කඩොලාන මෙච්චර වටින්නේ ඇයි ?

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,016
    198,394
    113
    Colombo, Sri Lanka
    1.jpg


    ලෝකයේ තිබෙන පරිසර පද්ධතිය අතරින් ඉතා වැදගත් පරිසර පද්ධතියක් ලෙස කඩොලාන හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් අනූන සුන්දර දුපතක් නිසා ශ්‍රී ලංකාව වටා ඇති වෙරළ තීරය ආශ්‍රිතවද කඩොලාන දැක ගත හැකිය. අන්තර් උදම් කලාපය මුල් කොට ගෙන කලපු, මෝය සහ කලපුවල කුඩා දුපත් ආශ්‍රීතව කඩොලාන පරිසර පද්ධති හමුවේ. කරදිය සහ මිරිදිය යන දෙවර්ගයම මිශ්‍රව ඇති ප්‍රදේශවල තිබෙන මෙම කඩොලාන ශාක දක්නට ලැබෙන අතර, සාමාන්‍ය ශාකවලට ජීවත් වීමට අපහසු ලවණතාවයෙන් යුතු ජලය, බුරුල් ආමිලික පස, අධික සුළං සහ හිරු එළිය සහිත වීම යන කරුණු එම ශාක වර්ධනයට අවශ්‍ය පරිසර සාධක වේ. සෑම ජීවීයකුට මෙන්ම කඩොලාන සඳහා ද ඔක්සිජන් , මිරිදිය,පෝෂණ ද්‍රව්‍ය ආදිය අවශ්‍යයි. අවට පරිසරයේ තිබෙන අවම ඔක්සිජන් , මිරිදිය,පෝෂණ ද්‍රව්‍ය ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට කඩොලාන අනුවර්තනය වී තිබෙනවා.


    2.jpg


    3.jpg


    කඩොලාන ශාක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තයි. ඒ කඩොලාන හෙවත් සත්‍ය කඩොලාන සහ ආශ්‍රිත කඩොලාන යන ශාකයි. කඩොලාන පරිසර පද්ධතියේ පමණක් දක්නට ලැබෙන කඩොලාන වර්ග සත්‍ය කඩොලාන ලෙස ද, කඩොලාන පරිසර පද්ධතියේ මෙන්ම පිටස්තරව ද හමුවන කඩොලාන ආශ්‍රීත කඩොලාන ලෙස ද හදුන්වනු ලබනවා. මල් කඩොලාන, හීන් කඩොල්, මට්ටි කඩොල් වැනි කඩොලාන විශේෂ ද, මඩගස්, මණ්ඩ වැනි විශේෂ ද කිරල විශේෂ ද සත්‍ය කඩොලාන වලට උදාහරණයි. ආශ්‍රීත කඩොලාන සඳහා ඉකිලි,කැරැන්කොකු හා ඇටුන වැනි කඩොලාන දැක්විය හැකිය. කඩොලාන ශාක හටගන්නේ මඩ සහිත පරිසරයක නිසා එම පොළවේ ශක්තිමත්ව වැඩීමට පොළව දෙසට ගසෙන් මුල් වීශාල ප්‍රමාණහක් ඇදෙනවා. කඩොලානවල මුල් ප්‍රධාන වර්ග දෙකකට බෙදිය හැකිය. ඒ කයිරු මුල් (stilt roots) සහ කරුමුල්(prop roots) වශයෙන්.



    4.jpg




    “ජලාබුජතාවය“ කඩොලාන ශාක සතු වීශේෂ ලක්ෂණයක්. ජලාබුජතාවය ලෙස හැදින්වෙන්නේ බීජය මව් ශාකය මතදීම පැළකර කුඩා පැළයක් ලෙස පරිසරයට මුදා හැරීමයි.කඩොලාන පරිසරයේ ඇති අධික ලවණතාවය නිසා එයි බීජ පැළවිය නොහැකිය. ජලාබුජතාවය ඊට හොඳ පිළියමක්. මහ කඩොල්, හින් කඩොල්, සහ පුංකණ්ඩ වැනි කඩොලාන මෙලෙස ජලාබුජතාවය නිසා බිහිවන ශාකයි.මෙම ශාක තිබෙන පරිසරයේ ස්වභාවය නිසා අධික සුළඟට අධික හිරු එළියට නිරාවරණය වී තිබෙනවා. එම නිසා උත්ස්වේදනය මගින් අධික ලෙස ශාක පතුවලින් ශාකයේ තිබෙන ජලය පිටවිය හැකියි.මෙයට කඩොලාන ශාක දක්වන්නේ ඉතා හොඳ අනුවර්තනයක්. පතු මතුපිට ඉටි වැනි ස්වභාවයක් තිබීම, පතු දිළිසෙන සුළු බවක් පෙන්වීම , පත්‍ර ඝනකමින් වැඩීවීම (මාංසල වීම) එම අනුවර්තනයන් .පත්‍ර මතු පිට ඇති ඉටි වැනි ස්වභාවය නිස පත්‍රයෙන් ජලය වාෂ්ප වීම අඩු වන අතර, දිළිසෙන සුළු ස්වභාවය නිසා පත්‍රවලට වැටෙන ආලෝක කිරණ පරාවර්තනය වෙනවා.ඒ කඩොලාන සතු විශේෂත්වයන්.

    5.jpg




    කඩොලාන ශාක වර්ධනය වන්නේ මුහුද/කලපුව හා ගොඩබිම අතර කලාපයේ නිසා රළ පහර මඟින් සිදුවන වෙරළ ඛාදනය කඩොලාන ශාක නිසා වැළකී යනවා. කඩොලාන මෙලෙස Buffer Zone එකක් ලෙසින් ක්‍රියා කිරීමේ වැදගත්කම හොඳින්ම ප්‍රදර්ශනය වූයේ සුනාමි ව්‍යසනය අතරතුරයි. විශාල මුහුදු රළ කෙලින්ම ගොඩබිම වෙත කඩාගෙන එනවා වෙනුවට කඩොලාන ගස් අතරින් පැමිණි විට සිදු වූ හානිය බොහෝ සෙයින් අඩු වී තිබුණා.ඔබ දන්නවාද සාගරයේ හා කලපු වල ජීවත් වන බොහෝ සත්ත්ව විශේෂ තමන්ගේ කුඩා කාලය කඩොලාන මුල් අතර ගෙවා දමන බව. විශේෂයෙන්ම මත්ස්‍යයන් මෙසේ තම ජීවිතයේ මුල් අවධිය කඩොලාන මුල් අතර ගත කරන්නේ විශාල හා සංකීර්ණ කඩොලාන මුල් පද්ධතිය තුළ තමන්ට ආරක්ෂාව ලැබෙන නිසායි.

    6.jpg



    මීට අමතරව ඉස්සන් කකුළුවන් වැනි සතුන් රැසක් සතුරන්ගෙන් ආරක්ෂා වී ජීවත්වීමට කඩොලාන පරිසරයේ සහය පතනවා. මේ නිසාම කඩොලාන ශාක අතර තිබෙන්නේ ඉතාමත් විශාල හා සංවේදී පරිසර පද්ධතියක් වන අතර මෙහි ඇසට නොපෙනෙන කුඩා ප්‍රමාණයේ ජීවීන්ගේ සිට අඩි ගණනක් දිගින්‍ යුතු විශාල මත්ස්‍යයන් පවා ජීවත් වනවා. කඩොලාන ශාක විනාශ වන විට මෙම සතුන්ට බිත්තර දැමීමට, ආරක්ෂා සහිතව ජීවත්වීමට තිබෙන ප්‍රදේශ නැතිවී ගොස් කලක් යන විට එම සතුන්ගේ ගහනය අඩු වී යනවා. මෙයින් විශාලම තර්ජනය ඇති වන්නේ ධීවර ප්‍රජාවට බව අමුතුවෙන්ම කියන්න ඕනෙ නෑ නෙ.

    7.jpg



    කඩොලාන ශාක වලට සාමාන්‍ය ශාක මෙන් කිහිප ගුණයකින් කාබන් උරා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ කියන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට එකතුවන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන අපිට හුස්ම ගැනීමට ඔක්සිජන් ලැබෙනවා. මෙම ක්‍රියාව සාමාන්‍ය ශාක වලට වඩා කිහිප ගුණයකින් වැඩිපුර කඩොලාන ශාක වලින් ඉටු වෙනවා වූවත් මේ පිළිබඳ අපේ රටේ ජනතාවට තිබෙනා දැනුම අඩු නිසා ඔවුන් කඩොලාන ශාකයක් කොතරම් වටිනවාද කියා දන්නේ නැති තරම්.



    8.jpg


    මෙම ශාක මගින් සිදුවන ප්‍රධාන සේවය “මුහුදු කෑම“ වැළැක්වීමයි. මෙම ශාක සතු කයිරු මුල් ඉතා හොඳින් පස සමඟ බැඳී තිබෙන නිසා පස ආවරණය වෙනවා. එයින් මුහුදු රළ පස සමඟ ගැටීම වැළකී “ මුහුදු කෑමෙන්“ මුහුදු වෙරළ ආරක්ෂා වෙනවා. 2004 වසරේ අප රටට තදින්ම බලපෑ සුනාමි තත්වයෙන් අඩුම හානි සිදුවුයේ වෙරළ කලාපයේ කඩොලාන ශාක වලින් ආවරණය වූ ප්‍රදේශ වලටය. මෙයින් කඩොලාන ශාක වල වැදගත්කම මොනවට පැහැදිලි වේ.

    බොහෝ විට මුහුදු වෙරළ ළඟින්ම පිහිටන්නේ කඩොලාන ශාක පද්ධතියයි.මුහුදේ සිට එන වේගවත් සුළඟ පළමුවෙන්ම වඳින්නේ කඩොලාන ශාක මතයි. මේවා සතු සුළඟට ඔරොත්තු දීමේ හැකියාව රට තුළට පැමිණෙන සුළගේ වේගය අඩු කිරීමට උපකාරි වෙනවා. එබැවින් ස්වභාවික ආපදා (උදා. සුළි සුළං) කළමනාකරණයට මෙම ශාක ප්‍රජාව වැදගත් වේ.

    මෙම ශාක තුළ සිදුවන ප්‍රභාසංශ්ලේෂණය ක්‍රියාවලිය නිසා නිපදවෙන ද්‍රව්‍ය එම ශාක පත්‍ර තුළ සහ කඳන්වල තැනපත් වෙනවා. ක්ෂුද්‍ර ජීවීන් ඒවා වියෝජනය කර ප්‍රෝටීන් බහුල කුඩා අංශු බවට පත් කරනවා. ඒවා කුඩා ජලජ ජීවීන්ට හොඳ ආහාරයක්. එම කුඩා සතුන් වීශාල සතුන්ගේ ආහාර බවට පත් වෙනවා. එම නිසා කඩොලාන ශාක පරිසරය, විශාල ආහාරදාමයක ආරම්භක පුරුකක් ක්‍රියාකරයි. එසේම බොහෝ මුහුදු ජීවීන්ට ආහාර සපයන ආහාර ගබඩාවක් ලෙස කඩොලාන ශාක පරිසරය හැඳින්විම නිවැරැදියි. මෙම පරිසර පද්ධතිය ආශ්‍රීතව ජීවත් වන මත්ස්‍යයින් අතර ඉස්සන්, කකුළුවන්,පොකිරිස්සන් වැනි මත්ස්‍යයින්ට හිමි වන්නේ ප්‍රධාන තැනක්.කඩොලාන මගින් ධීවර කර්මාන්තයට සිදුවන මෙහෙය මෙයින් පැහැදිලිය.




    9.jpg

    ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂින්ට රටට ඇතුළු විමේදී පළමුවෙන්ම හසුවන්නේ මෙම කඩොලාන ශාක පරිසරයයි. එම කුරුල්ලන්ගේ ආරම්භක සංචාරක නිකේතනය වන්නේ කඩොලාන පරිසරයයි. මෙම ශාක ආශ්‍රිතව තවත් සතුන් රැසක්ම ජීවත් වෙනවා. වල් බළලා, හඳුන් දිවියා, දිය බල්ලා, මීයා, වවුලා, මුහුදු ඌරා වැනි සතුන් ද විවිධ උරග විශේෂ ද ඒ අතරින් ප්‍රධානයි. ඒ අනුව මෙම ශාක පද්ධතිය ජෛව විවිධත්වය අතින් අනූන වේ.

    කඩොලාන ශාක මඟින්, ඒ ආශ්‍රිතව ජීවත් වන විවිධ සතුන්ට මෙන් මිනිසුන්ට ද කරන්නේ විශාල මෙහෙයක්. කැරැන්කොකු නමින් හැඳින්වෙන මීවන වර්ගයට අයත් කඩොලාන ශාකයේ දළු ඉතා ජනප්‍රිය මැල්ලුමක්, ගැමියන් විසින් ගිංපොල් ශාකයේ අතු වලින් පැදුරු, වට්ටි ආදිය සකසා ගන්නවා.බොහෝ විට වෙස් මුහුණු කැපීමට භාවීතා කරන්නේ ගොන් කඳුරු ශාකයේ කඳ කොටසයි. එමෙන්ම මහ කඩොල්, මල් කඩොල්, මණ්ඩ වැනි ශාක ශක්තිමත් නිසා තාවකාලික නිවාස සෑදීමට දැව ලෙස යොදා ගන්නවා. වියන ලද “ගිංපොල්” පත්‍ර නිවාස වහල සෙවිලි කිරිමට යොදා ගන්නවා. එමෙන්ම මසුන් ඇල්ලීමේදී උගුල් ඇටවීමට ද බොහෝ විට කඩොලාන ශාක භාවිතා කරනවා. මීලමු කලපුවේ “මස් අතු” සඳහා යොදා ගන්නේ මණ්ඩ අතුයි. ශක්තිමත් කඩොලාන කඳන් ඔරු සෑදීමට ද හොදා ගන්නවා.

    මී මැසි පාලනයට කඩොලාන පරිසරය ඉතාම යෝග්‍යයි. ලෝකයේ තිබෙන විශාලතම කඩොලාන පරිසර පද්ධති වලින් එකක් වන බංගලාදේශයේ “සුන්ඔබාන්ස්” ප්‍රදේශයේ පිහිටි කඩොලාන පද්ධතියෙන් වසරකට මී පැණි ටොන් 20ක් පමණ ලබා ගන්නවා. එබැවින් ලංකාව වටා පවතින මුහුදු වෙරළ ඵලදායි ලෙස ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා යොදාගත හැක.

    කඩොලාන ආශ්‍රීතව ජීවත් වන බෙල්ලන්, හුනු කර්මාන්තයට යොදා ගැනීම සුලබයි. මෙම සුවිශේෂී පරිසර පද්ධතිය ඉතා අලංකාරවත් පරිසර පද්ධතියක් නිසා සංචාරක කර්මාන්තයට ද ඉතා වැදගත්. මාදු ගඟේ සංචාරයක් කර ඇත්නම් ඔබ ඒ සුන්දරත්වය විඳ ඇත.





    10.jpg

    මෙවැනි වටිනාකම් නිසා කඩොලාන හඳුන්වන්නේ ලෝකයේ ඵලදායීතාවය වැඩිම සහ ජීවවිද්‍යාත්මක ලෙසින් ඉතාමත් සංකීර්ණ වූ වනාන්තරය පද්ධතියක් ලෙසිනුයි. මීට අමතරව මුහුද හා ගොඩබිම වනාන්තරය එකිනෙකට යා කෙරෙනා පාලමක් ලෙසින් කඩොලාන හඳුන්වන්නේ කඩොලාන වනාන්තර අතරමැද සිට එම පරිසර පද්ධති එකිනෙක සම්බන්ධ කරන නිසායි. ලෝකයෙන්ම නිවර්තන කලාපයට විශේෂ මේ කඩොලාන වලට ලැබිය යුතු අවධානය හා වටිනාකම අපේ රටේදී ලැබෙනවාද යන්න තරමක් ගැටළු සහගත වූවත් රටක් ලෙස කඩොලාන ශාක ප්‍රජාවක් අප සතු වීම අප රට ලැබූ භාග්‍යයක් වන අතර එවන් සුවිශේෂී වූ පරිසර පද්ධතියක් රැක ගැනීමට කටයුතු කරනා රාජ්‍ය නිළධාරීන් සිටීම පරිසරයට ආදරය කරන අපගේත් භාග්‍යයක්. මේ සටහන ඇය නැගූ හඩට අප විසින් ලබා දෙන ශක්තියයි. කඩොලාන ශාක පරිසයේ පැවැත්මට කරන්නේ විශාල සේවයක්.අතීතයේදී එතරම් ප්‍රයෝජනයක් නොමැති වගුරු බිම් ප්‍රදේශයක් ලෙස කඩොලාන ශාක සහිත පරිසර පද්ධති සැලකුවත්, වර්තමානය වන විට පරිසරවේදීන් සහ පරිසර විද්‍යාඥයින් එම ශාක මගින් සිදුවන සේවය හදුනාගෙන ජනතාව අතර ප්‍රචලිත කරමින් සිටි.


    තොරතුරු අන්තර්ජාලයෙන්
    පෙළගැස්වීම සහ කැටයම් මගෙන් NRTG
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හිතන පතන විදිය තමා මචන්... ජරා යක්කු ඕකුන් යවන අපිම තම වෙරෙද්ද කරන්නෙ. බලන්න පුත්තල්ං දිස්ත්‍රික්කේ කඩොලාන වැඩි කැලේ වැඩි පළාත්. දින්නේ අර මී හරක සනත් නිශාන්ත අමනයා... ඉතින් එහේ මෝඩ මිනිසුන්ට කඩොලාන වටින් නැත්නම් රටෙ අනිත් කොනේ ඉන්න අපි මක් කොරන්නය ?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔයාගෙ ත්‍රෙඩ් හරි වටිනව........ දිගටම ලියන්න.....

    වෙලාවකට හිතෙනව මේ පරිසර පද්ධති දකින අවසන් පරම්පරාව අපි වෙයිද කියල..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,016
    198,394
    113
    Colombo, Sri Lanka
    වෙලාවකට හිතෙනව මේ පරිසර පද්ධති දකින අවසන් පරම්පරාව අපි වෙයිද කියල..
    [/QUOTE]

    එකනම් සහතික ඇත්ත සහෝදරයා. ඊළග පරම්පරාවට දකින්න හන්බුවෙන්නේ කාන්තාරයක් තමයි. අදහස් පළකලාට ගොඩක් ස්තුතියි.
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,016
    198,394
    113
    Colombo, Sri Lanka
    kadolana wala mokakda cooking ekka thiyena sambande?


    මෙම පරිසර පද්ධතිය ආශ්‍රීතව ජීවත් වන මත්ස්‍යයින් අතර ඉස්සන්, කකුළුවන්,පොකිරිස්සන් වැනි මත්ස්‍යයින්ට හිමි වන්නේ ප්‍රධාන තැනක්.