කඩුවට උදව්වක්..
අපි සාමාන්යෙන් කඩ්ඩ කියන්නෙ ඉංග්රීසි බාසවට කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඉතින් මේ කඩුව පාවිච්චි කරන වෙලාවල අපේ අයගෙන් බොහොම සුලබ ව දැකපු වැරැද්දක් ගැන කියන්නයි හැදුවෙ..
ඔයාලත් ගොඩක් වෙලාවට අහලා ඇති ඉංග්රීසියෙන් කතා කරන කොට කට්ටිය 'the' කියන පදය 'ද' සහ 'දි' ලෙස උච්චාරණය කරනවා.
විශේෂයෙන් ඔය 'දි' කියන එක හැම තිස්සෙම ගොඩක් බර කරලා කියන අවස්ථාවල් ඔයාලා ඕනෙ තරම් අහලා දැකලා ඇති.
ඒත් ඔය 'දි' කියලා කරන උච්චාරණය ඉංග්රීසියෙදි කරන්නෙ ඉස්ටැයිල් එකට නෙවි. 'the' එක්ක ඊළඟට එන වචනෙ Vowel එකක් නම් විතරයි ඒක එහෙම කියන්නෙ.
නැත්තම් නිකන්ම 'ද' කියලා උච්චාරණය වෙන්න ඕනෙ.
උදා: 'දි' - Area, Earth, Island, Ocean, Umbrella...
'ද' - Ball, Moon, Sea, Monkey, Dog, Cat...
මේක අපි වගේ පොඩි මිනිස්සු විතරක් නෙවි TV එකේ ඉංග්රීසි නිවේදකයොත් වරද්දනවා ඇහිලා තියෙන නිසයි මේක ලියන්න හිතුනෙ.
ඔයාලත් නොදැන එහෙම කලා නම් දැන් හදා ගන්න පුලුවන් නේ!
ප.ලි: මං මේ කඩු විශාරදයෙක් නෙවි හොඳේ.. ඉගෙන ගත්ත දෙයක් කිව්වෙ. මේකෙන් කාට හරි උපකාරයක් උනා නම් සන්තෝසයි.

oya 1st step ekane
hondai hondai.. digatama karagena yamu