අධිකරණයේ ස්වාධීනත්වය උඩ රමණය සහ මරණය ...!
මම පහුගිය මාසේ අපේ පවුලේ ගැටුමක් විසඳන්න නිතරම රත්නපුරේ ගියා. ඒ ගිය අතරේ රත්නපුර පොලීසියට සැකකාරයා එක්කරගෙන ගිහිං භාර දුන්නහම පොලීසියේ මහත්වරු කීපදෙනෙක්ම එක ලෝයර් මහත්තයෙක්ගේ නම කියලා කිව්වා එයාව අල්ලන්න අනිවාර්යෙන් ඇප ගන්න පුළුවන් කියලා. ඉතිං මම ඇහුවා එහෙම කොහොමද කියලා, එතකොට ඒ පොලිස් නිලධාරීන් කිව්වේ ඒ නීතීඥවරයා මහේස්ත්රාත් එක්ක ගොඩාක් හිතවත් වැඩේ ටක්කෙටම කරලා දෙයි කියලා. ඉතිං මට අනික් පැත්තට මතක් උනා ඇප ගන්න එහෙම නම් ඇප නොදී 14ක් යවලා හිරකරන්නත් ඒ ලෝයර්ම අල්ලන අය ඇති නේද කියලා. මොකද සුළු ගැටුමකදී පවා අපේ එවුන් ට්රයි කරන්නේ 14ක් යවලා පරිප්පුවක් දෙන්න නේ. එහෙම බැලුවාම නිවැරදිකාරයත් දවස් 14ක් බලු දුක් විඳලා තමයි තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පුකරන්නේ.
දැන් මට තියෙන ප්රශ්නය තමයි කඩුවෙල මහේස්ත්රාත් චානිමා විජේබන්ඩාර සහ නීතිඥ නදීක ජයවර්ධන එකතුවෙලා නඩු කීයක් මේ විදිහට කරන්න ඇත්ද කියන එක. අහිංසකයින් කීයක් 14ක් යවන්න ඇත්ද? ලොකු ලොකු පොරවල් සල්ලිකාරයෝ කීයකට ඇප දෙන්න ඇත් ද කියන එක. ඒ හරහා මුදල් කොපමණ සොයන්න ඇත්ද? කඩුවෙල උසාවිය කියන්නේ ඉතිං රජ පවුලේ උදවියත් නිතරම යන එන තැනක් නේ!!. අන්න ඒකයි කියන්නේ අධිකරණය ස්වාධීන තැනක් වෙන්න ඕනෑ කියලා. මෙහෙම ලෝයර් කෙනෙක් අල්ලන්න සල්ලි නැති මනුස්සයෙක්ගේ ඉරණම කොහොම විසඳෙන්න පුළුවන් ද? නිර්දෝෂී මනුස්සයෙක් තමන්ගේ නිර්දෝශීභාවයේ පූර්ව විනිස්චයේ ඉදලා නිකං හචාපචා ලෝයර් කෙනෙක් අල්ලනකොට වැරදිකාරයා මේවගේ ලෝයර් කෙනෙක් අල්ලලා ගේම ගහනකොට නීතියේ සාධාරණත්වයට මොකද්ද වෙන්න පුළුවන්.
උසාවිය අස්සේ ජංගමයා ඇඬුවා කියලා මරණ දඬුවම ලබපු මනුස්සයෙක් ගැන පහුගිය දවස්වල අපි කතා කළා. ඒ මනුස්සයාට දුරකථනය නිහඬකරලා තියාගන්න අමතක වෙන්න ඇති! ඒත් ඒ අහම්බය මරණය උරුම කළා නේද? දැන් අපි උසාවිය අස්සේ සෙක්ස් කළා කියන පුවතක් ගැන කතා කරනවා. මේ සිදුවීම් දෙක එක මේසේ උඩ තියලා බැලුවාම කොයිතරම් විකාරයි ද? ඒකෙන් පේන්නේ අපේ අධිකරණයට වෙලා තිබෙන දේ.
දැන් ගොඩක් ඉන්නේ නඩුකාර නෝනලා එතකොට ලෝයර් මහත්තයෙක්ට ගොඩ යන්න තියෙන හොඳම ක්රමය තමයි නඩුකාර නෝනා කොහොමහරි යාළුකරගන්න එක. එතකොට ඉතිං ඇප ගන්න හිරකරන්න පුළුවන් ජයටම. එහෙම එක දිගට කරගෙන යනකොට නම හැදෙනවා නඩු ඕසෙට එනවා සල්ලි වැසි වැටෙනවා. අනික් පැත්තට ඉතිං දෙන්නටම එකතුවෙලා බිස්නස් එකක් විදිහටත් ඕක කරගෙන යන්න පුළුවන්.
ඒ නිසා නීතියේ පාලනය ස්ථාපනය කරන්න අධිකරණය ස්වාධීන කරන්න කවුරුහරි පාලකයෙක් කල්පනා කරනවා නම් මේ තත්ත්වයන් වෙනස් කරන්න වෙයි. ඒකට ඉතිං ප්රතිසංස්කරණයන් බොහෝ ප්රමානයක් එඩිතරව කරන්න වෙයි. හැබැයි ඉතිං ඒ වෙනුවෙන් අගවිනිසුරුට විශ්රාම ගියාට පස්සේ තානාපති ධුරයක් දීලා හරියන්නේ නෑ. ඒකෙන් වෙන්නේ මේ ප්රශ්නය තවත් බරපතළ වෙන එක.
කේ සංජීව