කඩ්ඩෙන්_කෙටීම

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    You can't market yourself to the foreign market without knowing English.

    For an example a Web Designer's average salary in Sri Lanka is around Rs. 40,000/= But he can earn over Rs. 150,000/= per month by working for foreign clients. He just has to be fluent in English to increase his income by over Rs. 100,000/=

    So you need to "be the change" that you expect from the society.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කඩ්ඩ පුලුවන් නම් මෙහ් වගෙ ෆොරම් වලටහ් එනවදහ් බ0 ඔය ඉන්ටර් නැශනල් ෆොරම් එකකහ් ලැගගෙනහ් ඉන්නවා මිසක් :(
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    කඩ්ඩ පුලුවන් නම් මෙහ් වගෙ ෆොරම් වලටහ් එනවදහ් බ0 ඔය ඉන්ටර් නැශනල් ෆොරම් එකකහ් ලැගගෙනහ් ඉන්නවා මිසක් :(

    :( මමත් එහෙම්මයි, නෝ කඩ්ඩ. නෝ ඉන්ටනැසනල්.
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    matath katha karanna puluwan wunata grammer ehema anthimai :D eth loku awulak na ban kiyawagena kiyawagena yana kota grammer awul meter wenne na ;) idea eka communicate karaganna puluwan nam goda....
    math dan english poth kiyawanna patan gaththa :D good luck..
    english kiyanne kaduwak ban.... apita ketuwoth apith kotanna one :D
    good luck putha :D
     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    මචන් මට නම් පේන්නේ උඹට පොඩි ඉරිසියාවක් තියෙනවා. ඕක මානසිකව ගත්තොත් තමන්ට හරියට බැරි දෙයක් (උඹ කියලා තිබ්බා කඩ්ඩ තේරුණාට හරියට කථා කරගන්න බෑ කියලා) වෙන අය කරන්න හදද්දී, තමන්ගේ හිත ඒකට විරුද්ධව අප්‍රසාදය පලවන දෙයක් හිතන්න අරගන්නවා.

    මිනිස්සු කඩ්ඩ කථා කරන්නේ ලොකු කමට වෙන්න පුලුවන්. ඒත් මම දන්න මිනිස්සු ඉන්නවා උන් පුලුවන් හැම තැනකදීම කඩ්ඩෙන් තෙපර බබා කථා කරන්නේ කඩ්ඩ ඉගෙන ගන්න. මොකද උන් දන්නවා ඒ ක්‍රමය ගොඩක් ඵලදායී කියලා. ඕක කඩ්ඩ දන්න එකෙක්ට හෙන හිරිකිත දෙයක් වගේ පේනවා වගේම කඩ්ඩ හරියට බැරි එකෙක් ඕක දකින්නේ ලොකු කමට කරන දෙයක්, නැත්නම් සංස්කෘතිය සදාචාරය විනාශ කරන්න කරන දෙයක් විදිහට.

    ඔය තත්වෙම තියෙනවා ඇපල් පෝන් වලට බනින එවුන්ටම. ඔය ඇපල් පෝන් වලට බනින ගොඩක් එවුන් ඇපල් පෝන් එකක් යූස් කරලා නෑ. ඒත් උන් දන්නවා අවුරුද්දක් පාසාම ඇපල් එකෙන් පෝන් එකක් ගන්න උන්ට වත්කමක් නෑ කියලා. ඊට පස්සේ ඒවා ගන්න එවුන්ට විරුද්ධව කථා කරනවා. උන්ගේ හිත, හිතන්න පුරුදු වෙලා තියෙන්නේ එහෙම.

    තවත් කිව්වොත්, ලංකාවේ ලොකු කෝටිපතියෝ වගේ මිනිස්සු මැරුණම අපේ රටේ එවුන් කියන කථාවක් තියෙනවා ‘‘අපෝ කොච්චර හම්බකරත් මැරුණම මොනවත් අරන් යන්නේ නෑ නේ...! ‘‘ කියලා. ඕක කථාව කියන ගොඩක් මිනිස්සු ඇත්තටම අපේ බෞද්ධ දර්ශනය ගැන හිතලවත්, සංසාරේ ගැන හිතලවත් නෙවේ ඔය කථාව කියන්නේ. මොකද ඒ මිනිස්සුන්ගේ යටි හිත දන්නවා තමන්ට කවදාවත් ඒ තත්වෙට එන්න බෑ කියලා.

    ප්‍රශ්නේ තියෙන්නේ උඹේ හිතේ බං. මිනිස්සු දෙයක් කරද්දි ඒකේ හොද පැත්ත දකින්න පුරුදු වෙයන්. කාලයක් එහෙම කරගෙන යද්දි උඹට මිනිසුන්ගේ වැරදි පේන ගතිය අඩු වෙනවා. මිනිහෙක් වැරැද්දක් කරත් ඒක ඌ අතින් වෙච්ච අත් වැරැද්දක් කියලා හිතන්න ගන්නවා. ලොකු වගකීමකින් මම මේක කියන්නේ.

    අන්තිමට කියන්නම් උඹ කඩ්ඩ කථා කරන එවුන් ගැන, උන්ගෙන් අපේ සංස්කෘතිය විනාශ වෙන දේවල් වගේ දේවල් කියන්න ඕනනම් උඹ මුලින් කරන්න ඕන උඹේ කඩ්ඩ හොදට හදාගෙන උන්ට ඒවගේ වැරදි පෙන්වන එක. උඹ එතනට ඇවිත් ඒ ගැන කථා කරපන්. ඇත්තම කථාව කඩ්ඩ පුලුවන් එවුන්ට මේ පෝස්ට් එක හෙන විහිළුවක්. උන්ට මුලින්ම හිතෙන්නේ උඹට තියෙන සුදුසුකම මොකක්ද ඔය වගේ දේවල් විවේචනය කරන්න තියෙන එක පිලිබදව.

    මචන් මාත් එක්ක තරහ වෙන්න එපා. මේ දේවල් කිව්වේ උඹේම හොදට. මුලින්ම සමාජය පිළිබදව තියෙන ආකල්පය වෙනස් කරලා ඉදපන්. බුදු සරණයි!

    :):):):)
     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    මොනවා වුනත් මේ එක දකිනකොට පුදුම සතුටක් දැනෙනවා.:):)දැන් ඉන්න ගොඩක් එවුන් ගෝත්‍රික මානසිකත්වයෙන් මිදිලා English ගැන හිතන විදිය දැක්කම.මෙහෙම කිව්වට මමත් එම මානසිකත්වයේම ඉදන් සින්හලෙන් රට හදන්න try කරපු එකෙක්.:oo:අන්තිමේ පන ටික බේරුනෙත් බොහොම අමාරුවෙන්.:baffled::baffled:

    අපේ රටට , භාෂාවට ගරහනවා නෙමෙයි.ගොඩක් TV එකේ ඉන්න ජාති මාමක Dial ගැන බලුවොත් කතා කරන්නේ රට ජාතිය ගැන. නමුත් උන්ගේ ලමයි ඔක්කොම පිටරට. :shocked::shocked:
    කවුරු වුනත් පිටරට ගිහින් ඉගෙන ගන්න එක හොදයි. නමුත් TV එකට ඇවිත්මිනිස්සු ගොනාට අන්දන එක තමා අවුල. :shocked::shocked:


    ඒ හින්දා පුලු පුලුවන් වෙලාට මහන්සි වෙලා English ගොඩදාගන්න.තමන් ගේ ලමයින්වත් ගොඩ දාන ක්‍රමයක් ගැන හිතන්න.එතකොටවත් අනාගතයේදී අපේ එවුන් ගොඩයන ක්‍රමයක් හැදෙයි. :):)

    කතා කරන්න බැරි පොඩි එකෙක් භාෂාවක් ඉගෙන ගන්නෙ

    1.ඇහුන් කන් දීමෙන්
    2.කතා කිරීමෙන්
    3.කියවීමෙන්
    4.ලිවීමෙන්

    :shocked::shocked:

    ඉස්කෝලේ උගන්නන්නේ

    4.ලිවීමෙන්
    3.කියවීමෙන්
    1.ඇහුන් කන් දීමෙන්
    2.කතා කිරීමෙන්
    :no::no::no:

    ඉතින් ඉස්කොලේ ගිහින් විතරක් මේ ක්‍රමයට ලොවෙත් English ඉගෙන ගන්න බෑ. අපේ ලොකු එවුනුත් ලියලා තමයි ඉගෙන ගන්න යන්නේ.

    ඒ හින්දා

    යහපත දකින්න
    හොද ක්‍රමයක් හදා ගන්න.
    අනුන්ට ඊර්ෂියා කිරීමෙන් වලකින්න
    උත්සාහ කරන්න


    ජය වේවා.:):)
     
    • Like
    Reactions: ForgottenSand

    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    ලංකවේ ඉන්න ගොඩක් දක්ෂයන්ට ලෝකේ ඉස්සරහට යන්න බැරිවෙන්න හේතුවක් තමයි english බැරි කම. මම දන්නා අය ඉන්නවා university degree කරලා කඩද බැරුව රට යන්න බැරුව ඉන්නවා.
    මම කියන්නේ සිංහල වගේම චතුර විදියට english හසුරවන්න ඉගෙනගන්න ඕනේ කියල.
    මම ඉන්නේ කැනඩාවේ. මෙහෙ හැම ජාතියේම මිනිස්සු ඉන්නවා. ඒ හැමෝම හොදට ඉංග්‍රීසි කතාකරනවා. ඒ උනාට තමුන්ගේ මුල් භාෂාව අමතක කරලා නැහැ. චීන ළමයි ඉස්කෝලේ english කතාකරලා ගෙදරදී mandarine ඉගෙනගන්නවා.

    දැන් ලංකාවේ තත්වේ ඇවිල්ල english කතාකරන එක තමන්ගේ නොහැකියාව වහගන්න හා හීනමානය නිසා කරන දෙයක් වේගෙන යන තැන තියෙනවා. නමුත් වැදගත් දේ තමයි අපි ලෝකේ ඉස්සරහට යනවනම් සහ දුපත් මනිසක්ත්වයෙන් ගැලවෙන්න නම් english කියන එක අනිවාර්ය දෙයක් වෙන්න ඕනේ. මගේ පෞද්ගලික අදහස ලංකාවේ ඉස්කෝල වල english medium උගන්නන්න ඕනේ. එහෙම නැතුව අපේ ළමයිනට තැනකට එන්න ගොඩාක් මහන්සි වෙන්න වෙනවා.
     

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    අමාරුවෙන් හරි ඉගෙන ගන්න උත්සහ කරන්න. අද මොන අධ්‍යාපනය ලැබුවත් වැඩක් නැ ඉංග්‍රීසි බැරි නම් . තමන් ප්‍රිය කරන දේ ඉංග්‍රීසියෙන් සවන් දෙන්න උද ක්‍රිකට් . ක්‍රමක් ක්‍රමයෙන් තමයි ඉගෙන ගන්න ඕන වයසත් එක්ක වර්ධනය වේවි . චීන්නු ජපන්නු ඉංග්‍රීසි නැතිව ඉස්සහරහට යන්නේ ඔවුන් දියුණු ජාතියක් නිසයි . ඒ අය ලෝකයට අවශ්‍යයි . ලෝකය ඔවුන් පසු පස එනවා . අපේ තැන ඊට වඩා වෙනස්


    :):)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අමාරුවෙන් හරි ඉගෙන ගන්න උත්සහ කරන්න. අද මොන අධ්‍යාපනය ලැබුවත් වැඩක් නැ ඉංග්‍රීසි බැරි නම් . තමන් ප්‍රිය කරන දේ ඉංග්‍රීසියෙන් සවන් දෙන්න උද ක්‍රිකට් . ක්‍රමක් ක්‍රමයෙන් තමයි ඉගෙන ගන්න ඕන වයසත් එක්ක වර්ධනය වේවි . චීන්නු ජපන්නු ඉංග්‍රීසි නැතිව ඉස්සහරහට යන්නේ ඔවුන් දියුණු ජාතියක් නිසයි . ඒ අය ලෝකයට අවශ්‍යයි . ලෝකය ඔවුන් පසු පස එනවා . අපේ තැන ඊට වඩා වෙනස්
    :yes::yes::yes::yes::yes:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    මේකයි මචං සිදුවීම.. මම ඉන්නෙ බත්තරමුල්ලෙ, දිනපතා අපි හැමෝම විවිධ අවශ්‍යතා වලට අවට තැන් වලට යනවනේ (supermarkets, gym එකට, ඇඳුම් ගන්න, බැංකුවට) ඒ හැම තැනදීම කනට ඇහෙන්නෙම සිංහලු දෙන්නෙක් කඩ්ඩෙන් කොටාගන්නවා (සමහරු පන අදිනවා වගේ පුදුම දුකක් විඳිනවා තවත් සිංහලයෙක් එක්ක කඩ්ඩෙන් කතා කරන්න).

    මගෙනුත් එහෙම ප්‍රශ්න අහල තියෙනවා, ඉංග්‍රීසි තේරුනත් මටනම් හරියටම කතා කරගන්න බැහැ.

    මට ඒ වෙලාවට අපහසුතාවයක් දැනෙනවා නමුත් කවදාවත් සුද්දෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතාකරද්දී මෙහෙම අපහසුතාවක් දැනිල නැහැ, මොකද සුද්ද අපිට වැරදුනා කියල හිනා වෙන්නේ නැහැ. ඌ අපි ඉංග්‍රීසි කතා කරන ඒක ගැන අගය කරනවා.

    ජපන්නු, චීන්නු උන්ගේ රටේ මිනිස්සු එක්ක කතා කරන්නේ උන්ගේ භාෂාවෙන්, උන්ගේ භාෂාවෙන් කතාකරාම ඒක "ගොඩේ" කියල කවමදාවත් හිතන්නේ නැහැ. ඒ වගේම උන්ගේ රටේ එකෙක් ඉංග්‍රීසි භාෂාවෙන් උන් එක්කම කතා කරන්න ආවොත් උන් ඒක පහත් ක්‍රියාවක් ලෙස දකිනවා.

    ඇයි අපේ උන් අපේ උන්ටම කින්ඩියට බලන්නේ ඉංග්‍රීසි අමාරුයි කියල, ජීවිතේට ඉස්කෝලෙදි ඉංග්‍රීසියෙන් කතා නොකරපු යාළුවො පවා FB එකේදී අමාරුවෙන් කඩ්ඩෙන් කොටනවා අපිටම.

    හරිම හිරිකිතයි..

    මේ ගැන උඹලගේ අදහසත් ලියන්න..

    සිංහල වලට කොහොමත් අනාගතයක් නෑ. ඒ සිංහලු ම සිංහල භාවිතය පහත්/ප්‍රාථමික/අඩුකුලේ ලෙස සැලකීම සහ ඉංග්රීසි ඉතා උසස් සීන් එකක්/ඉහල සමාජ තත්වයක් ඇති භාවිතයක් ලෙස සැලකීම.

    තව පරම්පරා දෙක තුනකට වඩා සිංහල භාවිතා වෙයි කියල බලාපොරොත්තු වෙන්න බෑ. සිංහල දන්නා අයත් තමුන්ගේ ගෙදර එදිනෙදා භාවිතයට පාවිච්චි කරන්නෙ ඉංග්රීසි.

    ඉතිං කරන්න තියෙන හොඳම දේ තමා උඹත් පවතින සමාජ තත්වයට අනුගත වෙලා තමුන්ගේ පැවැත්ම ස්ථාවර කර ගැනීම , හැකි අයුරින් ඉංග්රීසි ඉගෙන ගනින්.

    තමුන්ගේ ළමයින්ට අනිවාර්යයෙන් ඉංග්‍රීසි උගන්නපන්, අනිවාර්යයෙන් පාසල් අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබා දියන්, එහෙම උනොත් උඹේ ළමයි කවදාවත් උඹ වගේ සමාජයෙන් කොන් වෙන එකක් නෑ.

    කණගාටුදායක තත්වයක් , ඒත් ඒක තමා යතාර්ථය :dull:
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    මේකයි මචං සිදුවීම.. මම ඉන්නෙ බත්තරමුල්ලෙ, දිනපතා අපි හැමෝම විවිධ අවශ්‍යතා වලට අවට තැන් වලට යනවනේ (supermarkets, gym එකට, ඇඳුම් ගන්න, බැංකුවට) ඒ හැම තැනදීම කනට ඇහෙන්නෙම සිංහලු දෙන්නෙක් කඩ්ඩෙන් කොටාගන්නවා (සමහරු පන අදිනවා වගේ පුදුම දුකක් විඳිනවා තවත් සිංහලයෙක් එක්ක කඩ්ඩෙන් කතා කරන්න).

    මගෙනුත් එහෙම ප්‍රශ්න අහල තියෙනවා, ඉංග්‍රීසි තේරුනත් මටනම් හරියටම කතා කරගන්න බැහැ.

    මට ඒ වෙලාවට අපහසුතාවයක් දැනෙනවා නමුත් කවදාවත් සුද්දෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතාකරද්දී මෙහෙම අපහසුතාවක් දැනිල නැහැ, මොකද සුද්ද අපිට වැරදුනා කියල හිනා වෙන්නේ නැහැ. ඌ අපි ඉංග්‍රීසි කතා කරන ඒක ගැන අගය කරනවා.

    ජපන්නු, චීන්නු උන්ගේ රටේ මිනිස්සු එක්ක කතා කරන්නේ උන්ගේ භාෂාවෙන්, උන්ගේ භාෂාවෙන් කතාකරාම ඒක "ගොඩේ" කියල කවමදාවත් හිතන්නේ නැහැ. ඒ වගේම උන්ගේ රටේ එකෙක් ඉංග්‍රීසි භාෂාවෙන් උන් එක්කම කතා කරන්න ආවොත් උන් ඒක පහත් ක්‍රියාවක් ලෙස දකිනවා.

    ඇයි අපේ උන් අපේ උන්ටම කින්ඩියට බලන්නේ ඉංග්‍රීසි අමාරුයි කියල, ජීවිතේට ඉස්කෝලෙදි ඉංග්‍රීසියෙන් කතා නොකරපු යාළුවො පවා FB එකේදී අමාරුවෙන් කඩ්ඩෙන් කොටනවා අපිටම.

    හරිම හිරිකිතයි..

    මේ ගැන උඹලගේ අදහසත් ලියන්න..

    කතාව නම් ඇත්ත, හැබැයි යාලුවො නම් මට එහෙම කරලා නෑ, පහල ලිංක් එකක්ත් බලපං, ප්‍රයොජනවත් වෙයි ටිකක්.


    කඩ්ඩ හදාගන්න, අලුත් යාලුවො අදුනගන්න Open Talk