කට කපනවා - මර්වින්

ekrox

Member
Sep 11, 2009
577
22
0
කට කපනවා - මර්වින්

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 15 වනදා පැවති කැබිනට් රැස්වීමට සහභාගී වීම සඳහා අමාත්‍යවරුන් රැසක් පැමිණ සිටි අතර එක් අමාත්‍යවරයෙක් ඊට නුසුදුසු ඇඳුමකින් සැරසී පැමිණ සිටියා. ඒ මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වායි. මර්වින් මෙම රැස්වීමට සහභාගී වී සිටියේ අත්කොට බතික් කමිසයකින් සැරසී ගෙනයි.


සුදුසු ඇඳුමකින් සැරසී ඒමට නොහැකි නම් පිටත්ව යන ලෙසත් සුදුසු ඇඳුමකින් සැරසී නැවත රැස්වීමට පැමිණෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඔහුට අවවාද කොට ඇත.


පාර්ලිමේන්තු රැස්වීම්වලට සුදුසු ඇඳුමකින් පැමිණීමේ අවශ්‍යතාවය මින් ඉහත අවස්ථාවලදීත් මතක් කරනු ලබුවේ පියසේන ගමගේ වැනි ඇමතිවරුන්ටයි.

මෙ අතර
මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා සිය අමාත්‍යධුරයේ ඊයේ නිල වශයෙන් තම ධූරයේ වැඩ බාරගත්තේය.එහිදී ඔහු පවසා සිටියේ තමාගේ ඇදුම හරි නැතැයි ජනාධිපතිතුමා විසින් කැබිනට් රැස්වීමෙන් ඉවත් කල කතාව බොරුවක් බවත්. එම කතාව කැබිනට් එකේ කව්රුන් හෝ ලබාදුන්නේ නම් , ඔහු තමාට අහුවුනොත් දැලි පිහියෙන් කට කපන බවද පැවසීය

එයට අදාල වීඩියෝව