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් සමග ආරක්ෂක මණ්ඩලය රැස් කළ සාකච්ඡා කළ ජනපතිවරයා ඉදිරි ක්‍රියාමාර්ග ගැන කතානායකවරයා සමගද සාකච්ඡා කළේය. අගමැති රනිල් වික්‍රමසිංහද හමුදා මූලස්ථානය තුළ රැඳී සිට ජනපතිවරයා සමග සාකච්ඡාවට එක්විය.

    Mahinda Rajapaksa: බත්තරමුල්ල ආරක්ෂක හමුදා මූලස්ථානය හැදුවේ ගෝඨාභය බව සිරස ටීවී වීඩියෝවකින් හෙළි කරයි.
    බත්තරමුල්ලේ හමුදා මූලස්ථානය
    ජනපතිවරයා විදෙස් රටකට ගිය පසුව ඉල්ලා අස්වීමේ ලිපියදීම අවසන් තීරණය විය.
    කුලියට ගත් ගුවන් යානා හා වාණිජ ගුවන් යානාවලින් ජනපතිවරයාට පිටවීමේදී ඇති තර්ජනය සැලකිල්ලට ගෙන ගුවන් හමුදාවේ යානයකින් විදෙස් ගතවීම අවසන් සැලසුම විය.

    ගුවන් හමුදාව සතුව තිබූ ඇන්ටනොව් 32 ගුවන් යානාවකින් ජනපතිවරයා රැගෙන යාම අවසන් සැලසුමට ගුවන් හමුදාව සතුව ක්‍රියාකාරී තත්ත්වයේ තිබූ ඇන්ටනොව් ගුවන් යානා තුනම රුසියානු යුක්රේන ගැටුම් ඇරඹීමට පෙර යුක්රේනයට ගොස් අලුත්වැඩියා කරගෙන ආ යානාවන් විය.

    ඇන්ටනොව් 32 ගුවන් යානාව

    විදෙස් රටවලට යාමට ගත් උත්සාහය ව්‍යර්ථ වෙද්දී ජනපති ගෝඨාභය රාජපක්ෂ හමුදා මූලස්ථානයේ රැඳී සිටියදීම, මාලදිවයින් ජනපතිවරයා ඇමතුවේය. ගුවන් හමුදා යානයකින් මාලදිවයිනට යෑමට සහාය පැතුවේය. මාලදිවයිනේ ජනපතිවරයාගේ අනුමැතිය ලබා ගත් පසු ගමනට සියල්ල සැලසුම් විය.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මාලදිවයිනේ ජනපති

    මාලදිවයිනේ අනුමැතිය ගැනීමේදී එරට කතානායක මොහොමඩ් නෂිඩ් ප්‍රශංසනීය කාර්යයක් ඉටු කළේය. වසර කිහිපයකට පෙර ඔහුගේ ජීවිතය තර්ජනයට ලක් වූ මොහොතේ ශ්‍රී ලංකාවට ගෙන්වා ඔහුට ආරක්ෂාව දී රැක බලා ගත්තේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයාය.

    එදින ජනපතිවරයා රාත්‍රි භෝජන සංග්‍රහය භුක්ති වින්දේ යුද හමුදා මූලස්ථානයෙනි. ඉක්බිතිව ජනපතිවරයා විශේෂිත ආරක්ෂාවක් මැද වාහනවලින්ම කටුනායක බලා පිටත් වූයේ රාත්‍රි 10.00ටය. කටුනායක ගුවන් හමුදා කඳවුර තුළ ජනපතිටත් ඔහුගේ බිරියටත් ආරක්ෂාව සැපයිනි.

    රාත්‍රි 12.00 වන විට ගුවන් හමුදා නිලධාරීන්ම රේගුවට හා ආගමන විගමන දෙපාර්තමේන්තුවට ජනපති හා ඔහුගේ බිරියගේ ලියකියවිලි ඉදිරිපත් කර ගුවන් ගමනට අවශ්‍ය නිෂ්කාෂණ ගත්හ. ජනපතිවරයාගේ ආරක්ෂාවට ජනපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරී විශේෂ බළකායේ මේජර් ෙජනරාල් මහින්ද රණසිංහ හා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් මදුර වික්‍රමරත්නද එක් වූහ. ජනපතිවරයාට එල්ල විය හැකි ඕනෑම තර්ජනයට දිවි හිමියෙන් මුහුණ දීමට ඔවුන් දෙන්නා සැදී පැහැදී සිටියේ විශේෂ බළකායේ හා කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලබා ඇති දැඩි පුහුණුවෙනි. ගෝඨාභය ජනපතිධුරයට පත්වන්නට පෙර සිටම ආරක්ෂාවට ළඟම සිටියේත් මෙම නිලධාරීන් දෙදෙනාය. ගජබා රෙජිමේන්තුවේ මේජර් ෙජනරාල් සෙනරත් නිවුන්හැල්ල ජනපතිවරයා ලංකාව තුළ රැඳී සිටින කාලය තුළ ජනපතිවරයාගේ සමස්ත ආරක්ෂාව භාරව සිටියේය.

    කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්වීමට පෙර ඇන්ටනොව් 32 ගුවන් යානය වාණිජ ගුවන් යානයක් ලෙස ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ලියාපදිංචි කිරීම කටයුතුද මේ වන විටත් කර තිබිණ. ගුවන් යානයේ නියමුවා ලෙස එක්වූයේ එම ගුවන් හමුදා දෙවන බළඝනයේ අණ දෙන නිලධාරී ගෲප් කපිතාන් වෙලගෙදරය. සහායක නියමුවා වූයේ වීන්ග් කමාන්ඩර් මල්ලවාරච්චිය. රජය ගුවන් ගමනට අනුමැතිය දුන්නද මාලේ ගුවන් තොටුපොළේ ගුවන් ගමන් පාලක පද්ධතියට ගුවන් යානාව ගොඩ බැස්සවීමට අවසරයක් නොලැබුණේය. ඒ වන විටත් වාණිජ ගුවන් යානා ගොඩ බැස්සවීමට තිබූ නිසා මාලේ ගුවන් තොටුපොළේ ගොඩබෑමට අවසරය ලැබෙන තුරු යානාව කටුනායක ගුවන් පථයේ රඳවා තැබුවේය.

    මාලේ ගුවන් තොටුපොළෙන් ලද අනුමැතිය සමග 13 වනදා අලුයම 1.00ට ගුවන් යානය ගුවන් ගත විය. පැයකුත් විනාඩි හතළිහක ගුවන් ගමනකින් පසුව ජනපතිවරයා හා ඔහුගේ බිරිය ඇතුළු සිව් දෙනා ආරක්ෂිතව ගොඩ බස්සවා යළිත් ඉන්ධන ලබා ගෙන ගුවන් යානය පෙරළා කටුනායකට පැමිණියේය. උදෑසන 7.00 වන විට එය කටුනායකට සේන්දු වන්නේ දැඩි පීඩනයක් මැද කළ මෙහෙයුමක් සාර්ථකව අවසන් කරමින්ය.

    මාලේ ගුවන් තොටුපොළ

    ඔවුන් එය කළේ ගෝඨාභය රාජපක්ෂට නොව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනපතිවරයා සේම සේනාධිනායකයාටය. ඔහු දෙන සියලු නීත්‍යානුකූල නියෝග පිළි ගැනීමට සන්නද්ධ හමුදා බැඳී සිටිති. එම නියෝග නොතකා හැරීම රාජද්‍රෝහී වරදක් යටතේ යුද්ධාධිකරණයේදී නඩු පවරා මරණ දඬුවම දිය හැකි වරදකි. රටේ ව්‍යවස්ථාව යුද, ගුවන්, නාවික හමුදා පනත්වල තිබෙන බලතල නොදන්නා හැඟුම්බර ආවේගශීලී පිරිස් ගෝඨාභයට ගුවන් යානා දුන්නේ කොහොමද ආරක්ෂාව දුන්නේ කොහොමද කියා කීවට එය නොකළ සිටීමට හමුදාවට බැරිය. මක්නිසාද යත් ඔහු නමින් ගෝඨාභය වුවත් තනතුරින් ජනපති වන නිසාය.

    තිස්ස රවීන්දු

    අරුණ පුවත්පත
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    දිලිට් ගේ සුරන්ගනා කතා. තාම ඔයා අවලම් පත්තරේ ට්වී මගුල බලනවද බන්.... ඊයා
     
    • Haha
    Reactions: Brandy2020

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    අන්න එකනේ වැරැද්ද ... එදාම ඔලුකටු හයක් කුඩුකරානම් මුන් දුවනව. පාර්ලිමෙන්තුව වටලන්න ගියාම රනිල් දුන්නේ වෙන්ට කැරලිකරුවන්ට... දුන්නේ අයියෝ අම්මෝ ගැහුවා අයියෝ අම්මො... අනිතිමට මන්දිර ටිකත් දීල යන තරමට වැඩේ වුනා​

    • Love
    Reactions: Kkadmin

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    ශ්‍රි ලංකා ජනාධිපති
    අනුනවයෙන් ගලවා ගත්
    හමුදා මෙහෙයුම!!!

    ILPj6Mu.jpeg

    අරගලකරුවන් ජනපති මැදුරේ ගේට්ටුව කඩනකොටත් ජනපති ඇතුළේ..

    මිරිහානේ සිය පෞද්ගලික නිවසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනපති මැදුරට ආවේ මාර්තු 31 වැනිදාය. ඒ අරගලකරුවන් මිරිහානේ නිවස වටලෑමත් සමගය. සිය බිරිය අයෝමා රාජපක්ෂ සමග ජනපති මන්දිරයට ආ ඔහුගේ ජීවිතය ඉකුත් සති අන්තය වන විට තිබුණේ භයානක අඩියකය.

    එබැවින් රාජ්‍ය බුද්ධි අංශයේ නිර්දේශ සැලකිල්ලට ගත් ජනපති ආරක්ෂක බළසේනාව ජනපතිවරයා ඕනෑම මොහොතක ජනපති මැදුරෙන් ඉවත් කිරීමට කල්තියාම මෙහෙයුම් සැලැස්මක් සකස් කර තිබුණි. ජනපති මන්දිරයේදී එවැනි තර්ජනයට මින් පෙර මුහුණ දී තිබුණේ ජේ.ආර්. ජයවර්ධන පමණි. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ මොහොතේ ඔහුට එල්ල වූ තර්ජනය සැලකිල්ලට ගත් ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඉන්දීය කොමාන්ඩෝ භට කණ්ඩායමකින් සමන්විත නැවක් ජනපති මැදුර සමීපයේ කොළඹ වරායේ නවතා තිබුණි. ඔවුනට දුන් පැවරුම වූයේ ජනපතිවරයාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වුවහොත් ජනපති මැදුරට කඩා පැන ජනපතිවරයා නිරුපද්‍රිතව ඉන්දීය නෞකාවට රැගෙන යාමටය. මේ කතාව ඇත්තේ එකල ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජේ.ආර්. ඩික්සිට් ලියූ කොළඹ භූමිකාව කෘතියේය.

    කෙසේ නමුදු ජේ.ආර්. ට නැව් නගින්නට සිද්ධ නොවුණත් ඉන් වසර 33කට පසු ජනපති මැදුරේ සිටි ගෝඨාභය රාජපක්ෂට ජීවිතය බේරා ගැනීමට නැව් නගින්නට සිද්ධ වූවේය. මින් පෙර කොළඹින් නැව් නැග දිවි ඇති තුරා ලංකාවට නොඑන්නට ගිය ලංකාවේ පාලකයා වූයේ ලංකාවේ අන්තිම රජු ශ්‍රී වික්‍රම රාජසිංහය. ඉන් ශත වර්ෂ දෙකකට පසු ගෝඨාභය රාජපක්ෂටත් නැව් නැග මුහුදට ගොස් එතැනින් ගොඩබිමට පැමිණ ගුවන් නැවෙන් ලංකාවෙන් පිට වූයේය.

    දවල් 12 ට අරගලකරුවන් ජනපති මන්දිරය වටකරන විට ජනපතිවරයා සිටියේ ජනාධිපති මන්දිරය තුළය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න ත්‍රිවිධ හමුදාපතිවරුන්ද එහි රැඳී සිටියහ. ඒ අතරේ කතාවක් පැතිර ගියේ ජනපතිවරයා හමුදා රැකවල් මැද කටුනායක අධිවේගය හරහා ගුවන් තොටුපොළට යන බවය. ඒ කතාව පැතිරී ගියේ අධිවේගයේ කොමන්ඩෝ භට පිරිසක් රැගත් ඩිෆෙන්ඩර් රථ හතර පහක් ගිය නිසාය. නමුත් එම රථ ගුවන්තොටුපොළට ගියේ ආරක්ෂක සමුළුවකට ඉන්දියාවට ගිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද කොළඹ බලා රැගෙන එන්නටය.

    අරගලකරුවන් ජනාධිපති මන්දිරය වැටලූ අවස්ථාව
    මේ අතරේ රයේ අවසන් ගේට්ටුව ළඟට පැමිණීමට පෙර සිටම ජනාධිපතිවරයාව මන්දිරයෙන් ඉවත් කිරීමට ආරක්ෂක ප්‍රධානීහු යෝජනා කළහ.

    ‘‘බලමු එයාලා මොකද කරන්නේ කියලා’’ ජනාධිපතිවරයාගේ උපදෙස විය.

    මේ වනවිටත් ජනාධිපතිවරයා මන්දිරයෙන් ඉවත් කිරීමට ආරක්ෂක ප්‍රධානීහු සැලසුම් දෙකක් ක්‍රියාත්මක කළහ.

    කොළඹ වරායේ නැංගුරම්ලා ඇති ගජබාහු නෞකාවෙන් ජනපතිවරයා ඉවත්කර ගැනීම එක් සැලසුමකි. එම සැලසුම භාරවූයේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නටය. අනෙක් සැලසුම පැවරුණේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණටය. ඔහුට තිබුණේ කොළඹ වරාය තුළට හෙලිකොප්ටරයක් ගොඩ බස්සවා එතැන් සිට ගුවනින් ජනපතිවරයා ඉවත් කර ගැනීමය.

    ඒ සඳහා ගුවන් තොටුපොළේ ස්ථාපිත කර ඇති ප්‍රභූන් ප්‍රවාහනය කරන අංක හතර ප්‍රභූ ආරක්ෂක බළඝනයට අයත් හෙලිකොප්ටර් සූදානම් කෙරිණි. එක් හෙලිකොප්ටරයක් ගුවනේ තබන්නට වූයේ අවසන් දොරටුව ළඟට අරගලකරුවන් ළං වෙද්දීය. ජනපතිවරයා කලින්ම රැගෙන යාමට හමුදාපතිවරුන් හා බුද්ධි ප්‍රධානීන් තීරණය කළත් දහවල් 12.00 පමණ වනතුරුත් එහිම රැඳී සිටියේ ජනපතිවරයාගේ උපදෙස් මතය.

    ‘‘සර් තවත් හිටියොත් කට්ටිය ඇතුළට කඩාගෙන එනවා. සර් හිටියොත් ඒ අයට අනිවාර්යයෙන්ම වෙඩි තියලා හරි නවත්වන්න අපට සිද්ධ වෙනවා යැයි’’ ආරක්ෂක ප්‍රධානීහු අනතුරු හැඟවූහ.

    ‘‘නෑ… කාටවත් වෙඩි තියන්න යන්න එපා. මම යන්න ලෑස්ති වෙන්නම්’’ යැයි ජනපති ගෝඨාභය හමුදා ප්‍රධානීන්නට නියෝග කළේය.

    වරායට හෙලිකොප්ටරය ගොඩබාන්නට යෑමේදී ඒ දෙසට අරගලකරුවන් පැමිණිය හැකි නිසා ඔහු නැවට රැගෙන යාම සැලසුම විය.

    විදේශ කටයුතු අමාත්‍යාංශය පැත්තෙන් කොළඹ වරායට යාමට ඇති ආරක්ෂිත මාර්ගය ඔස්සේ ජනපතිවරයා රැගෙන යාමට තීරණය වන්නේ ඒ අනුවය. ආරක්ෂක නිලධාරීන් සමග ජනපතිවරයා ‘ගජබාහු’ නෞකාව වෙත රැගෙනයන්නේ ආරක්ෂිතවය.

    අරගලකරුවන් ජනපති මන්දිරයට කඩා පනින්නේ ජනපතිවරයා නෞකාවට ඇතුළුවන මොහොතේදීය.

    නාවික හමුදාපතිවරයාද කැටුව නාවික හමුදාවේ නෞකාව දියඹට ඇදුණේ ජනපතිවරයා හා ජනපති බිරියද කැටුවය. ඔවුන් ගමන් කළ නැව වටා ආරක්ෂිත වළල්ලක් ලෙස ඩෝන යාත්‍රා ද ගමන් කළේය. අරගලකරුවන් ජනපතිවරයා සොයා යද්දී සියලු දෙනාට හොර රහසේ ජනපතිවරයා රැගත් නැව ත්‍රිකුණාමල නාවික වරාය දක්වා ගමන් කළාය. ඒ වන විටත් ත්‍රිකුණාමල වරායේ අධි ආරක්ෂිත ස්ථානයක ජනපතිවරයා හා ඔහුගේ බිරියට නවාතැන් ලැබෙන්නේ නාවික හමුදාවේ දැඩි ආරක්ෂක රැකවල් මැදය.

    ජනපතිවරයා ත්‍රිකුණාමලයේ රැඳී සිටින අතරතුර ඔහු කඩිනමින් රටින් පිටට ගෙන යන මෙහෙයුම සැලසුම් කෙරන්නේ මේ අතරය.

    ආරක්ෂක හා බුද්ධි ප්‍රධානීහු ජනපතිවරයා රැගෙන යන සැලසුම් ක්‍රියාත්මක කරන්නට වූයේ රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබඳතාද සමගිනි.

    ත්‍රිකුණාමල නාවික කඳවුර වෙත පසුදින (10දා) ප්‍රභූන් ප්‍රවාහනයට යොදවන හෙලිකොප්ටර් දෙකක් රත්මලානේ සිට ගුවන් ගත විය. හතර වන ප්‍රභූ ආරක්ෂක බළඝනයේ අණදෙන නිලධාරියා යටතේ හෙලිකොප්ටර් යානා ත්‍රිකුණාමලය බලා ගියහ. ජනපතිවරයා ගමන් ගන්නා මොහොතේ එම හෙලිකොප්ටරයේ නියමුවා වන්නේ අණ දෙන නිලධාරියාය.

    ජනාධිපතිවරයා යළි කොළඹට රැගෙන ඒමට තීරණය කරන්නේ අරගලකරුවන්ගෙන් රටම කැළඹී තිබුණ මොහොතකය. එහි වගකීම ආරක්ෂක ප්‍රධානීහු තම කරමතට ගත්තේ සේනාවිධායක ලෙස ජනපති ආරක්ෂාව ඔවුනට පැවරුණ නිසාය.

    ජූලි 11දා ජනපතිවරයාත්, ඔහුගේ බිරියත් සමග ප්‍රභූ ප්‍රවාහන බළඝනයේ හෙලිකොප්ටර් යානා දෙක රත්මලාන ගුවන් හමුදා කඳවුර බලා පැමිණියේ දහවල් 1.00ට පමණය. නාවික හමුදාපතිවරයාත් ජනපතිවරයා සමග හෙලිකොප්ටරයේ ත්‍රිකුණාමලයේ සිට පැමිණියේය.

    මේ වන විට රත්මලාන ගුවන් කඳවුරට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදාපති, යුද හමුදාපතිද පැමිණ සිටියහ. ජනපතිවරයා රත්මලාන ගුවන් කඳවුරේදී ආරක්ෂක ප්‍රධානීන් සමග ඉදිරි පියවර ගැන සාකච්ඡාවක නිරත වූයේය. ඒ අතරේ ජනපති බිරිය අයෝමා රාජපක්ෂ ආරක්ෂිතව මෝටර් රථවල නංවාගෙන මිරිහානේ පුද්ගලික නිවස වෙත රැගෙන ආවාය. ජනපති බිරිය මිරිහාන නිවසට එන්නේ රටින් පිටව යාමට පෙර තමන්ගේ වටිනා කියන ලියකියවිලි ඇතුළු අත්‍යවශ්‍ය දේ රැගෙන යන්නටය. මිරිහාන නිවසේ යතුර තිබුණේද ඇය සතුවය.

    පැය දෙකක් ඇතුළත මිරිහාන නිවසේ අවශ්‍ය දේ රැගෙන ඇයව නිරුපද්‍රිතව රත්මාලන කඳවුරට ගෙන ඒමට ප්‍රභූ ආරක්ෂකයෝ සමත්වූහ.

    රත්මලානේ සිට ජනපතිවරයා හා බිරිය යළිත් ආරක්ෂිත ස්ථාන දෙකකට රැගෙන ගොස් රැකවරණය දීම එතැන් සිට පැවරෙන්නේ ගුවන් හමුදාපතිටය.

    කටුනායක ගුවන් හමුදා කඳවුරේ හමුදාපති නිල නිවාසය ඇතුළු ආරක්ෂිත ස්ථාන දෙකක් ජනපතිට වෙන් කෙරුණේය.

    රට පුරාම ජනාධිපතිවරයාට ඉවත්වනලෙස විරෝධතා පැවැත්වුණද රටින් පිටව යනතුරු ඔහු ඉවත් නොවීමට වගබලාගත්තේ ජනාධිපති මුක්තිය යටතේ වරප්‍රසාද ඉවත්වුණු පසුව නොලැබෙන බැවිනි. ජනාධිපති මුක්තිය නොමැතිව ජනපතිවරයා පිටවගියොත් ජීවිතයට අනතුරක් වන බවද බුද්ධි ප්‍රධානීහු දිගින් දිගම අනතුරු ඇඟවූහ.

    ජනපතිවරයාට ඇමරිකා වීසා ප්‍රතික්ෂේප වෙද්දී තවත් රටවල් සමග සාකච්ඡා කර වාණිජ ගුවන් යානා මගින් කුලියට ලබා ගන්නා ගුවන් යානයකින් රැගෙන යාමට ඇති හැකියාවද සොයා බැලුවේය. මේ සඳහා බටහිර රටවල් ඇතුළු රටවල් ගණනාවකින් අවසරයක් නොවීය. ඉන්දියාවට ගෙන ගොස් ජනපතිවරයා ආරක්ෂිතව සිංගප්පූරුවට රැගෙන යාමට ගත් උත්සාහයද ව්‍යර්ථවිය. ශ්‍රී ලන්කන් ගුවන් යානාවලින් රැගෙන යාම අනතුරුදායක බව ආරක්ෂක ප්‍රධානීහු පෙන්වා දුන්හ. නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ජනාධිපතිවරයා රැගෙන යාමට නොහැකි බව පෙන්වා දීම ඊට හේතුවය. වෘත්තිය සමිති මේ වන විටත් දැඩි විරෝධයක නිරතවූහ.

    ජූලි 12 දා දහවල් වනවිට ගොඩ බිමේ මාර්ග ඔස්සේ ආරක්ෂිත උපාය මාර්ග යොදමින් ජනපතිවරයා බත්තරමුල්ලේ හමුදා මූලස්ථානයට රැගෙන ආවේය. එදින දහවල් හමුදා මූලස්ථානය ජනපතිවරයාගේ ආරක්ෂිත ස්ථානය විය. හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් සමග ආරක්ෂක මණ්ඩලය රැස් කළ සාකච්ඡා කළ ජනපතිවරයා ඉදිරි ක්‍රියාමාර්ග ගැන කතානායකවරයා සමගද සාකච්ඡා කළේය. අගමැති රනිල් වික්‍රමසිංහද හමුදා මූලස්ථානය තුළ රැඳී සිට ජනපතිවරයා සමග සාකච්ඡාවට එක්විය.

    Mahinda Rajapaksa: බත්තරමුල්ල ආරක්ෂක හමුදා මූලස්ථානය හැදුවේ ගෝඨාභය බව සිරස ටීවී වීඩියෝවකින් හෙළි කරයි.
    බත්තරමුල්ලේ හමුදා මූලස්ථානය
    ජනපතිවරයා විදෙස් රටකට ගිය පසුව ඉල්ලා අස්වීමේ ලිපියදීම අවසන් තීරණය විය.
    කුලියට ගත් ගුවන් යානා හා වාණිජ ගුවන් යානාවලින් ජනපතිවරයාට පිටවීමේදී ඇති තර්ජනය සැලකිල්ලට ගෙන ගුවන් හමුදාවේ යානයකින් විදෙස් ගතවීම අවසන් සැලසුම විය.

    ගුවන් හමුදාව සතුව තිබූ ඇන්ටනොව් 32 ගුවන් යානාවකින් ජනපතිවරයා රැගෙන යාම අවසන් සැලසුමට ගුවන් හමුදාව සතුව ක්‍රියාකාරී තත්ත්වයේ තිබූ ඇන්ටනොව් ගුවන් යානා තුනම රුසියානු යුක්රේන ගැටුම් ඇරඹීමට පෙර යුක්රේනයට ගොස් අලුත්වැඩියා කරගෙන ආ යානාවන් විය.

    ඇන්ටනොව් 32 ගුවන් යානාව

    විදෙස් රටවලට යාමට ගත් උත්සාහය ව්‍යර්ථ වෙද්දී ජනපති ගෝඨාභය රාජපක්ෂ හමුදා මූලස්ථානයේ රැඳී සිටියදීම, මාලදිවයින් ජනපතිවරයා ඇමතුවේය. ගුවන් හමුදා යානයකින් මාලදිවයිනට යෑමට සහාය පැතුවේය. මාලදිවයිනේ ජනපතිවරයාගේ අනුමැතිය ලබා ගත් පසු ගමනට සියල්ල සැලසුම් විය.
    teleprompter-prompter.gif
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හුත්තෝ 2/3 බලයක් ගත්තා එකා ජනතාවගෙන් මුදවා ගන්න වුනා කියන්නේ ඉතින් ඕවා යට ගහන්න ඕනේ කතා. හතර විලි ලෑජ්ජාවයි.. මුන් ඒවා පත්තරෙත් ලියනවා.. හොද වෙලාවට සින්හල පත්තරේ නේ.. :lol: :lol: :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක

    අන්න එකනේ වැරැද්ද ... එදාම ඔලුකටු හයක් කුඩුකරානම් මුන් දුවනව. පාර්ලිමෙන්තුව වටලන්න ගියාම රනිල් දුන්නේ වෙන්ට කැරලිකරුවන්ට... දුන්නේ අයියෝ අම්මෝ ගැහුවා අයියෝ අම්මො... අනිතිමට මන්දිර ටිකත් දීල යන තරමට වැඩේ වුන

    හරි හරි රනිල් තමා වැඩ්ඩා කියල අපි කලින් පිළිගත්තනේ. මහබැංකුව බැඳුම්කර වංචාව වගේ පොඩි දෙයක් දැනගෙන හිටියෙ නැති උනාට පොර තමා වැඩ්ඩා. 💪
     
    • Haha
    Reactions: malakadss

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    බය ගුල්ල පැනල ගිය හැටි නේද......?? මිනිස්සු අයින් වෙන්න කියද්දි, මුලදිම නම්බු පිටින් අයින් උනා නම්...... ආයෙ කාලෙක මේ ගොන් රැලව අන්දගෙන ජනාධිපතිකම් කරන්නත් තිබ්බ.....!!

    ------ Post added on Jul 16, 2022 at 6:59 PM
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හරි හරි රනිල් තමා වැඩ්ඩා කියල අපි කලින් පිළිගත්තනේ. මහබැංකුව බැඳුම්කර වංචාව වගේ පොඩි දෙයක් දැනගෙන හිටියෙ නැති උනාට පොර තමා වැඩ්ඩා. 💪
    ඔවු ඔවු වෑඩ්ඩා.. ජාත්‍යන්තර බෑදුම්කර වලින් තමා රට දුවලා තියෙන්නේ ඒ දවස් වල. ගෝඨා ගත්තෙත් නෑ ඌ තරම් ණය 🤭 🤭 🤭
     
    • Love
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,634
    72,846
    113
    මාලඹේ
    මුල ඉදලම එළියට බහින කොට කුඩු වෙන්න වෙඩි තබ්බා නම් එකෙක් එළියට බහින්නේ නැහැ.
    කෙලින් තීරණයක් ගත්තේ නැහැ
     
    • Like
    Reactions: barath dpriye