"කඩ්ඩ" ප්‍රශ්නය හෙවත් ඉතිහාසයේ කොඩිවිනය

mysterious boy

Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    "කඩ්ඩ" ප්‍රශ්නය හෙවත් ඉතිහාසයේ කොඩිවිනය

    රදළ උන්මාදයෙන් වැනසුණු අපේ උන්ගේ ...
    කඩ්ඩ" ප්‍රශ්නය හෙවත් ඉතිහාසයේ කොඩිවිනය.

    බණ්ඩාරනායක ශ්‍රීමතා යයි ඉතිහාසය පුරාවට පුම්බා තැබූ පුද්ගලයා ශ්‍රී ලංකාවේ අනාගත පරපුරට කල කොඩිවිනයේ ප්‍රතිඵල දශක කිහිපයක් ඔස්සේ විපාක දෙමින් ඇත. කන්නන්ගරයන් විසින් නිදහස් අධ්යාපන පනත ගෙනඒමට සැරසෙද්දී, ඔහු මුණ ගැසුනු බණ්ඩාරනායක, "මොකක්ද Cris මේ කරන්න යන්නේ? අපට ගහකින් ගෙඩියක් කඩාගන්න කොල්ලෙක් නැතිකරන්නද යන්නේ " යයි විමසු බව ප්‍රසිද්ධ කරුණකි. මින් නොනැවතුන බණ්ඩාරනායක, නිදහස් අධ්‍යාපන පනතට විරුද්ධව තම චන්දය පාර්ලිමේන්තුවේදී භාවිත කරන ලදී.
    කෙසේනමුත් බණ්ඩාරනායක වැනි කුහකයන්ට එදා නිදහස් අධ්‍යාපන පනත පරාජය කිරීමට නොහැකි විය. එමනිසා බලයට පත්වූ විගස බණ්ඩාරනායක කලේ ඉංග්‍රීසියෙන් පැවතුන අධ්‍යාපනය සිංහලයට පෙරලීමයි. මෙය එකල ගුරුවරුන්ටද මහත් ජංජාලයක් වූ අතර ඉංග්‍රීසි නොදන්නා බහුතරයක් ඇතිකිරීමට මෙමගින් ඔහුට හැකිවිය. "කඩ්ඩ" පිළිබද ප්‍රශ්නය පැනනැගෙන්නේ මෙතැන් පටන්ය. කෙසේනමුත් බණ්ඩාරනායකගේ දරුවන් තිදෙනාම ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය ලැබීමට විදෙස්රටවලට යැවූයේ ශ්‍රී ලංකාව ඔවුන්ගේ බූදලය සේ සිතාගෙනය. එහෙත් ඕලමොට්ටලයන් වූ ඔවුන් එකෙක්වත් අධ්‍යාපනය හමාර කලේ නැත. සිංහල ජාතික භාෂාව කිරීම නිසා පාර්ලිමේන්තුව තුල දමිල පීඩනයක් ඇතිවීම හේතුවෙන් පසුව බණ්ඩාරනායක විසින් ශ්‍රී ලංකාවේ ජාතික භාෂාව සිංහල හා දෙමළ බවට පත්කළේය. භාෂාවන් දෙකක් ජාතික භාෂාවන් බවට පත්වූ ප්‍රථම හා එකම රට ශ්‍රී ලංකාව බවට ඉතිහාසයේ නම සනිටුහන් කරගන්නා ලදී.
    සුද්දා භාරගත්තේ "සිංහලේය", එහෙත් භාරදුන්නේ "ශ්‍රී ලංකාවය " එසේ භාරදුන්නේ නියම උරුමකරුවන්ට නොව, උන්ට බැලමෙවරකම් කල බණ්ඩාරනායකලා වැනි කලු සුද්දන්ටය. බණ්ඩාරනායක බලය ලබාගත්තේ,ජාතික ඇදුමින් සැරසී යුරෝපීය පයිප්පය කටේ ගසාගෙන, සඝ,වෙද,ගුරු,ගොවි,කම්කරු යනුවෙන් තම කූට ප්‍රචාරණ යාන්ත්‍රණය ගෙනයමින්, සාමාන්‍ය නිර්ධන පන්තියේ ජනතාවගේ කරමතිනි.
    ඔහු එදා නිදහස් අධ්‍යාපනය සිංහලයට පෙරලා කල කොඩිවිනයේ ප්‍රතිඵල තවමත් ලැබෙමින් පවතී. සිංහල බස අපගේ මවු බස වුවද , එය භාවිත වන්නේ අපගේ කුඩා දිවයින තුල පමණි. එමගින් ජාත්‍යන්තරයට යාමට නොහැක.බොහෝ පිරිසකට "කඩ්ඩ " අදටත් ප්‍රශ්නයකි. රැකියාවක් සදහා බොහෝදෙනෙකුට ඇති බාධකය ඉංග්‍රීසිය. වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමේදී බොහෝදෙනෙකුට ඇතිවන බධකයද එයයි.විදේශිකයන් හා උරෙනුර ගැටීමේදී බුද්ධිමත් ලංකිකයන් බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නය අනෙකක් නොව භාෂාවයි. ලාංකිකයන් ඉංග්‍රීසි භාෂාවෙන් එකල මෙන් අධ්‍යාපනය ලැබුවේ නම් ජාත්‍යන්තරය හමුවේ ආත්මවිශ්වාසයෙන් මුහුණදෙනු නිසැකය. බණ්ඩාරනායක නමැති කලුසුද්දා කලේ උන්ගේ පන්තියට අයිති වරප්‍රසාද සාමාන්‍ය ජනතාවට ලැබීම වැලැක්වීම සදහා භාෂාව නමැති බාධකය යොදා නිදහස් අධ්‍යාපනයේ අගය බාල්දු කිරීමය. මෙය නිවැරදි කිරීමට කිසිදු වගකිවයුත්තෙකුගේ අවදානයක් මේ දක්වා යොමුනොවීම අවාසනාවට කරුණකි.....
    -විශ්ව -
    මුණු පොතෙන් උපුටා ගන්නා ලදී

    සංවාදයට විවෘතයි
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    100% එකගයී... Kadda පාසල් වල භාවිතා කලා නම් ගමේත් නගරෙත් වෙනසක් නෑ. දෙමල සින්හල භශා ප්‍රශ්නය නෑ...Campus ගියාම දෑක්කා ගමෙන් ආපු උන් කොච්චර Kaddata බයද කියල...Kadda තිබ්බා නම් අපී මීට වඩා දියුනු වෙලා
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    100% එකඟයි .බණ්ඩාරනායකට විරුද්ධ වුනත් සිරිමාවොට මම අදටත් ගරු කරනවා රට ගොඩදාන්න කරපු දේවල්වලට .ඒ කරදර ටික අපේ අම්මල ,තාත්තලා ඉවසුවා නම් අපි අද මේ පව් ගෙවන්නේ නෑ .
     
    • Like
    Reactions: 7778

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ප්‍රාථමික අධ්‍යාපනය English වලින් කරන්ඩ ඕනේ. පොඩි ළමයි ඔව්වට බය නැති හින්දා ඉක්මනට අල්ලගන්නවා. ලොකු උනාට පස්සේ කොච්චර උගන්නන්ඩ හැදුවත් ඉගෙන ගන්නේ නෑ.
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මට අපේ ඉංග්‍රීසි ගුරුතුමා කියපු දෙයක් තාම මතකයි ......:D

    "ඉන්දියාව සුද්දව පන්නලා ඉංගිසි තියාගත්තා , අපි ඉංග්‍රීසි පන්නලා සුද්දව තියාගත්තා. ඔයාල බලන්න තව අ. 20 ඉන්දියාව ඉන්න තැන":no::no::no:

    මේ කතාව ඔහු කිවේ 1995 අපි 10 වසරේ ඉදිදි ....එතුමා 2003 දී මියගියා. අද මේ කතාව මතක් වෙනකොට ඔහු මොනතරම් බුද්දීමතෙක්ද කියල හිතෙනවා ....:nerd::nerd::nerd::nerd:
     
    • Like
    Reactions: 7778

    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    100% එකගයී... Kadda පාසල් වල භාවිතා කලා නම් ගමේත් නගරෙත් වෙනසක් නෑ. දෙමල සින්හල භශා ප්‍රශ්නය නෑ...Campus ගියාම දෑක්කා ගමෙන් ආපු උන් කොච්චර Kaddata බයද කියල...Kadda තිබ්බා නම් අපී මීට වඩා දියුනු වෙලා

    අැත්ත. පොඩි කාලෙ ඉඳලම භාෂා පුහුණුව හරියට තිබ්බනම් ගමේ නගරෙ නෙමයි කොහෙ උනත් ඉන්න උන් කඩ්ඩට බය වෙන්නෙ නෑ.

    100% එකඟයි .බණ්ඩාරනායකට විරුද්ධ වුනත් සිරිමාවොට මම අදටත් ගරු කරනවා රට ගොඩදාන්න කරපු දේවල්වලට .ඒ කරදර ටික අපේ අම්මල ,තාත්තලා ඉවසුවා නම් අපි අද මේ පව් ගෙවන්නේ නෑ .

    ප්‍රාථමික අධ්‍යාපනය English වලින් කරන්ඩ ඕනේ. පොඩි ළමයි ඔව්වට බය නැති හින්දා ඉක්මනට අල්ලගන්නවා. ලොකු උනාට පස්සේ කොච්චර උගන්නන්ඩ හැදුවත් ඉගෙන ගන්නේ නෑ.
    සහතික අැත්ත :)
    මට අපේ ඉංග්‍රීසි ගුරුතුමා කියපු දෙයක් තාම මතකයි ......:D

    "ඉන්දියාව සුද්දව පන්නලා ඉංගිසි තියාගත්තා , අපි ඉංග්‍රීසි පන්නලා සුද්දව තියාගත්තා. ඔයාල බලන්න තව අ. 20 ඉන්දියාව ඉන්න තැන":no::no::no:

    මේ කතාව ඔහු කිවේ 1995 අපි 10 වසරේ ඉදිදි ....එතුමා 2003 දී මියගියා. අද මේ කතාව මතක් වෙනකොට ඔහු මොනතරම් බුද්දීමතෙක්ද කියල හිතෙනවා ....:nerd::nerd::nerd::nerd:
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    සැබැ ජාතිකත්වයක් හිතේ නැති, දේශපාලන වාසි වෙනුවෙන් වචනයට පමණක් සීමා වුනු ජාතිකත්වයක් සහිත දේශපාලකයෝ එදත් හිටියා. අදත් ඉන්නවා.
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මන් නම් හිතන්නේ දැන් අපි ඉතිහාසයට බැණලා කිසිම වැඩක් නැහැ, අද කාලේ ඉංග්‍රීසි හදාගන්න ඕනේ තරම් ක්‍රම තියෙනවා, ඉගෙනගන්න කෙනාගේ කම්මැලිකම නැත්තම් ඉංග්‍රීසි හදාගන්න එක මහා ලොකු දෙයක් නෙවෙයි, අවුරුදු 13 ක් තිස්සේ ඉංග්‍රීසි යන්තමින් හරි ඉස්කෝලෙදි අත පත ගාල එළියට එන කෙනාගේ ඉංග්‍රීසියට තියෙන බය දැක්කහම නම් ඉතින් දුකයි,. දැන් කාලේ විතරක් නෙවෙයි ඉස්සරත් උවමනාව තිබුනානම් ඕනේ කෙනෙකුට ඉංග්‍රීසි හදාගන්න ඕනේ තරම් ක්‍රම තිබුනා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බණ්ඩාරනායක හරියි කියනව නෙමේ ඒත් බැරිවෙලාවත් බණ්ඩාරනායක ඔහොම නොකල නං මෙලහට සිංහල මල භාශාවක් වෙලා තියෙන්න ඉඩ තිබ්බ :yes: :yes:
    ඉස්කෝලෙ අධ්‍යාපනේවත් සිංහලෙන් නැති වුනාම අධ්‍යාපන පොත් පත්තර පවා සේරම ඉංග්‍රීසියෙන් ලියවෙන්න ගත්තාම සිංහල ඉගෙන ගෙන ඇති වැඩේ මොකක්ද ? එහෙම කලා නං වෙන්නෙ මිනිස්සු වැඩි වැඩියෙන් සිංහල භාශාව අතාරින්න ගන්නව අන්තිමට සිංහල දැන් පාලි වගේ මොකක් හරි කලා පාඨමාලාවක තියෙන තවත් එක භාශාවක් වෙයි :dull: :dull:
    බණ්ඩාරනායක ඔහොම කලේ නැත්තං ඔය දැන් බනින අය එහෙනං බනියි බොරුවට ජාතික ඇඳුම පොරෝගෙන සුද්දගෙ පයිප්පෙ ගහගෙන සිංහල භාශාව විනාශ කල්ල දාන්න අධ්‍යාපනේ ඉංග්‍රීසියෙන්ම පවත්වගෙන ගියා කියල :sorry: :sorry:
    haters gonna hate hate hate hate hate :baffled: :baffled:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    100% එකඟයි
    අපි තමා අන්තිමට ඉංග්‍රීසි බැරුව විදවන්නේ

    හැබැයි එක දෙයක් මතක් කරන්න ඕනා
    බුද්ධාගමයි සිංහල භාෂාවයි අනිවාර්යෙන් අධ්‍යයාපනය තුල තියෙන්න ඕනා
     

    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    වචනයක් වැරදුනොත් අපේ උන් හිනාවෙනවා. හැයි සිංහල වචනයක් දන්නේ නැති එක ගැන හරියට ආඩම්බර වෙනවා.