කතා සෙට් එකක්.. rep power 5

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    කතා සෙට් එකක්.. rep power 5

    මචන්ලා මගේ රෙප් පවර් එක 5ක් උනා..
    උදව් කල හැමෝටම ස්තුතියි.. උදව් කල නොකළ හැමෝටම බලලා හිනා වෙන්න කතා සෙට් එකක්ම දානවා... බලලා හිනා වෙලා නිකන්ම මාරු වෙන්න එපා..
    බුම්ප් එකක්වත් දාගෙන යන්න... රෙප් දෙන හැමෝටම අපහු දෙනවා..
    ( මේ කතා සියල්ලම අන්තර්ජාලයෙන් ඇහිද ගත් ඒවා බව කරුණාවෙන් සලකන්න)




    මේක මේ අර ප්‍රසිද්ධ ඩයල් එකක් ඉන්නේ ටාසන් කියල.. (වැල් වල යන්නේ හූ.... කියාගෙන අන්න එයා)
    මෑන්ස් ගැන තමයි කියන්න යන්නේ.

    ටාසන් ජනප්‍රිය උන කාලෙ ලංකාවෙත් ටාසන් ට මාර ඉල්ලුමලු.
    ඉතින් ටාසන් ව පෙන්නලා ගතමන්ට් එකක් හොයා ගන්න කල්පනා කරපු සෙට් එකක් ටාසන් ව ගෙනාව ලංකාවට.
    හිල්ටන් එකේ රූම් එකක මෑන්ස් ව නැවත්තුවට මොකෝ ටාසන් ගේ කල්පනාව සිංහරාජේ පැත්තේ ගිහින් වැල් ආතල් එකක් ගන්න එකම තමයි,
    ඉතින් ලංකාවේ ඉන්න කට්ටියට කිව්වම වැඩේ සෙට් කරලා දුන්නලු ටාසන් ට. ටාසන්ට මාර හැපිලු. එහාට යනවලු මෙහාට යනවලු වැල්වල එල්ලිලා..
    ඔහොම ටික වේල්වක් වැල් ආතල් එක ගන්නකොට දිරච්ච වැලක එල්ලෙන්න ගිහින් මේ යකා පත බැවුනාලු බිමට. මිනිහ ගස් වල පැටලිලා බිමට වැටෙද්දී
    මිනිහගේ අහවල් එක ඩැමේජ් උනාලු.

    දැන් ටාසන් ට සිහියත් නැති වෙලා. ලංකාවට ටාසන් ව ගෙනාපු සෙට් එකට මාර අප්සට් එක දැන් ඇයි ටාසන් මළොත් එහෙම ලෝකෙන්ම කන්න වෙනවනේ. ටාසන්ව උස්සන් හොස්පිටල් එකට ගෙනල්ල ලංකාවේ ඉන්න හොදම ඩොක්ටර්ස්ලට එන්න කියල ටාසන් ට බේත් කරනවලු.

    මල කෙලියයි කියන්නේ , ටාසන් අයියගේ අහවල් එක නම් ගන්න දෙයක් නැහැලු සැහෙන්න ඩැමේජ්. ඒ මදිවට මේ යකාගේ එක ලොකු සයිස්. මුළු ලංකාවේම හෙව්වත් සෙට් වෙන එකක් හොයාගන්න බැරි උනාලු . ඉතින් ඩොක්ටර්ස්ලා කලේ අලුතෙන් ඉපදුන අලි පැටියෙක් අල්ලගෙන උගේ හොඩ වැල කපල ටාසන් ගේ අහවල් එක වෙනුවට රීපෙලේස් කරපු එක.

    දවස් 2 ක 3 ක් ගියාම ටාසන් ට සිහිය ආවලු. සීන් එක ටර්සන්ට කියල ඉවරවෙලා ඩොක්ටර්ස්ලා වැඩේ ටෙස්ට් කරන්නත් එක්ක අයෙ දැම්මලු ටාසන් අයියව කැලේට.

    සතියකින් ටාසන් ව ගෙනල්ල ඇහුවලු අලුත් බාන්ඩෙ කොහොමද කියල.. ටාසන් කියනවලු වෙන්න ඕන ඔක්කොම වැඩ ටික වෙනවා එත් පොඩි අවුලක් තියනවා කියල.
    මොකක්ද.. ?? මොකක්ද...?? කියල කට්ටිය ඩිම් වෙලා ඇහුවම ටාසන් කියනවා

    "නෑ ඉතින් මම බිමින් ඇවිදන් යනකොට මගේ අහවල් එක බිම් මට්ටමේ තියන අතු කැලි අරන් කරකවල පු* ගහගන්නවනේ.. " කියල.


    ---------------------------------------------------------------------------




    අන්තිම මොහොත

    මිනී කන ගෝත්‍රික සැමියෙක් ඉතා මරණාසන්නව සිටි අවස්ථාවක
    ඔහුගේ බිරිඳ වහාම ගමේ ගෝත්‍රික ගූරුන්නාන්සේ කැදවිය.
    අනේ ගුරුන්නාන්සේ අපි මොනවද මෙයාට කරන්නේ?
    බිරිඳ විලාප දෙමින් ඇසුවාය.
    මඳ වෙලාවක් ලෙඬාව පරීක්ෂා කළ ගුරුන්නාන්සේ මෙසේ කීවේය.
    "උඹ තුනපහ ටිකක් ලෑස්ති කරපනං මං මගේ ආහාර වට්ටෝරු පොත උඹට එවන්නං.
    --------------------------------------------------------------------------

    සිගරෑට්
    මේ කතාව පිටරට ඉන්න දෙන්නෙක් අතර ඇතිවුන එකක්
    සිගරෑට් එකක් බිව්වට කමක් නැද්ද?
    කමක් නැහැ.ඒක නෙමෙයි ඔයා දවසකට සිගරෑට් කීයක් බොනවද
    ම්ම්ම්...දවසකට සිගරෑට් පැකට් 2 විතර...
    මේ වෙනකන් කොච්චර කාලයක් බොනවද?
    ම්ම්ම්...අවුරුදු 30ක් විතර...
    ම්...ඔයාට පේනවද අර බෙන්ස් එක...
    ඔව් ඉතින්?
    ඒ සල්ලි ඉතිරි කලා නම් ඔයාටත් එකක් ගන්න තිබුනා...
    ඒ බෙන්ස් එක මගෙයි...

    ---------------------------------------------------------------------------

    අමතක වීම

    සියලු දේ අමතක වන මහාචාර්යවරයා
    එදින නම් පංතියට ආවේ පාර්සලයක්ද අතැතිවය.
    අද මං ඔයගොල්ලන්ට පෙන්නන්න කොටස්වලට කපපු ගෙම්බෙක්ව ගෙනාව.
    අපි දැන් සීරුවෙන් උගේ කොටස් බලමු.
    එසේ කියු මහාචාර්යවරයා තමා අතවු පාර්සලය හෙමීට ලිහන්න විය.
    නමුත් එතුළ වුයේ සැන්ඬ්විච් පෙති දෙකක් හා තැම්බු බිත්තරයකි.
    "මොනවා... මේක වෙන්න බැහැ.මට හොදට මතකයි දැන් ටිකකට කලින් මං මගේ උදේ කෑම එක කෑවා..
    මහාචාර්යවරයා පුදුමයෙන් කීවේය.
    ----------------------------------------------------------------------------

    හම්බ කිරීම

    ඡයන්ත-ඔයා දන්නවද.. වසන්ති මම අවුරුදු හයේදීත් සංගීතයෙන් සල්ලි හොයා ගෙන තියෙනවා
    වසන්ති-ඇත්තට..හරි පදුමයි..කොහොමද ඔයා ඔච්චර පුංචි කාලේ සංගීත සන්දර්ෂණ වලට ගියාද?
    ඡයන්ත-නෑ..නෑ..මං බටනලාව වාඳනය නොකර ඉන්නවට අල්ලපු ගෙදර හිටපු ඡෝර්ඡ් අංකල් මට මුදලක් ගෙව්වා.

    --------------------------------------------------------------------------

    හිතන දේ

    එ දින පෝය නිවාඬු දිනයක් වු බැවින් රාඡකාරිය සඳහා පැමින සිටියේ
    එම ආයතනයේ ලිපිකරුවෙකු වු සෝමදාස සහ පරිඝනක ලේඛිකාවක් වු රම්‍යලතා පමණකි.
    මුඵ ආයතනයම පාඵවට ගොස් තිබුණි.
    පරිඝනක ලේඛිකාවක වු රම්‍යලතා තම පරිඝනකය
    අතරින් හිස ඔසවා බැලු විට එකපාරටම ඇයට දැකිය හැකි වුයේ.
    තමා දෙස බලාගෙන කල්පනාවක වැටී සිටින සෝමඳාසය.
    රම්‍යලතා: මොනව ගැනද ඔයා ඔච්චරටම හිත හිතා ඉන්නේ..
    සෝමඳාස: මම හිත හිතා ඉන්නෙත් ඔයා ඔය හිත හිතා ඉන්න දේම තමයි..
    රම්‍යලතා: මේ..ඕවට විතරක් එන්න එපා හරිද මම කෑ ගහනවා මුලු ඔෆිස් එකටම ඇහන්න.


    ---------------------------------------------------------------------------

    දවසක් හොරු දෙන්නෙක් රාත්තිරියෙ බැංකුවකට රිංගුව.
    පළමුවෙන් හමුවුන සේප්පුව ඇරල බැලුවම යෝගර්ට් වගයක් තිබුන
    , සල්ලි නැහැ. චුට්ටක් පරණ රසක් තිබුනත් ඒ යෝගර්ට් වලින් ටිකක් කාල ඊළඟ සේප්පුවත් ඇරිය, එකෙත් සල්ලි නැහැ යෝගර්ට් විතරය්.ඒ යෝගර්ට් ඉස්සෙල්ල ඒවාට වඩා ටිකක් හොඳය්,

    ඉතින් හොරු දෙන්න ඒවත් රහ බලල තුන්වෙනි සේප්පුවත් ඇරිය. ඒකෙත් සල්ලි නෙමෙය් යෝගර්ට්, හැබය් ඉස්සෙල්ල ඇරපු සේප්පු දෙකේම තිබ්බ එව්වට වඩා නැවුම් ප්‍රනීත රසක් තුන්වෙනි සේප්පුවේ යෝගර්ට්.
    රස යෝගර්ට් හොඳට සප්පායම් වෙන ගමන් එක හොරෙක් අනිකට කිව්ව එලියට ගිහින් ආයෙමත් බෝර්ඩ් එක බලල වරෙන් මේක ඇත්තටම බැංකුවක්ද කියල.
    පොර බලාගෙන ඇවිත් කිව්ව මේක ෂුවර් එකටම බැංකුවක් මචන් එලියෙ ගහල තියෙන්නෙ
    ” ඇමරිකන් ශුක්‍ර ධාතු බැංකුව, නිව්යෝර්ක් ශාඛාව” Sperm Bank Of America , Newyork Branch


    -------------------------------------------------------------------------


    ගෞරවය කාටද?

    මහාචාර්යවරයාගේ තරුණ බිරිඳට දරුවකු ලැබුණේත් ඔහුගේ අලුත්ම පර්යේෂණ කෘතිය එළිදැක්වුණේත් එකම සතියේය. තම සමීප ගෝලයකු ගේ ද සහායෙන් සාර්ථකව නිම කළ පර්යේෂණ කෘතිය පිළිබඳව මහාචාර්යවරයා සිටියේ දැඩි තෘප්තියකිනි.
    අලුත උපන් දරුවා බැලීමට මහාචාර්ය වරයාගේ බිරිඳගේ ළඟ ඥාතීන් පිරිසක් නිවෙසට ගොඩ වූයේ මේ අතරවාරයේ දී ය.
    ’සුබ ආරංචියක් ලැබුණා. ඒකයි අපි මේ තකහනියක් ආවේ. ඉතින් ප්‍රොෆෙසර්, අපේ සුබපැතුම් පිළිගන්න.’ ඥාතීහු දරු උපත නිමිතිකොට සුබ පැතූහ.
    ’ඇත්තම කියනවා නං, ඔය වැඩේ කොහොමටවත් තනියම කරගන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි. මගෙ ගෝලයට තමයි ඒකෙ ගෞරවයෙන් වැඩි කොටසක් අයිති වෙන්ඩ ඕනෙ. මිනිහා තමයි ඕකට හුඟක්ම මහන්සි වුණේ’ මහාචාර්යවරයා කීවේය.
    ---------------------------------------------------------------------------

    පවුල දැනගත්තොත්..

    ’කරූ මගෙයි ඔයාගෙයි මේ සම්බන්ධය දැනගත්තාම ඔයාගෙ පවුලෙ අය විරුද්ධ වෙයිද බබෝ..’ නිලන්ති තොෙඳාල් බසින් කරුණාරත්න ගෙන් ඇසුවේ ඔහුගේ ත්‍රීවීලරයේ සාප්පු සවාරියක් යමින් සිටියදී ය.
    ’අපොයි එහෙම දැනගත්තොත් මගෙ පවුල මාව විතරක් නෙමෙයි ඔයාව ඉතුරු කරන එකකුත් නැහැ.’ කරූ කීවේ පාරේ කිසිදු අවහිරතාවයක් නොමැතිව වුවද තදින් බ්‍රේක් ගසමිනි.
    --------------------------------------------------------------------------


    මවගේ පරම්පරාව

    ’තාත්තෙ අපි පැවතෙන්නෙ වඳුරාගෙන්ය කියල අද අපේ ටීචර් විද්‍යා පාඩමේදී අපිට කිව්වා. ඒක ඇත්තද තාත්තෙ?’ නිහාල් ගෙ කුඩා පුතු නිහාල් නිවෙසට ආ විගස ඇසුවේය.
    ’ඒක නං මට හරියටම කියන්ඩ බෑ පුතා. මම උඹලගෙ අම්මව බැන්දට ඒගොල්ලන්ගෙ පරම්පරාවේ උදවිය ගැන හරියටම දන්නෙ නැහැ.” නිහාල් කීවේ අනෝමා කුස්සියේ සිට සාලයට පිවිසේදැයි හොරැහින් බලමිනි.
    --------------------------------------------------------------------------



    කිව්වේ ඇත්තද?

    රෙදි පිළි ප්‍රදර්ශනාගාරයේ වෙළෙඳ සේවකයකු, පාරිභෝගික කාන්තාවක හා උස් හඬින් කතා කරනු දුටු එහි කළමනාකරු එම වෙළෙඳ සේවකයා තමා වෙත කැඳවා දීර්ඝ අනුශාසනාවක් කළේය.
    ’අයිසෙ පීටර් මේ සාප්පුවට එන කිසිම පාරිභෝගිකයකු එක්ක පැටලෙන්ඩ අපිට කිසිම අයිතියක් නැහැ. අපි මෙහාට එන හැමෝටම බොහොම හොඳට ආචාරශීලීව කථාබහ කරන්ඩ ඕනෙ. ඒ ගොල්ලෝ කියන දේවල් වාද නොකර පිළිගන්ඩ ඕනෙ. එහෙම තියෙද්දි ඇයි තමුසෙ දැන් ටිකකට කලින් මේ සාප්පුවට ආපු නෝනත් එක්ක එකට එක කිව්වේ’ කළමනාකරු විමසුවේ කෝපයෙනි.
    ’ඉතින් සර් ඒ නෝනා මට කිව්වනෙ තමුසෙලගෙ මැනේජර් පල් මෝඩයෙක් කියල’ වෙළෙඳ සේවකයා කීවේය.
    -------------------------------------------------------------------------


    තෝරා බේරා ගන්නා ක්‍රමය

    අනුලා සති අන්තයේ පොළට ගියේ කෑමබීම සඳහා අවශ්‍ය බඩුමුට්ටු මිලදී ගන්නා අදහසිනි. එහි එක් වෙළෙන්දකු හතු ගෝනියක් විකිණීමට තබා තිබෙනු දුටු ඇය එතැනට ළංවී මෙසේ විමසුවාය.
    ’ඔය හතු වගාවලදී නයි හතුත් හැදෙනවලු නේද? ඇත්තද ඒවා හරි විසයි කියන්නෙ.’
    ’අපොයි ඔව් නෝනා...’ වෙළෙන්දා කීවේය.
    ’ඉතින් කොහොමද ඔය නයි හතු අඳුනා ගන්නෙ?’ අනුලා ඇසුවාය.
    ’ඒක හරි ලේසියි නෝනා. රෑට හතු කාලා නිදාගන්ඩ. උදේට නැගිට්ටොත් ඒවා හොඳ හතු’ වෙළෙන්දා කීවේය.



     
    Last edited:

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    රේප්+ මහේෂ් +
    avatar407436_1.gif


    click
     
    Last edited: