කඩල කොත්තු...

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කඩල කොත්තු

    හැබැයි කඩල ටික හොඳට තැම්බෙන්න ඕන. නැත්නම් වැඩේ සවුත්තු වෙනව.

    කොහොම හරි හොඳට තැම්බිච්ච කඩල ටික බටර් ටිකක් එක්ක පෑන් එකක ළාවට ෆ්‍රයි කරගන්න ඕන. හරියට, ෆ්‍රයි වුණා නොවුණා ගානට. ඒ අතරට ලූනු, අමු මිරිස්, කැරට්, ලීක්ස් ටිකකුත් හීනියට ලියල තියාගන්න. කඩල ටික සුවඳ ගහගෙන එද්දි තාච්චියකට තෙල් ටිකක් දාලා, ඒකටත් බිත්තරයක් කැරලි වෙන්න දාලා මිරිස්, ගම්මිරිස් ලුණු පදමත් එක්ක එළවළු ටික එකතු කරලා පොඩ්ඩ මැලවෙද්දි කඩල ටික දාලා කලවම් කරල ගන්නයි තියෙන්නෙ. හැබැයි මතක තියාගන්න මේකෙදි සෝයා සෝස්, නැත්නම් ඔය කොත්තුවලට දාන මොනව හරි සෝස් වර්ගයක් එකතු කරන්න පුළුවන් නම් තවත් හොඳයි.


    yimg_Gxme3h-640x427.jpg




    මම නම් අරන් තියෙන්නේ අකුරැස්ස හන්දියේ බයිට් කඩයෙන් .... එක ප්‍රසිද්ද කඩයක් ...... බොන්න තමා ගත්තේ ;)
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මම නම් අරන් තියෙන්නේ අකුරැස්ස හන්දියේ බයිට් කඩයෙන් .... එක ප්‍රසිද්ද කඩයක් ...... බොන්න තමා ගත්තේ ;)

    යකූ උඹ අකුරුස්සෙද...:shocked:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    කඩල ඩෙවල් එකටද කොත්තු කියන්නෙ:confused: හැබැයි බිත්තර දාන්නෙ නෑ ඩෙවල් එකට, කොත්තුවට දානවනෙ:rofl: