මේ සිද්ධිය මීට අවුරුදු ගාණකට කලින් සිද්ධ වෙච්ච දෙයක්. කසාද බදින්න කලින්. ඩේලි ඩ්‍රින්කිං. කරන රස්සාවේ හැටියට හැමදාම ලොකු ලොකු හෝටල්වල බොන්න සෙට් වෙනවා. ඒ නැත්තං අතිං වියදං කරලා හරි අපේ සුපුරුදු තැන්වල බොනවා. කැළණිය කැම්පස් එකේ ෆ්රීලාන්ස් කරපු පොරක් වැඩ කළා මාත් එක්ක. පොර කැම්පස් කාලේ හොදට බිව්වා කියලා තමයි කිව්වේ. දවසක් පොර මට චැලේන්ජ් කළා වැඩියෙන් බොන්නේ කවුද කියලා බලමු කියලා. කොළඹ රිකී එකට ගියා. ගත්තා බෝතලයක් දැං බොනවා. මූ ගැන මං හොදට දන්නවා. උගේ එක ලයින් එකක් පැන්න ගමන් පිස්සු. ආයි ඉතිං චා තමයි. මාත් හිත හදාගෙන බිව්වා. බෝතලය ඉවර වුණා. භාගයක් ගෙනාවා. අර භාගයෙන් පොඩි ෂොට් එකක් දැම්මා විතරයි මුගේ රතු ඉර පැන්නා. ඕන්න පටං ගත්තා පෙරහැර. මූ පිටි පස්සේ මේසේ හිටිය සෙට් එකකට අම්මා මතක් කරලා බණින්න පටං ගත්තා. උං හොද සෙට් එකක් උන්ට තේරුණා මූට පිස්සු කියලා. ඇදගෙන ආවා පල්ලෙහාට. මූ පොලොවේ පස් කනවා. මූ ඉන්නේ අවිස්සාවේල්ලේ. දැං ඉතිං මොන හුයන්නක් කරන්නද? ඇදගෙන ආවා මහපාරට. මූව කන්ට්‍රෝල් කරන්නම බැහැ. පිස්සු ලෝකයක්. අදුරන ත්‍රීවීල් කාරයෙක්ට කතා කරලා දා ගත්තා අමාරුවෙන් ඇතුළට. මූ එහා පැත්තෙන් බහින්න හදනවා. කකුල දානවා එළියට. කොහොම හරි හිර කරගෙන පැයක් විතර යනකොට මූට නින්ද ගියා. දැං ප්‍රශ්නේ මුගේ ගෙදරට කොහොමද එක්කගෙන යන්නේ කියලා. මූ ගෙදරට පූස් පැටියා. කොහොම හරි එක්කගෙන ගියා ගේ ගාවට. මං කිව්වා මූට ප්‍රෙෂර් වැඩිවෙලා කියලා. ගෙදර බාර දුන්නා. නැග්ගා වීල් එකේ ආවා ගෙදෙර.
දැං මං ගැන. මං කොච්චර බිව්වත් කොහොම හරි ගෙදර යනවා. ඉන්න තැන චා වෙන්නේ නැහැ. කොටුවේ හොදට බීලා බයිසිකලේ ගෙදර ගිහිල්ලත් තියෙනවා. පොලිසියටවත් අහුවෙලා නෑ. දැංනං ගෙදර තමයි බොන්නේ. නහුතෙට වෙරි වෙන වෙලාවල්නං එන්නේ කලාතුරකින්. කොහෝ බිව්වත් කොච්චර බිව්වත් මට ගෙදර යන්න පුළුවන්. ඒක මට ලැබිච්ච වාසනාවක් කියලයි මම හිතන්නේ. දැන් නං ඔෆිස් ඇරිලා බොනවා නං බයිසිකලේ එන්නේ නෑ. බීලා බයිසිකලේ යන්නෙත් නෑ. ජීවිතේටම බීලා වමනේ දාලා තියෙන්නේ දෙපාරයි. එකක් මීට අවුරුදු ගාණකට කලින් දකුණු පළාත් සභා ඡන්දෙට වැඩකළා මාතර ප්‍රබලයෙකුට. නිදිමරාගෙන රිසාල්ට් ඇනලයිස් කරලා කොළඹ එන්න පිටත් වුණා. පොල්හේනට ගිහිල්ලා බියර් බිව්වේ. නිදිමතයි මහන්සියයි එක්ක බිව්වා. බයිට් වැඩිය තිබ්බෙත් නැහැ. වමනේ ගියා. අනිත් වෙලාව තමයි කාසල් එක ඉස්සරහා තියෙනවා චයිනීස් රෙස්ටොරන්ට් එකක්. ඒක උඩ තිබ්බ ෆෙයාවෙල් එකක දී වැඩි වෙලා වමනේ දැම්මා. එච්චරයි. ඊට පස්සේ අද වෙනකං නෑ.