Questions කටුපිල තියෙන්නෙ කොහෙද ?

Nick Fury

Active member
  • Jun 1, 2021
    131
    124
    43
    යාලුවෙක්ගෙ cancer එකකට කටුපිල කැද බොන්න ඕනලු. කොහොමද හොයා ගන්නෙ?
     
    • Like
    Reactions: SLKolla2020

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මචන් ඒකාලේ කටුපිල කැඳ හදලා තියෙන්නෙ විශේෂ හාලකින් දැන් ඒක හොයාගන්න අමාරු නිසා ගොඩක් වෙද්දු කියන්නෙ හීනටි හාලෙන් කටුපිල කොළ සහ දළු ඉස්ම කැඳ හදල දෙන්න කියලා ,පොල්කිරි දාන්නේ වෙදා කියන විදිහට
    බ්ලෙන්ඩ් කරන්නත් එපා කියලා කියන්නෙ .ලී වංගෙඩියක කොටලා මැටි මුට්ටියක හදන්නෙ හැදිගාන්නෙත් පොල්කටු හැන්දෙන්.
    ලුනු සහ කිතුල් හකුරු ලාවට දාන්න අවශ්‍යමනන් විතරක්
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචන් ඒකාලේ කටුපිල කැඳ හදලා තියෙන්නෙ විශේෂ හාලකින් දැන් ඒක හොයාගන්න අමාරු නිසා
    අමාරු නෑ, තියෙනවා , බේතට විතරයි දෙන්නේ.
    ගොඩක් වෙද්දු කියන්නෙ හීනටි හාලෙන් කටුපිල කොළ සහ දළු ඉස්ම කැඳ හදල දෙන්න කියලා ,පොල්කිරි දාන්නේ වෙදා කියන විදිහට
    බ්ලෙන්ඩ් කරන්නත් එපා කියලා කියන්නෙ .ලී වංගෙඩියක කොටලා මැටි මුට්ටියක හදන්නෙ හැදිගාන්නෙත් පොල්කටු හැන්දෙන්.
    හරියට හරි
    ලුනු සහ කිතුල් හකුරු ලාවට දාන්න අවශ්‍යමනන් විතරක්
    ලුණු දාන්නෙ නෑ. 100% කිතුල් හකුරු දාන්න ඕන, කළවම් ඒව බෑ.

    තව වෙද මහත්තයාට ආවේණික දේවල් කීපයකුත් වැටෙන්න ඕන.