අධිකරණයේදී අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක මේ වගේ දෙයක් ලියන්න හිතුනා.
හුඟක් දික්කසාද නඩුවල දි පැමිණිලිකරු හෝ පැමිණිලිකාරිය කියන කතාවක් තමයි විත්තිය තමුන්ව නොසලකා හැරියා කියන එක. මෙතනදි මන් අදහස් කලේ ගණන් ගන්නෙ නැහැ කියන කතාව. තවත් වෙලාවකදි පැමිණිල්ලෙන් කියනවා විත්තියට හරියට තරහ යනවා, සැර පරුෂ විදියට තමුන්ට සලකන්නෙ, ඒක ඉවසන්න බැහැ කියලා. තවත් වෙලාවකදි පැමිණිල්ල කියන කතාවක් තමයි බැඳලා ටික කාලයක් යද්දි විත්තිය වෙනස් වුනා කියන කතාව. මේ හැම කතාවකින් ම කියන්නෙ විවාහක දෙපාර්ශ්වය අතර සම්බන්ධතාවය බිඳ වැටිලා කියන එක. ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්.
තනි අතින් අප්පුඩි ගහන්න බැහැ කියලා කතාවක් තියෙනවානෙ. ඉතින් විවාහ සබඳතා බිඳ වැටෙන්නත් බහුතරයක් අවස්ථාවලදි දෙපාර්ශ්වයේම හැසිරීම හේතු පාදක වෙනවා. නමුත් නඩුවකදි තමුන්ගේ වැරදි අඩුපාඩු පෙන්වනවාට වඩා කරන්නෙ අනෙක් පාර්ශ්වයේ වැරදි අඩුපාඩු පෙන්වන්න. පවුල් උපදේශනයට ගියාම මේක හොඳට බලාගන්න පුළුවන්.
සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්න බුදු දහමේ කියලා දෙන වඩාත් පිළිගත් කාරණාවක් තමයි ‘බ්‍රහ්ම විහාර ධර්ම’ කියන්නෙ. ඔය කලින් කියපු පවුල් ආරවුල් වලදි මේ බ්‍රහ්ම විහාර ධර්ම ගැන මිනිස්සු අහලවත් තියෙනවද කියලා හිතෙන තරම් කරුණු ඉදිරිපත් වෙනවා.
බ්‍රහ්ම විහාර ධර්මවලින් එකක් තමයි ‘මෛත්‍රිය’. සරලව අපි කියන්නෙ මිතුරු කම කියලානේ. මිත්‍රශීලීබව අපේ ජීවිතයේ නැති දෙයක් නම් මොකක් ද වෙන්නෙ? අපිව අනෙක් මිනිස්සුන්ට හිරි හැරයක් වෙනවා. සමහර බිරින්දෑවරු, දරුවො කැමැති නැහැ තාත්තා ගෙදර එනවට. මොකද තාත්තා හරිම නපුරුයි. මත්වෙලා ආවම තවත් හොඳයි. මිත්‍රශීලී බවක් අඳුනන්නෙ නැහැ. සමහර කාන්තාවොත් ඉන්නවා මේ වගේ. මිත්‍රශීලී බව හිතුවිලි වලින් වගේම ක්‍රියාවෙනුත් වචනවලිනුත් පෙන්වන්න පුළුවන්. ‘උඹ’ කියන වචනෙ ආදරෙන් කියන්නත් පුළුවන්, කේන්තියෙන් කියන්නත් පුළුවන්. යහළුතෙමෝ දුක සැප දෙකෙහිම සිටිත කියලනෙ කියන්නෙ. හැබැයි පවුල අතරෙ මේ මිත්‍රශීලී බව නැති වුනාම වෙන දේ හිතන්නකො. ආදරණීය වචනයක්වත් හුවමාරු නොවෙන තැනක පූසෙක් බල්ලෙක් වත් ඉන්නෙ නැහැනෙ. මෙනිසා මෛත්‍රිය පවුල් ජීවිතය හොඳින් ගෙවන්න හරිම වැදගත්.
ඊළඟට අපිට පුළුවන් ‘කරුණාව’ ගැන කතා කරන්න. තව කෙනෙක් ගැන තමුන්ගේ හිතේ ඇති වෙන අනුකම්පාව නොවන ඒ අනෙක් කෙනාගෙ දුක බෙදා ගැනීමට හිතෙන ස්වභාවය තමයි සරලව කරුණාව කියන්නෙ. අනුකම්පාවෙදි දුක බෙදා ගන්න යන්නෙ නැහැ. අපිත් දුක්වෙනවා මිසක්. පවුල් ජීවිතේදි අනුකම්පාව විතරක් තිබිලා හරියන්නෙ නැහැ. තමුන්ගෙ ස්වාමියා හෝ බිරිඳගේ දුකකදි ඊට මැදිහත් වෙලා ඒ දුක නැති කරන්න කටයුතු කරන එක මේ තුළ තියෙනවා. නිදසුනක් ගමු. බිරිඳ දරුවන්ගෙ වැඩත් කරනවා, රස්සාවෙ වැඩත් කරනවා, ගෙදර වැඩත් කරනවා, සැමියාගේ වැඩත් කරනවා. ඇය මැෂිමක් වගේ. සැමියාට කිසිම වෙලාවක හිතෙන්නෙ නැහැ අනේ මගේ බිරිඳ මෙච්චර මහන්සි වෙනවනෙ, මන් උන්දැට පොඩි දෙයකින් හරි උදව්වක් කරන්න ඕනා කියලා. තව නිදසුනක් ගමු. සැමියා වැඩට ගිහිල්ලා මහන්සි වෙලා ගෙදර එන්නෙ සැනසීමෙන් පැය කීපයක් ගත කරලා අර මහන්සිය නැති කරන්න හිතාගෙන. හැබැයි ගෙදර ආපු ගමන් මොකද වෙන්නෙ. ගේ ඇතුළට ආපු ගමන් බිරිඳ පටන් ගන්නෙ රණ්ඩු කරන්න. මේ වගේ තත්ත්වයන් තියෙනවා කියන්නෙ කරුණාව කියන ගුණය නැහැ. ඉතින් ඒකත් පවුල් ජීවිතය අසාර්ථක වෙන්න හේතුවක්.
‘මුදිතාව’ කියන්නෙත් බ්‍රහ්ම විහාර ධර්මවලින් එකක්. මුදිතාව තියෙන කෙනා තමයි අනෙක් අය තමුන්ට වඩා දියුණු වෙනවා නැත්නම් සතුටින් ඉන්නවා දැකලා හැබෑවටම සතුටු වෙන්නෙ. එක අතකට මුදිතාව කියන්නෙ ඊර්ෂ්‍යාවෙ විරුද්ධ පැත්ත. මතකද අභිමාන් චිත්‍රපටිය? තමුන්ට වඩා කටහඬ ලස්සන වුන බිරිඳට සැමියා ඊර්ෂ්‍යා කරනවා. අපේ රටේ පවුල් ජීවිත ඇතුලෙත් මේ වගේ අවස්ථා තියෙනවා. සමහර වෙලාවට සැමියාට හෝ බිරිඳට රස්සාවෙන් නැත්නම් උගත් කමෙන් ඉහලට යන්න ලැබෙද්දි අනෙක් පාර්ශ්වයට දරා ගන්න බැහැ. ගෙදර ඉඳන්ම ඒකට අනන්මනන් කරනවා. තමුන්ගේ සැමියාගේ හෝ බිරිඳගෙ හොඳක්, ජයග්‍රහණයක් අගයන්න බැරි පාර්ශ්ව ඇත්තටම ජීවත් වෙනවා. මුදිතාව නිසා ඇතිවෙන්නෙ හිතේ සතුට. හිතේ සතුටක් නැතිව පවුල් ජීවිතයක් ගත කරන්න අමාරුයි.
බ්‍රහ්ම විහාර ධර්ම වලින් ඉතුරු එක තමයි ‘උපේක්ෂාව’. උප්ක්ෂාව කියන්නෙ අවබෝධයෙන් යුතුව කරුණු කාරණා දිහා මැදිහත් විදියට හිතන්න පුළුවන් වීම. සමහර දේවල් දිහා අපි උපේක්ෂාවෙන් බලන්නෙ කම්මැලි කමට. ඒ කිව්වෙ ඇඳෙන් පුටුවෙන් නැගිටින්න තියෙන කම්මැලිකමට. ‘අනේ කමක් නැහැ’ කියලා හරි සරලව ඒවා මගහරිනවා. පවුල් ජීවිතේදි උපේක්ෂාව කියන්නෙ ඊට වඩා වෙනස් දෙයක්. අවස්ථාව මොකක් වුනත් තමුන්ගේ පාර්ශ්වය ගැන මැදහත් හිතෙන් බලන්න තියෙන හැකියාව. මේ හැකියාව නම් ඉතින් මිනිස්සුන්ට හරිම අඩුයි. නොසෑහෙන්න කේන්ති ගන්න උපේක්ෂාව නැති කමත් හේතුවක්. සරලව සාකච්ඡා කරලා විසඳගන්න පුළුවන් තත්ත්වයන් මේ නිසා දෙන්න දෙපැත්තට යන මට්ටමට බරපතල් වෙනවා.
මේ කතා කළ බ්‍රහ්ම විහාර ධර්ම විවාහ ජීවිතයෙදි විතරක් නෙමෙයි ජීවිතේ ඕනම සබඳතාවකදි අදාළ කර ගන්න පුළුවන්. ඒ තුළින් තමුන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වගේම හොඳ අන්තර් සබඳතා පවත්වාගෙන යන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි එකක්. මේ ගුණාංග සබඳතාවක එක් පාර්ශ්වයකගෙ විතරක් තිබිලා සම්පූර්ණ සතුට විඳින්න ලැබෙන්නෙ නැහැ. සබඳතාවයට අදාළ සියළු පාර්ශ්වයන් තුළ ඒ ගුණාංග තිබ්බොත් තමයි සම්පූර්ණ සතුට විඳින්න ලැබෙන්නෙ.
හිතාගන්න බැරි මෙච්චර දේවල්වලින් පෝෂණය වෙලා තියෙන සිංහල බෞද්ධ සමාජය තුළ මේ දේවල් ගැන අවබෝධයක් නැත්තෙ ඇයි කියන එක. එහෙම අවබෝධයක් තිබ්බා නම් එන නඩු වලින් භාගයක් විතරම නැති වෙලා යනවා.