කතා_ කරන_සපත්තු
මේ කියන්නට සුදානම් වෙන්නේ හරි අපූරු සපත්තුවක් ගැන. මේක නිකම්ම නිකන් සපත්තුවක් නෙමෙයි. කතා කරන සපත්තුවක්. මේ අපූරු නිපැයුම Google ලාගේ.
Google සමාගම විසින් ලඟදීම නව සපත්තුවක් හඳුන්වා දීමට තීරණය කර ඇති බව වර්තාවේ.
මෙය සාමන්‍ය සපත්තුවක් නොවෙන අතර Google සමාගම විසින් නිපදවනු ලැබූ විශේෂිත සපත්තුවකි.
මෙය නම් කර තිබෙන්නේ “Talking Shoe” ලෙසයි.පරීක්ෂණ මට්ටමේ පවතින මෙම සපත්තුව පසුගියා ප්‍රදර්ශනය කරනු ලැබුවා.
මෙම සපත්තුවෙහි ඉලෙක්ට්‍රොනික් පරිපත කිහිපයක් තිබෙන අතර එය Bluetooth හරහා Android Phone එකත් සමග සම්බන්ධ වේ.
එසේ සම්බන්ධ වූ පසුව එයට හැකියාව තිබෙනවා එය පලද සිටින්නා සමග කතා කිරීමට හා නියෝග ලබා දීමට.
මෙය පලද සිටින්නා ඇවිදින්නේ නැතිව ඉගෙන සිටින විට “This is super boring” යනුවෙන් සපත්තුව පවසයි.
ඒ වගේම ඔබ ඇවිදීම ආරම්භ කළ විට එය පවසා සිටින්නේ “That’s more like it” යනුවෙනුයි.
ඇවිදීමේ වේගය වැඩි කළ විට “I love the feeling of wind in my laces” යනුවෙන් සපත්තුව පවසයි.
ඔබ මහන්සියෙන් ක්‍රියා කරන බව එයට දැණුන විට එය “Call 911, because you are on fire” ලෙස පවසයි.
කෙසේනමුත් මේ සම්බන්ධයෙන් කනගාටුදායක පුවතකුත් තිබේ. ඒ තමයි මෙම සපත්තු පරීක්ෂණයක් සදහා පමණක් යොදාගැනෙන අතර එය වෙළෙඳපලට යොමු නොකරන බව Google සමාගම ප්‍රකාශ කිරීමයි.
කතා කරන සපත්තු