කණ්නාඩි හොරු

sameera_1986

Active member
  • Sep 20, 2016
    227
    38
    28
    විවා එලයිට් වර්ගයේ අපේ හිමිකරුවන් මුහුණ දෙන අලුත්ම භයානක ගැටළුවක් වන්නේ මේ දිනවල සීග්‍රයෙන් සිදුවන පැති කණ්නාඩි සොරකමයි. සොරකම සීග්‍ර සහ ව්‍යාප්ත වනවිට එසේ සොරකමට ලක්වන කොටසට ඉතා ඉහළ මිලක් නිර්මාණය කිරීමට පංචිකාවත්තේ හොරුන් සහ විජේරාම ගිනිකන්නන් සමත් වේ. මෙම කොටස නැති වූ විට ඔබ පංචිකාවත්තට ගියොත් පැති කණ්නාඩි කවරය පමණක් රුපියල් 2500.00 ලෙස මිළ කියනු ලැබේ. විජේරාම වෙළෙන්දා ඊට රුපියල් 3000.00 මිළ කියනු ඇත. කලදුටුකල වලඉහ ගන්නා අපේ කොම්පැනියද පැති කණ්නාඩි කවරය හෙවත් මේ ප්ලාස්ටික් කැබැල්ලට රුපියල් 3500.00 ක මුදලක් අයකරයි. ප්‍රශ්නය නම් මේ මිළ නියම වන්නේ පැති කණ්ණාඩියේ Signal Light ඇති කවරයට නොවේ.නිකම්ම ප්ලාස්ටික් කවරය ඇති මොඩල වල මෝටර් රථ සඳහාය.මිළ පිලිබඳ අපට කිරීමට දෙයක් නැත.ඒ නිසා පැති කණ්නාඩි කවරය සොරුන්ගෙන් රැක ගැනීම අප සතු වගකීමකි. අපි ඔබට පෙන්වා දෙන්නේ මේ පැති කවරයේ අධික මිළ පමණි. එහි වටිනාකම විවා එලයිට් පදවන තවත් කෙනෙකුට දැන ගැනීමට මෙම ලිපිය shear කරන්න. තවද ඔබ දැනගත යුතුම දෙයක් තිබේ, රුපියල් 3500 කට කොම්පැනිය අපිට විකුණන පැති කණ්නාඩි කවරය අපේ වාහනය හදන මැලේසියාවේදී ශ්‍රී ලංකා මුදලින් රුපියල් 1330.00 ක් පමණි. RM 35 යනු මැලේසියානු මුදල් ඒකකය වන රින්ගිත් වලින් 35 කි. එය රුපියල් වලට පරිවර්තනය කලවිට රුපියල් 1330.00කි. එය මෙරටට ගෙන්වීමේදී ටවත් RM 10.00 හෙවත් රුපියල් 380.00 ක් වැයවෙන බව ඉහත online shopping link එකකින් ගත් පිංතුරයෙන් පැහැදිලි වනු ඇත. ඒ අනුව තොග පිටින් ආනයනය කරන අමතර කොටස් ලබාදිය හැකි මුදල ගැන ඔබට දැන් අවබෝදයක් ලැබෙන්නට ඇති. ඒ නිසා හොරුන්ට වාහන අමතර කොටස් වලට මිලක් හදන්නට ඉඩ නොදෙමු..
    1710714715868238
    1710714735868236