කඩු නම් කඩු !

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    දහසය වන සියවසෙහි දී සාධාරණත්වය උදෙසා භීතිය හා මරණය කැන්දූ ගෲට් පියර් නොහොත් පියරේ ගර්ලෝෆ් ඩෝනියා ගේ අති දැවැන්ත අසිපත! (1480-1520)

    ෆ්‍රිෂියාවේ (වත්මන් ඕලන්දය) කොනෙක දුප්පත් ගම්මානයෙක ගොවියෙකු ව ජීවිකාව ඇරඹි මෙම දැවැන්තයා සුන්දර බිරිදකගේ ආදරයෙන් හා පුතෙකුගේ හා දියණියකගේ සෙනෙහසින් පිරි ඉතිරී ගිය පුංචි ගෙපැළක දිවි ගෙවූයේ ඉන් එහා වූ ලෝකයක් පිළිබද නොදත්තේ ය.

    සමුදුරු තරණයෙන් ලෝකය සොයාගොස් ගොඩබිම් උපයා රාජධානියට ඈදා උන් කෘෂව හීනව ගොස් පණ අදින තෙක් ප්‍රාණය උරා බීමෙහි ක්‍රීඩාව එකල යුරෝපා රජදරුවන්ගේ අභිමානය පෙන්වා ලූ සාධකයක් ව පැවති අතර එකිනෙකා පරයා ලෝකය ජයගැනීමට උන් වහ වහා සිය ධනයත්, බලයත්, යටවැසියාත් යෙදවූහ. ඕලන්දය මෙම ක්‍රීඩවේ ප්‍රධානියෙකු වූ අතර උන් ඒ සදහා මූලෝත්පාධනය කිරීම සදහා වෙනමම හමුදාවක් පවත්වාගත් අතර 'කළු හමුදාව' නම් වූ ඔවුහූ ගම්බිම් වැද ජනයා තළා පෙළා ධන ධාන්‍ය හුරා පැහැර ගත්තේ ඒවා රජු දෙපා මුල තැබුවෝය. රජු ඒවා අරපරිස්සමින් විය පැහැදම් කලේ නෞකා තනා, හමුදා පෙල ගස්වා ලෝකය දිනන්නට උන් පිටත් කර හැරීය.

    කාරිය මෙසේ සිදුවෙමින් සිටියදී 1515 හි ජනවාරි 29 වනදින කළු හමුදාවෝ ඩෝනියා ගේ ගොවි ගම්මානයට වැදි අතර එහිදී ඩෝනියාගෙ සුන්දර බිරින්දෑ කෙළසා මරාදැමූයේ ඩෝනියා ගේ සෙනෙහබර පැල්පත ගිනි තබා වස්තුව කොල්ල කා පළා ගියෝය. ඉහළ නැගි දුම් වළාවේ සැකයට හැල්මේ දුව ආ ඩෝනියා එනවිට සියල්ල සිදුව අහවර වී තිබූ අතර ඉන් උපන් කෝපයෙන් එදා සිට කළු හමුදාව ඇතුළු රාජ්‍ය සංස්ථාවම සුණු විසුනු කරලූ මහා කැරල්ලක නායකත්වය දරමින් ඕලන්ද රජුගේ ලෝකය දිනන සිහිනයේ නිද්‍රාව බිදලූ දුස්වප්නය විය.

    අඩි හතක් වූ තමා තරමටම උස් වූ මහා අසිපතකින් සන්නද්ධ වූ මේ මහා යෝධයා සංග්‍රාමයේදී එක් කඩු පහරින් හිස් සතරක් සිදලූයේ කළු හමුදාව රතු රුධිරයෙන් පොගවා වෛරයේ ගින්නෙන් අවුළුවා අළු කර දැමීය. කළු හමුදා නැසීමෙන් අනතුරු මුහුදු කොල්ලකාරයෙකු ලෙස දිවි ඇරඹි ඩෝනියා ඕලන්ද, ඉංග්‍රීසී, ප්‍රංශ හා පෘතුගාල නෞකා සුනුවිසුනු කරදැමුයේ උන්ගේ කොලනි සිහිනයන් මුහුදු පතුලෙහි ගිල්වා අඩපණ කරලූයේ සමස්ථ බටහිර වරිගයාගේ පොදු සතුරා බවට පත්විය.

    බිරිදගේ ඉහිරිණු රුධිරයේ වාඩුව රුධිර සාගරයක් මතින් පියවා ගත් ඩෝනියා ඈ ආදරයෙන් මුසපත් කලා වූ මද සිනහවේ අවශේෂයක් මුව රන්දා 1520 හි ඔක්තෝබරයේ 18 වන සන්ධ්‍යාභාගයේ මරු වැළදගත්තේ රළ බිදෙන මායිමේදී මළ කදෙහි උණුසුම සුළගේම සිසිලසින් නිවෙන්නට හැරදා ඈ සොයා නිදහසේ ඉගිලුණි!



    jGyoE0V.jpg