~ කඩවුණු පොරොන්දු නොහොත් Broken Promises ~
අපි වැඩිදෙනෙක් ගේ ජීවිත වැහිලා තියෙන්නේ කඩවුණු පොරොන්දුවලින් නොහොත් Broken Promises වලින්. පොඩ්ඩක් ජීවිතේ ආපස්සට හැරිලා ජීවිතේ හැම දුක්බර මොහොතක් ගැනම හිතුවොත් ඒ හැම එකටම හේතුව වෙලා තියෙන්නේ පොරොන්දුවක් එහෙමත් නැත්තම් බලාපොරොත්තුවක් බිඳී යාම නිසාමයි.අපි බලාපොරොත්තු ඇති කරගන්නේ පොරොන්දු මතයි.
ජීවිතේ වැඩිපුරම අසතුටු උන මොහොතක් ගැන හිතුවොත් ඒකට මුල් උන කාරනය වෙන්නත් පොරොන්දුවක් කඩවීම නෙමේද ?
පොරොන්දු අපේ ජීවිතේට මොනතරම් සමීපද ? ඒත් අපේ ජීවිතේ කවුරුම හරි අපිට දුන්න පොරොන්දු සහ අපි කවුරුම හරි කෙනෙක් වෙනුවෙන් දුන්න පොරොන්දුවක් ඉටු කරලා තියෙන්නේ කීයෙන් කීයද ?
අපි කුඩා කාලයේදී අපේ දෙමාපියන් අපිට මොනතරමක් පොරොන්දු දෙනවද ?ඒවායින් කීයක් ඉටුවෙලා තියෙනවද ? සමහර පොරොන්දු ඉටුවෙලා තිබුනත් ඒවා පොරොන්දු වූ ආකාරයේ පොරොන්දුමද ? කොහෙත්ම නෑ. සමහරවිට ඒවා වෙනත්ම පොරොන්දු වෙන්න පුළුවන්. නැත්තම් ඒ සමානව ලගින් යන පොරොන්දුවක් වෙන්න පුළුවන්….
අපිට තේරෙන වයස එළබෙද්දී අපි අනිත් අයට යම් යම් දේ වෙනුවෙන් පොරොන්දූ දෙනවා. යාළුවන්ට, දෙමාපියන්ට , එහෙමත් නැත්තම් තමන්ට කිට්ටුම කෙනෙක්ට…මොකක්හෝ හේතුවක් මත ඒ පොරොන්දුවක් ඉටුකරන්න බැරි උනොත් අපි ඒ පොරොන්දු දුන්න අය අපි ගැන කළකිරීමක් ඇති කරගන්නේ නැද්ද ? සමහර වෙලාවට අපි අනිත් අය වෙනුවෙන් දුන්න පොරොන්දුවක් ඉටු කරන එක අපිට මහත් වේදනාවක් කළකිරීමක් වෙන්න පුළුවන් අවස්ථා එමටයි. එවැනි පොරොන්දුවක් ඉටු කලත් හිතේ ඇති වූ පසුතැවිල්ල මොනතරම්ද ? තව පැත්තකින් හිතුවොත් ඒ පොරොන්දුව ඉටු කිරීම මොනතරම් වේදනාවක් උනත් එය ඉටු කරන්න බැරි උනොත් ඒ ගැන හිතා අපි පසුතැවිලි නොවෙයිද ?
අපිට පොරොන්දුවක් දෙන කෙනෙක් දිහා අපි හුගාක් වෙලාවට බලන්නේ සැකයෙන් වගේම බයෙන්. අපිට දුන්න පොරොන්දුව ඉටු කරයිදෝ…නොකරයිදෝ….අපි හැම වෙලාවෙම සැකයෙන්…..
ජීවිතේ වැදගත්ම පොරොන්දුව මොකද්ද ?
ඒ ආදර පොරොන්දු නොහොත් Love Promises…..
අපේ ආදරය වෙනුවෙන් අපි දෙන පොරොන්දු සහ අපි ගන්න පොරොන්දු මත බැඳීම් සහ සතුට රදා පවතින්නේ නැතිද ? ආදර පොරොන්දු ඉටු වීම මත පොරොන්දු දුන්න කෙනාගේ සහ පොරොන්දු ගත්ත කෙනාගේ සතුට සදාකාලයට නොපවතීද ?
කඩවුණු පොරොන්දු වලින් බැඳීම් නැතිවන අතරම එක දිගටම නැවත නැවත පොරොන්දු කඩවීම් තුලින් විශ්වාසයද නැතිව යයි. නමුත් ඉටු කල පොරොන්දු තුලින් බැඳීම් සහ විශ්වාසය දෙකම රැකගන්නට හැකියි.
විවාහයක් තුල පොරොන්දු කඩවීම් තුලින් පමනක්ම වෙන්වීමේ හැකියාවක් නැතත් ආදර සම්බන්ධවලදී කඩවුණු පොරොන්දු නිසාම සම්බන්ධතා බිඳී යයි….
අපි දුන්න පොරොන්දු සහ අපි විසින් අර ගත් පොරොන්දු බිඳෙන්නේ වෙනස් වෙනස් ආකාරයටයි. දුන්න පොරොන්දුවක් ඉටු කල නොහැකිනම් පොරොන්දු දෙන්නේ ඇයි දැයි අපි පොරොන්දුවක් දෙන්නට කලින් මොහොතකටවත් හිතුවොත් ………
කොහොම නමුත් සාර්ථක සම්බන්ධකම් තීරණය වන්නේ පොරොන්දු මතයි…….
ඉතින් ආයෙමත් කාට හරි පොරොන්දුවක් දෙන්න කලින් පොඩ්ඩක් හිතමු නේද ?

Last edited: