කණපිට ගැහුව - මෝඩයාගේ පාලම 🛤🌉 (Fool's Bridge🏞)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කණපිට ගැහුව - මෝඩයාගේ පාලම 🛤🌉 (Fool's Bridge🏞) - Your Choice Way
    අදත් අපි කතා කරන්න යන්නේ හරි අපූරු පාලමක් ගැන..ඒක නමින් මෝඩයාගේ පාලම. නම නිසාම මේ කතාව ඔයාලට අමතක වෙන එකක් නෑ..

    මේ පාලමේ විශේෂත්වය වන්නේ සාමාන්‍යයෙන් පාලම්වල ආරුක්කුව තියෙන්නේ උඩ අතට නේ. නමුත් මේ පාලමේ තියෙන්නේ යටි අතට.

    මේ පාලම වැටිලා තියෙන්නේ මහවැලි ගඟ හරහායි. උලපනේ ප්‍රදේශයේ ඇති මේ පාලම දැන් කැලෑවෙන් වැහිලා. පාලම දැන් අබලන් තත්වයේ පවතින නිසා පාවිච්චියට ගන්නෙ නෑ කියලා තමා ආරංචිය..

    මේ පාලමට මේ නම හැදුනේ මෙන්න මෙහෙමයි..1904 කාල වකවානුවේ තමා මේ පාලම සුදු ජතිකයින් විසින් නිර්මාණය කර ඇත්තේ..

    තම උඩරට තේ වතුවලට අශ්ව කරත්ත සහ තවලම්වලින් යාම සඳහා ඉංග්‍රීසි ජාතිකයන් විසින් ඉදිකර ඇති මේ පාලමෙහි විශේෂත්වය කලින් කිව්වා වගේම එහි පාලම් ආරක්ෂිත ඇන්ද උඩට නොව යටි පැත්තට සිටින සේ සවිකර තිබීමයි.


    මේ නිසා ගොඩක් අය මේ ගැන පාලම ඉදිකරපු සුදු ජාතික ඉංජිනේරුවරයාට නොසෑහෙන්න අවලාද කියලා..

    දෝෂාරෝපනයන් ඉවසාගත නොහැකි වූ පාලම ඉදිකළ සුදු ජාතික ඉංජිනේරුවරයා සියදිවි නසාගෙන තිබෙනවා..

    එසේ මෝඩ අයුරින් පාලම සැකසීම නිසා මේ පාලම මෝඩයාගේ පාලම නමින් හඳුන්වන්නට වූ බවත් පැවැසේ.

    අතීත කතා එසේ වුවද අද වනවිට වර්තමාන ඉංජිනේරුවන්ගේ බහුතර මතය වී ඇත්තේ ශක්තිය, ආරක්ෂාව මෙන්ම බර දරාගැනීමට හැකිවන සේ එලෙස පාලම යටි අතට ඉදිකොට ඇති බවයි

    මේ පාලම අසල ඊට පසු භාවිතා කරන ලද පාලම මෙන්ම මෑතකදී ඉදිකරන ලද මංතීරු දෙකේ නව පාලමද පිහිටා ඇති අතර මහවැලි ගඟ හරහා එකම ස්ථානයේ පාලම් තුනක් දැකිය හැකි එකම තැනද මෙය ලෙස සැලකේ.

    පාලම ඉදිකරන්න කපා ඔප දමන ලද කලු ගල් යොදාගෙන තියෙනවා.. මේකට කණපිට පාලම කියලත් කියනවා..සමීප පින්තූර නම් හොයාගන්න බැරිවුණා..

    Original Article Click Here
     
    Last edited by a moderator:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    සියදිවි හානිකරගත්ත කියන එක නිකන් කට කතාවක් විතරයි. එහෙම එකක් ඇත්තටම වෙලා නෑ. ඔහොම හදල තියෙන්නෙ plan කරලමයි