කට කථා -

sudunone

Member
May 23, 2009
3,781
121
0
Yako KOhomada eka Hela urumayen balaporottu venna......... chandeta enna kalin kiyapu boru valata mamat ravatila mage 1st chande dunnet hela urumeta ko un monavada kale.......... hamuduruvo kiyala kiyannat lajjai kiyapu boru valata...........

පරිසර ඇමති ලෙස පොලිතින් භාවිතය අඩු කිරීමට පියවර ගත්තා- කවුද විරුද්ධ වුණේ? මිනිස්සුමයි.
ත්‍රිරෝද රථවල පාලනයක් ඇති කිරීමට පියවර ගත්තා- මොකද වුණේ? ත්‍රිරෝද කාරයො මහා අසාධාරනයක් වුණා වගේ කෑ ගහන්න ගත්තා.
කාබන් ප්‍රොජෙක්ට් වලටනම් තාම මුකුත් බලපෑමක් වෙලා නෑ වගේ.

හෙළ උරුමය පැත්තකින් තියමුකො.

යූඑන්පිය සහ ශ්‍රීලංකා පක්ෂ දෙක ගත්තහම, යූඑන්පිය පැහැදිලිවම බටහිර ගැති පක්ෂයක්. සමහරවිට රනිල් නායකත්වයෙන් ඉවත් වෙලා වෙන කෙනෙක් පත් වුණොත් තත්ත්වය වෙනස් වෙයි. නමුත් දැනට එහෙමයි.

සරත් ෆොන්සේකා මහතා විධායක ජනාධිපතිකම අහෝසි කළාම, විධායක අගමැති වෙන්න බලාගෙන ඉන්නෙ රනිල්. රනිල් සේවය කරන්නේ කාටද?

සරත් ෆොන්සේකා මහතාට ගෝඨාභය රාජපක්ෂ සමග පෞද්ගලික තරහක් තිබුණු පලියට, ඔහුට මඩ ගැසීම සඳහා යොදාගත් කරුණු කාරණා, රටක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට හා ස්වෛරීත්වයට හානිකරයි. සන්ඩේ ලීඩර් පුවත නිවැරදි කරමින් පවා ඒ මහතා ප්‍රකාශ කරන්නේ, හමුදාව එවැනි දෙයක් කළේ නැත, නමුත් ගෝඨාභය එවැනි උපදෙස් දුන්නය කියල. ඉහළින් උපදෙස් දුන්නම හමුදාව වැනි ඉහළ නිලයේ අණට කීකරු වන සංස්ථාවක් එහෙම නොකළ බව කවුරුත් පිළි ගන්නේ නෑ.
අනික මේ දේ තමුන්ට කවුරුන්දෝ කිව්ව කරුණක්. හමුදාවේම නිලධරයෙක් කිව්වනම්, උදාහරණයක් විදිහට ශවේන්ද්‍ර සිල්වා ෆොන්සේකාට කිව්වනම් මට මෙහෙම කෝල් එකක් ආව කියල, ඒක විශ්වාසදායී පුවතක්. මාධ්‍යවේදීන් කියන දේවල්, (ඔවුන්ටත් කෙළින්ම ලැබුණු පුවතක් නොවෙයි), ඇත්ත වගේ ප්‍රකාශ කරන්න පුලුවන්ද වග කිව යුතු හමුදා නිලධාරියකුට?
දැං කියනව තවත් කතාවක්: ෆෙඩ්‍රිකා ජෑන්ස් මහත්මිය පැමිණ තමා ඉදිරියේ ඇඬුවය, තමුන්ගෙ හිත උණු වුණාය කියල. එතකොට, මේ කතාව නිසා මවුබිමට වෙන පාඩුවට වඩා වංචාකාර ගැහැණියකගෙ කඳුලුවලට තමා යටත් වෙනවය කියලද කියන්නෙ?
අද්මිරාල් කරන්නාගොඩට කළ අපහාසය. වග කිව යුතු නිලයක් දැරූ, ගෞරවනීය යුද වීරයකුට ප්‍රසිද්ධියේ අවමන් කළේ තමුන්ට දේශපාලන වාසි ලබා ගැනීම සඳහායි.

සරත් ෆොන්සේකා මහතා රණ විරුවෙක්. යුද්ධය ජයග්‍රහනය කිරීම සඳහා ඔහුගේ දායකත්වය අවතක්සේරුවට ලක් කරන්න බැහැ. නමුත් දේශපාලනයට පැමිණි පසු එතුමා කර ඇත්තේ රට විපතේ හෙළීමක්.

යූඑන්පී ආණ්ඩු හෝ චන්ද්‍රිකාගෙ ආණ්ඩුවට යුද්ධය අවසන් කිරීමේ උවමනාවක් තිබුණේ නැහැ. යුද්ධයෙන් දිනා ගැනීමට බැරි වුණු දේවල් දිනා ගැනීම සඳහා බටහිර රටවල්, ක්‍රිස්තියානි අන්තවාදීන් සහ ද්‍රවිඩ අන්තවාදීන් යූඑන්පියත්, සරත් ෆොන්සේකා මහතාවත් පාවිච්චි කරනවා. සරත් දිනුවොත් වෙන්නෙ ඒකයි.