කඩවත්ගම පියරතන හිමියන්

siripala

Member
Oct 10, 2006
2,869
442
0
කඩවත්ගම පියරතන හිමියන්

හඬපටය​ මෙතනින් අහන්න

පොතකින් පිටුවක්

කඩවත්ගම පියරතන හිමියන්

ඉන්දීය කාන්තා ක්‍රියාධාරිනී කම්ලා භසීන් ලේඛිකාවගේ What is Patriarchy සිංහල පරිවර්තනය සමගින් රාජකීය පණ්ඩිත කඩවත්ගම පියරතන හිමියෝ.


130311172610_what_is_patriarchy_226x283_genderbasics_nocredit.jpg


අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ අධිපති ආචාර්ය කඩවත්ගම පියරතන හිමියන් රාජකීය පණ්ඩිත උපාධිය හිමිකොට ගත්තේ කැළණියේ විද්‍යාලංකාර පිරිවෙනින්. විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය දිනු උන්වහන්සේ දර්ශනපති උපාධිය සඳහා ගවේෂණය කළේ ත්‍රිපිටක සාහිත්‍යයේ සඳහන් වන නීවරණ පිළිබඳව. අධි ශිෂ්‍යත්වයක් දිනා චීනයට වැඩි පියරතන හිමියන් සිය ආචාර්ය උපාධිය ලේඛන ගත කළේ චීන බසින්. මැදවච්චිය ඉසින් බැස්සගල රජමහා විහාරාධිපති ධුරයද හොබවන ආචාර්ය පියරතන හිමියන් අප හා එක්වන්නේ පිතෘ මුලික සමාජය විදාරණය කරමින් කම්ලා භසීන් ලියු What is Patriarchy සිංහල පරිවර්තනය.

කම්ලා භසීන්

දශක තුනහමාරකට වැඩි කලක් සමාජ ක්‍රියාකාරිත්වයේ මුල් තැන් ගත් කම්ලා භසීන්, ජයිපුරයේ මහරානි සරසවියෙන් හා රාජස්තාන් සරසවියෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමවා බටහිර ජර්මනිය බලා ගියේ මන්ස්ටර් සරසවියේ සමාජ විද්‍යාව හැදෑරීමට. සමාජයෙන් කොන්වූ ආසියාකරයේ කාන්තාවන් නගා සිටුවීම කේන්ද්‍ර කොටගත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ව්‍යාපෘති වල විසිපස් වසරකට වැඩි කලක් මෙහෙවරේ යෙදුනු කම්ලා, සන්ගත් (SANGAT) නම් සමාජ සංවිධානයේ ක්‍රියාධාරිනියක්. කාන්තාවන් හා දරුවන් වෙනුවෙන් වන පොත්, ලිපි හා ගී ගණනාවක සම්පාදිකා කම්ලා භසීන් ලියු පිතෘ මුලිකත්වය යනු කුමක්ද? කියවන රාජකීය පණ්ඩිත කඩවත්ගම පියරතන හිමියන් ස්වකීය ආචාර්ය උපාධි නිබන්ධනය සඳහා කළේ මහායාන හා හීනයාන බෞද්ධ සම්ප්‍රදායේ එන මහා පරිනිබ්බාන සුත්‍ර දෙක පිලිබඳ තුලනාත්මක අධ්‍යයනයක්.

හඬපටය​ මෙතනින් අහන්න
 
Last edited: