කඩදාසි ණය අාධාරත් ඉන්දියාවෙන්...

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,525
    16,304
    113

    අධ්‍යාපන අමාත්‍යාංශය සදහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය ඉන්දීය ණය ආධාර යටතේ ලබාදීමට සුදානම්​



    ඉන්දීය ණය ආධාර යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය සදහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය හිගයකින් තොරව ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ පිළිබද ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත දැනුම් දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සදහන් කළේ.

    ඒ අනුව, පෙළ පොත් මුද්‍රණ ඇතුළු සියළු කටයුතු සදහා මෙලෙස ලිපි ද්‍රව්‍ය ලබා දීමට නියමිතයි.

    පවතින කඩදාසි හිගය හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල්වල 9,10,11 ශ්‍රේණිවල වාර විභාග කල් දැමීමටයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉකුත්දා තීරණය කළේ.

    ඒ, ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි හා අනෙකුත් අමු ද්‍රව්‍ය හිග වීම හේතුවෙන්. කෙසේවෙතත් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් අද ප්‍රකාශ කළේ එම ශ්‍රේණිවල වාර විභාග ප්‍රමාදයකින් තොරව ලබන 29වනදා සිට පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඇති බවයි.

    සබරගමුව පළාතේ ද ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි නොමැති වීම හේතුවෙන් ගැටළුවක් මතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විභාග පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා නෙත් නිවුස් වෙත සදහන් කළේ.

    කෙසේවෙතත් 6,7,8 ශ්‍රේණිවලට අදාළ වාර විභාග හෙට සිට පැවැත්වෙනවා.

    http://nethnews.lk/article/93898
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,595
    125,022
    113
    දෙහිවල
    AX02FvT.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,587
    113
    Colombo
    @erozan ගේ කඩදාසි කම්හල වහලද බං🤔

    ඕකෙ හැදුවත් රටටම දෙන්න ප්‍රොඩක්ශන් එක මදි බන්.හයිලන්ඩ් එක වගේ.

    @erozan ගේ කඩදාසි කම්හල වහලද බං🤔

    ------ Post added on Mar 20, 2022 at 5:19 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,692
    1
    51,503
    113
    ප*යාගල
    sorry.com
    මුන් ඔක්කොම දීල අන්තිමේ දී චීනයි ඉන්දියන් කාරයොයි මරාගනී මේක මුතු ඇටේ බෙදාගන්න