කතගේ තට්ටම කැපූ සැකකරු 27 තෙක් රිමාන්ඩ්
2011 ජූනි 24 වෙනි සිකුරාදා, 12:53 Sri Lanka Mirror Editor
මාර්ග අංක 154 කිරිබත්ගොඩ සිට අගුලාන දක්වා ගමන් ගන්නා බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවකගේ තට්ටම් ප්රදේශය තියුණු ආයුධයකින් කපා සුළු තුවාල සිදු කළ අයෙක් ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ්භාරයේ තැබීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (24) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ්භාරයට පත්කරනු ලැබුවේ මාකොළ පදිංචි දොන් ගාමිණී විරසිංහ නැමැති අයෙකි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ඉඹුල්ගොඩ නාගොඩ පාරේ පදිංචි දොන් නිලානි රණසිංහ නැමැති කාන්තාවකි.
පැමිණිලිකාරිය අදාළ බස් රථයේ ගමන් ගන්නා විට කිසියම් අයෙකු ඩී.එස්. සේනානායක විදුහල ආසන්නයේදී තමාට හේත්තුවී තට්ටම් ප්රදේශට පහරක් එල්ල කළ බව දැනුන බවත්, පසුව බසයෙන් බිමට බැස බලද්දී තමාගේ කලිසමේ පසුපස පෙදෙස හා තට්ටම් ප්රදේශය තුවාල වී තිබූ බවත් පැවසූ බව පොලිසිය අද අධිකරණයට දැන්වීය.
මෙම සැකකරු කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදී තිබිණි.
Copied from : Srilanka Mirror