දවසක් හොදටම ගහලා රෑ 1ට විතර ආවා... මට තේරුනා වාහනේ එලවන්න බෑ ඈස්දෙක හොදටම පියවෙනවා කියලා.. ඒත් බොහොම අමාරුවෙන් ඈස් දෙක ඈරගෙන හෙමින් හෙමින් ආව... උදේ 5ට විතර ඈහෑරිලා බලනකොට අතුරුගිරිය පෑත්තේ හෙන ඈතුලක නොදන්න පෑත්තක කාර් එක නතර කරගෙන ඉදලා තීය්න්නේ. මෙලෝ දෙයක් මතක නෑ.. මෑප් එක බලාගෙන හයිලේවල් එකට ආවා පෑයක් විතර එලවලා.
තව දවසක් රෑ හොදටම ගහල එන ගමන් නුගේහොඩ හරියෙදි මට තෙරුනා තවත් නම් යන්න බෑ කියලා.. කාර් එක පාරේ අයිනට දාගෙන මම පොඩ්ඩක් නිදාගන්න්න හිතුවා... රෑ 2ට විතර වෙන්න ඕන. හොද පොඩ්ඩ.. ඈහෑරෙනකොට 6.30, අම්මටසිටි කාර් එක ස්ටාට් වෙන්නේ නෑ.. මම නිදාගෙන තියෙන්නේ ලයිට් ඔන් කරගෙන, බෑටරිය බෑහෑලා. තල්ලුවන් දාන්න වත් බල්ලෙක්වත් නෑ... මූසලයා වගේ ගද ගහ ගහ කෙලින් ඈවිදගන්නත් බෑරිව වාහනේ පාරේ දාල මම ගියා බෑටරි කඩයක් හොයාගෙන මහරගමටම...
ආහ්.. තව ගොඩාක් කාලෙකට ඉස්සර.. එදානම් වාහනේ නෑ.. ඒත් හොදටම ගහලා තිබිරිගස්යායේ හන්දියට ආව ත්රීවීල් එකක් වත් ගන්න ගෙදර යන්න.. මහ රෑ සෑහෙන වෙලා ගියා කිසිම වාහනයක් නෑ.. ඉතින් මම පොඩ්ඩක් වාඩිඋනා පේමන්ට් එකේ කෙලින් ඉන්න බෑරි හින්දා... අම්මටසිරි, ඈහෙරෙනකොට උදේ 6.30 විතර... මිනිස්සු පාරේ යනවා මගේ දිහා බල බල, මම ෆුල් දිලිසෙන පාටි ශර්ට් එකක් ඈදලා කිට මරලා හිටියේ. පොලොව පලන් යන්න හිතුනා සින්හලයෝ.. නඩිටලා සෙනිකවම ගියා ජාවත්ත පාර පෑත්තට. මතක් වෙනකොටත් ලෑජ්ජයි.
ඔය වගේ ගොඩාක් සිද්දි වෙලා තියෙනව ඔය හෑම සෑරේම හිතාගන්නවා ආයෙ නම් කවදාවත් බොන්නේ නෑ කියලා, ඒත් ඊලග සිකුරාඩත් බොනවා.
දෑන් නම් බොන්නේ නෑතිම තරම්... බිව්වත් උපරිම ශොට් දෙකයි බොන්නේ.. දෑනෙනෙත් නෑති තරම්.. වෙලා තියෙන හෑම දේකිනම පාඩම් ඉගෙනගත්තා. කවදහරි ලමයෙක්ට උනත් උපදෙස් දෙන්න පුලුවන් ජීවිතේට නොබීපු එකෙක්ට වඩා.