ඒක මචන් ඔය කියන ලෞකික සැපක් නෙමෙයි. අපි නිර්වාන සම්පත්තිය කියනව වගේ උන් කියන්නේ ස්වර්ගීය සැප. අපේ පරම බලාපොරොත්තුව සසර දුකෙන් මිදිලා නිවන් දඉන්න. ඒ ඇයො බලන්නේ දෙවියන් දැකලා ස්වර්ගීය සැප ලබන්න. එතන සැප කියන එක මම හිතන්නේ ලෞකික නැ.

ස්වර්ගය කියන්නේ මොකක්ද කියල බයිබලේ මචන් හරි නිර්වචනයක් නැහැ...
මොකද ජේසුස් වහන්සේ කියනවා ස්වර්ගය අතනය, මෙතන කියල පෙන්නන බැහැ..එක තියෙන්නේ ඔබ තුලයි කියල...

මම බුද්ධාගමේ උන් එක්ක මේකේ වාද කරාට මම බුද්ධ දේශනා ගොඩක් පිළිගන්න කෙනෙක්..මට පෙන්න බැරි අනිත් ආගම් වලට මඩ ගහල මී හරක් වගේ හැසිරෙන උන්වයි..උන්ට උත්තර දෙන්නේ උන්ගේ ක්‍රමේට...

හැබැයි මම සැහෙන්න බුද්ධ දේශනා ගැන හොයල බලනවා මොකද බත් පිඩ අතේ තියෙද්දී කටට දාගන්නත් පින තියෙන්න ඕනනේ..
ලංකාවේ අපිට මේ වගේ හොද වටපිටාවක් තියෙද්දී ඕක හොයල බලන්නේ නැතුව ඉන්නවනම් හරිම මෝඩ කමක් මගේ අදහසේ හැටියට 
රුපියල් පනහේ ඩේට කාඩ් දාල එන උන් හැටියට ඕව බලන්න විදිහක් නෑ අපිට
මමත් කතෝලික, ඒ උනාට මමත් ඔය වගේ හොයනවා බුදු දහමේ මොකක්ද සත්‍ය ගැන කියල තියෙන්නේ කියල..
ඌට ඔතනම පැහැදිලි කරනවනේ ඌට ඔච්චර තේරෙනවනම් ඇයි එන්නේ නැත්තේ කියල?