ඔබ ඔබේ අත්දැකීම් සමග කථා කලා.... මම මගේ අත්දැකීම් සමග කථා කලා..
ඔබත් මමත් දෙදෙනෙක්. ඔබ කාන්තාවන් සමග ගණු දෙනු කල ආකාරය අනුව ඔබට එය ලැබෙන්න ඇති... නමුත් මම කාන්තාවන් සමග ගණු දෙනු කල ආකාරය අනුව මට දෙයක් ලැබුනා... මට එය සුපිරියි...
ඒක නිසා තමයි මම පිළිතුර අරඹද්දිම සුපිරියි කියලා ආරම්භ කලේ...
ඔබ අමාරුවෙන් විශ්ව විද්‍යාලයට ප්‍රවේශ වී එහිදී කෙල්ලෙක් නිසා තමන්ගේ අධ්‍යාපන ජීවිතය නැති කරගත්තා කියන්නේ එක අතකට මහ මෝඩ කමක්.... ගෑණූන්ගේ 64 මායම් වලට අහු නොවෙන්න පිරිමි අපිට මායම් 04 ක් දීලා තියනවා.. එකෙනුත් ඔය 64 මායම් ඔක්කොටම අහු නොවෙන්න 02 ක් තමා යොදා ගන්න ඔිනේ. මාත් පොර ටෝක් දුන්නට තරුණ උෂ්ණෙ ඔළුවට ගහලා තිබ්බ කාලේ ඔය වගේම කාන්තාවන් නිසා මරි මෝඩ වැඩ අනන්තවත් කරලා තියනවා.. කාලයත් එකක ජීවිතේ ඉදිරියට එනකොට... කාලය විසින් පිරිමි අපිට අනන්‍ය මායම් 04 ගැන හොද අවබෝධයක් එනවා... ඔබටත් ජීවිතේ එක පාරක් වැරදුනා... පාඩම් ඉගෙනගත්තා ඔබත් මම වගේම කාලයෙන් පාඩම් ඉගෙන ගනීවි...
ඔබට උන ඒ අමිහිරි සිදුවීම නිසා ජීවිතය තවත් රිවස් ගියර් එකට දාගන්න එපා.... තවද එක් කාන්තාවක් ඔබට එලෙස කලා කියලා මුළු කාන්තාවන් සියළුම දෙනා සමග වෛර බැදගන්නත් එපා.... ඔබගේ වචන වලින් සියළුම කාන්තාවන් කෙරෙහි වෛරී අදහසකින් සිටින බවට පිටින් බලන කෙනෙකුට අදහසක් එනවා. ඔබ දස මසක් කුස දරා ගෙන ආදරෙන් ඇති දැඩි කලේ ගෙදර බුදුන් අම්මා කියන කාන්තාව යන වග සැම විටම සිහි තබා ගන්න...
අපේ පැරැණ්නන් විසින් නියම පිරිමියෙකු වීමට නම්.... ඔහු කෙතක් අස්වද්දා, ගසක් වවා, දරුවෙක් දායාද කරලා, පොතක් ලියන්න කියලා කිව්වේ මහා විශාල අර්ථයක් ඇතිව.....
අද අපි අතරේ ඔය සියළුම දේ සම්පූර්ණ කරපු පිරීමි ඉන්නේ කී දෙනාද?
ඔව් ඔබ කියන දේ හරී.. මම speical එක නැති කර ගත්තට ඉන් පසුව Msc සහ MPhil එකත් chemistry වලින් රාජ්‍ය විශ්ව විද්‍යාලයකම අරගෙන දැනට විශ්ව විද්‍යාලයක රසායන විද්‍යා ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරනව. එසේම මෙම අවුරුද්දේ හෝ එළඹෙන අවුරුද්දේදී PhD එක සඳහා මම රට යෑමටත් බලාපොරොත්තු වෙනව.
මම එසේ පාඩු කරගත්තේ මගේ special එක පමණයි එක නරක ගැහැනියක් නිසා ජීවිතයක නාස්ති කරගන්න තරම් මෝඩයෙක් නෙමේ.
එසේම දැනට සෞඛ්‍ය සම්පන්න relationship එකක් තියෙනවා . එබැවින් මට අර පෙර ගැහැනිය නිසා ගැහැණු ප්‍රජාවම එපා වී හෝ ඔවුන් ගැන කිසිදු වෛරයක් නැහැ.
නමුත් මම බොහෝවිට දැකලා තියෙන දෙයක් තමයි උපන් ලපය මුඛය ආසන්නයේ තියෙන ගොඩක් ගැහැනුන් ගොඩක් කාමුකයි එබැවිනි ඔවුන් අපේක්ෂා කරනවා තවත් සම්බන්ධතා පැවැත්වීමට. ඔබ වාසනාවන්තයෙක් උනාට මම දන්නා බහුතරයක් අවාසනාවන්ත විදිහට relationship අවසන් කර ගෙන තියෙනවා ඔය කියන ගැහැනුන් සමග එබැවින් මම කෙටියෙන් එවෙලේ පැවසුවේ මගේ අත්දැකීම.
හැමවිටම එය සත්‍යය නොවූවත් ොහෝ විට සත්‍යයක් වී ඇති බවයි මගේ අත්දැකීම් අනුව මම දැක තිබෙන්නේ එබැවින් එබඳු යුවතියකට පෙම් කිරීමේදී මදක් පරිස්සමෙන් කළ යුතු බවයි මම පැවසුවේ.
ඔබගේ යුවතියට ඔබ ආදරේ නිසා ඔබගේ හිත් රිදීමක් සිදු වූවා නම් සමාවන්න. මම එවෙලෙ පැවැසුවේ මට පරණ මතකයන් සමග ආපු ආවේගයන් සමගයි. මම ඇය සමග ද වෛරයක් නැත මට ඇයගේ පවුල් ජීවිතය හෝ ඉදිරි සම්බන්ධතා සියල්ල විනාශ කිරීමට සඳහා දේවල් මං ගාව ඇත. නමුත් ඒ සියල්ල මම ඇයගේ ක්‍රියාකලාපය දන්නවා නිසා., මම මගේ පරිස්සමට තියාගෙන ඉන්නවා මිස කිසිඳු විදිහකින් ඇයට හානියක් කරන්න යොදා ගත්තේ නෑ. සහ යොදා ගන්නෙත් නෑ.
ඇය මාව අත්හැර දමා මගෙම යාලුවෙක් සමග හෝ ව යෑම මම කියන්නේ මට උන හොඳ දෙයක්. කසාද බැඳලා මාව දාලා ගියා නං වෙන්න ප්‍රශ්නෙට වඩා මෙහෙම ගිය එක හොඳයි.
නමුත් ඒ මතකයන් හරී අඳුරුයි හරිම වේදනා සහගත්යි.