කතාව කියවා බලා ජීවිතයට යමක් එකතු කර ගන්න

probook

Junior member
  • Apr 1, 2013
    211
    6
    18
    කතාව කියවා බලා ජීවිතයට යමක් එකතු කර ගන්න

    එක්තරා අබු සැමි යුවලක් ජීවත් වුනා. මේ යුවල විවාහ පත්වී බොහෝ කලක් ගියද මේ යුවලට දරුවන් සිටියේ නෑ. දරුවෙකු ලැබීමට ආසාවෙන් සිටියද ඒ සිහිනය ඉටුනොවන බව වටහාගත් මේ යුවල තමන්ගේ පාලුව කන්සිය මකා ගැනීමේ අරමුනින් සුරතල් බල්ලෙක් ව ඇතිදැඩි කිරීමට පටන්ගත්තා. මේ බල්ලා මේ දෙපලගේ දැඩි ආදරය සහ රැකවරනය ලබමින් ඉතා සුරතලෙන් කාලය ගතකලා. මෙසේ ටික කාලයක් ගතවීමෙන් පසු මේ කාන්තාවට දරුගැබක් පිහිටියා. නියමිත කාලය ගෙවීමෙන් පසු මේ කාන්තාව පිරිමි දරුවෙකු බිහිකලා. තමන්ගේ සිහිනය ඉටු කරමින් පවුලට එක් වූ දරුවාට මේ යුවල ඉතා දැඩි ලෙස ආදරය කලා. නිතර ඔහු සුරතල් කරමින් කාලය ගතකලා.

    මෙතෙක් කාලයක් මේ යුවලගෙන් තමන් ලඩ ආදරය ටිකෙන් ටික අඩුවෙමින් යද්දී බල්ලා ඉතා කනස්සල්ලෙන් යුතුව මේ දරු සුරතල් දෙස බලා සිටියා. බල්ලා මෙසේ සිටින්නේ ඌ දරුවාට අකමැති නිසා විය හැකියි කියා මේ යුවල සිතුවා. දිනක් දරුවා තොටිල්ලේ නිදි කරවා මේ යුවලද නින්දට ගියා. උදේ අවදි වී පියා තම පුතු නිදනා තොටිල්ල වෙත යද්දී දුටු දසුනින් වික්ශිප්ත වී ගියා. කටින් ලේ පෙරමින් බල්ලා තොටිල්ල අසල සිටියා. බිම දිගේ ලේ විසිරී තොටිල්ල වටේ ද ලේ තැවරී තිබුනා. :frown::frown::frown::frown::frown:



     
    Last edited:

    probook

    Junior member
  • Apr 1, 2013
    211
    6
    18
    මෙයින් දුකට මෙන්ම ආවේගයට පත් මේ පුද්ගලයා සිතුවේ බල්ලා තම පුතා සපා කා ඇති බවයි. ඒ ආවේගයෙන්ම කාමරයට දිව ගිය ඔහු කාමරයේ තිබූ තුවක්කුව රැගෙනවිත් වියරුවෙන් මෙන් බල්ලාට වෙඩි තැබුවා. බල්ලා මැරී වැටීමත් සමගම ඒ ශබ්දයට බිය වූ දරුවා හඩන්නට පටන් ගත්තා. කලබලයෙන් දරුවා වඩාගත් මේ පුද්ගලයාට දරුවාගේ ඇගේ එක සීරීම් සලකුනක්වත් දකින්නට ලැබුනේ නෑ. ඒ වෙනුවට ඔහු දැක්කේ දරුවාගේ තොටිල්ල අසල කැබිලි වලට කැඩී ලේ ගොඩක සිටි විසකුරු සර්පයෙකි. සිදු වී ඇති දේ සැනින් ඔහුට වැටහී ගියා. තම පුතුගේ ජීවිතය බේරා දුන් බල්ලාව තමා විසින් මරනයට පට කිරීම පිලිබදව ඔහු දැඩි වේදනාවකට පත්වුනා. මට සමාවෙන්න යැයි කියමින් ඔහු බල්ලාව තුරුලට ගෙන ඇති තරම් හැඩුවා. පුන්චි සන්දියේ සිට දරුවෙකු මෙන් ඇති දැඩි කල ආදරනීය සුරතලා තමන්ගේ ඉවසීම නැතිකමෙන් හා හදිසි කෝපය නිසාවෙන් තමන්ට අහිමි වී ගිය අයුරු ඔහුට දරා ගැනීමට නොහැකි වුනා. නමුත් සිදු වූ දෙය වෙනස් කල හැකිද? දැඩි සන්වේගයෙන් යුතුව ඔහු බල්ලාගේ අවසන් කටයුතු සිදු කලා.
     

    probook

    Junior member
  • Apr 1, 2013
    211
    6
    18
    ඔබත් කිසිවිටෙක කිසිවක් විමසා නොබලා හදිසි තීරනවලට එලබෙන්න එපා....
    ඔබ අසනා දෙය ඔබ දකිනා දෙය හා එයින් ඔබ තේරුම් ගන්නා දෙය නිවැරදි දේ නොවිය හැකියි........
    දෙයක් පිලිබද අවසන් නිගමනයකට පැමිනීමට පෙර හොදින් සොයා බලා සතයය වටහා ගන්න.......
    නැතහොත් ඔබට ඉතිරිවන්නේ සදාකාලික පසු තැවීමක් පමනී .....
    :confused::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif