ඇබෝෂන් . . .

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉතාමත් ඉක්මනින් අවශ්‍ය කර ඇත!!!!!

    ඒකට එක උදාහරණයක් වශයෙන් බ්‍රිතාන්‍යයේ දහය වසර ඉගෙනුම ලබන මගේ දෝනිට අද ඉගැන්වපු පාඩමකින් මට හොඳටම දැනුනා. Subject එක තමයි Religious Studies (ආගම).මේක ක්‍රිස්තියානි පාසලක් වුණත් ආගම විෂයට උගන්වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන නෙවෙයි.සමාජයේ හොඳ ආකල්ප ඉගෙනගෙන හැම ආගමක්ම දිහා ඉතාමත් ආදරෙන් කරුණාවෙන් බලන විදිහයි. අද පැයක පාඩම වුණේ ඇබෝෂන් එක නීතිගත කළ යුතුද නැද්ද කියලයි. පාඩමට කලින් තිරය දාලා තිබ්බා මේක සෙන්සිටිව් ටොපික් එකක් නිසා අකමැති අයට යනවනම් යන්න පුළුවන් කියලා.

    එංගලන්තේ Abortion එක නීතිගතයි.ටීචර් ඉස්සෙල්ලාම අහලා තිබ්බ ප්‍රශ්නෙ තමයි ඇබෝෂන් එක define කරන්න කියලා.ගොඩක් ළමයි කියලා තිබ්බේ killing a baby in the womb during a certain period කියලා.නමුත් ටීචර්ගේ උත්තරය වුණේ Removal of fetus from the woom.ටීචර් පරිස්සම් වෙලා තිබ්බා killing එකට removal කියන්නයි,බබාට Fetus කියන්නයි.ටීචර් කියලා තිබ්බා මේකේ එක එක ආගම් අදහන අය ගොඩක් ඉන්න හින්දා,සමහර ආගම් වල අනුව මේක සෙන්සිටිව් Topic එකක් හින්දා ඔක්කොටම කොමන් define එකක් දැම්මා කියලා.

    ඊට පස්සේ,ස්ක්‍රීන් එකේ වීඩියෝ එකක් දාලා තිබ්බ ළමයා පිරිසිඳ ගන්නෙ කොහොමද, සතියෙන් සතිය දරුවගේ වැඩීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා video එකක්.මේකෙ ළමයා හැදෙන විදියේ විවෘතව සාකච්ඡා කරලා තිබ්බා.දරුවා කුස තුළදී දවස් 14 කින් හදවත පටන් ගන්න තැන ඉඳලා ,දරුවාට අම්මා කියන දේවල් ඇහෙන ,ගඳ සුවඳ දැනෙන සති හතළිහ දක්වා යනකම් සජීවී වීඩියෝ එකක් හරි ලස්සනට හදලා තිබ්බා.වීඩියෝ එක යන අතරතුරදි සති දෙක ,තුන, හතර ,විස්ස ,විසිපහ ,තිහ හතලිහ වගේ තැන්වලදී බබාගේ ලයිෆ් එක පටන් ගන්න කොතනින්ද කියලා අහලා තිබ්බා.ළමයි කියලා තිබ්බ consume වෙලා දවස් 14න් හාර්ට් එක පටන් ගන්නකොට ලයිෆ් එක පටන් ගන්නවා කියලා.සමහර ළමයි කියලා තිබ්බා සති විසි පහෙන් ළමයා හිනා වෙනකොට ,ගඳ සුවඳ දැනෙන කොට ලයිස් එක පටන් ගන්නවා කියලා.

    බබාගේ කුස තුළ වර්ධනය සති ගණන්වලදී වෙන්නේ කොහොමද කියල ප්‍රින්ට් අවුට් එකක් දීලා තිබ්බා. එක එක්කෙනාට හිතන විදියට ලයිෆ් එක පටන් ගන්නේ කීවෙනි සතියෙන්ඩ කියලා ඉස්සරහින් ලියන්න කියලා තිබ්බා. උදාහරණයක් විදිහට කතෝලික ආගමේ consume උණ ගමන්ම ලයිෆ් එක පටන් ගන්නවා කියලා තමයි පිළිගන්නේ.කෙසේ වෙතත් එක එක ආගම් අදහන විදිහට ළමයි එක එක විදිහට ලියලා තිබ්බා.

    එංගලන්තේ නීතිය අනුව සති 25න් පස්සේ ළමයෙක් ඇබෝෂන් කරන්න බෑ.කලලයට සති විසි පහෙන් පස්සේ සියලුම ක්‍රියාකාරකම් කරන්න පුළුවන්.එයා සජීවී දරුවෙ.සති 25ට කලින් අබෝෂන් එකක් කරන්න නීතිමය අවසරයක් තියෙනවා.abotion කරන විදිය ළමයින්ට පෙන්නලා තිබ්බා.සියයට 99% ක්ම ළමයි ඇබෝෂන් එක නීතිගත කරන්න කියලා තමයි කියලා තිබ්බේ.නමුත් සති විසිපහට කලින්.ළමයෙක් රේප් වෙලා දරුවෙක් පිරිසිද ගන්නකොට ඒ දරුවාගේ ජීවිතයම අනාත වෙනවා.ඉතින් ඒකට විකල්පයක් විදිහට ඇබෝෂන් එක නීතිගත කරලා තියෙනවා.

    දොස්තර කෙනෙක් සමග කරන සාකච්ඡාවක් තමයි මේ ළමයි එක්ක ටීචර් කරලා තියෙන්නේ.ඒක ගොඩක් හරවත් ලෝකය ගැන ළමයින්ට දැනුමක් ලබා දෙන ලොකුම ලොකු සාකච්ඡාවක්.ඒ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම ලියන්න මේක ලොකු වැඩියි. මට අවශ්‍ය වුණේ ළමයි මේ වගේ දේවල් පොඩි කාලේ විවෘතව සාකච්ඡා කළ යුතුයි.දුව මාත් එක්ක හරි ආසාවෙන් Abortion එක ගැන සාකච්ඡා කරා.Teacher ලෝකයේ අනතුරු ගැන ළමයින්ට කියලා දීලා තිබ්බා.ඒවගෙන් බේරෙන විදිහත් කියල තිබ්බා. මේක ආගම පාඩම.නමුත් මට දැනුනේ science පාඩමක් වගේ.මේ තැනට එන්න අපිට සෑහෙන කාලයක් යයි. ආගම පාඩමේ ජේසු ඉපදුන තැනයි කරපු දේශනාව ගැනයි කියලා තිබ්බෙ නෑ.සමාජ ගැන දැනුම දීලා තිබ්බේ. අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන්න ඉඩ දෙන්නේ නෑ.ඒක එක තැන පල් වෙන එකක්.ඒ ගැන හරිම කණගාටුයි. බුදු සරණයි!!!


    copied from sm
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    බ්‍රිතාන්‍යයේ තව වැඩි කාලයක් ඔහොම උගන්නනේ නැහැ. උපරිම අවුරුදු විස්සක් වගේ තමයි. ඒක නිසා එහේ මෙහේ හැලී ලියල වැඩක් නැහැ. ඊට පස්සේ උගන්න ඒවා ඉතින් අපි දන්නවා නේ.

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,541
    113
    ආශ්චර්යමත් රටක
    images


    🫢🫢
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,783
    2
    54,433
    113
    ඇමරිකාවෙ වගේ ළමයි දාල යන්න පෙට්ටි හයි කරන්න තියෙන්නෙ :yes:

     
    • Haha
    Reactions: Sen-lu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,784
    40,427
    113
    බයි චීවරදාරියො: හතේ අත්පොත ඈක්කා
    බයි පීපල්ස්: ඔව් ඔව් ඈක්කා තමයි

    හදයි පක
     
    • Haha
    Reactions: Xi Jinping

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කෙහෙම්මල් ආගම් අදාල නැහැ .

    ලංකාවේ(දැන් වෙනස් ද දන්නේ නැහැ මේක ලංකවේ තිබ්බ නීතියක් ) මෝඩයෝ හදපු 2.50 මෝඩ නීතියෙන් බීමතින් රිය පදවල ගැබිණි මවක් හැපිලා ළමයා මැරුණම මිනි මැරුමක් වෙන්නේ නැහැ විදිහට . ඉපදිලා නැති නිසා .

    ඇයි මාස 6 යි සති දී ද පණ එන්නේ ?

    "killing a baby in the womb during a certain period" එක තමයි ඇත්ත ඔලුවෙන් හිටගෙන කිව්වත් , පොර වෙන්න රැඩිකල් වෙන්න නැහැ කියන්න පුළුවන් ඕන නම් .
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    එංගලන්තේ නීතිය අනුව සති 25න් පස්සේ ළමයෙක් ඇබෝෂන් කරන්න බෑ.කලලයට සති විසි පහෙන් පස්සේ සියලුම ක්‍රියාකාරකම් කරන්න පුළුවන්.එයා සජීවී දරුවෙ.සති 25ට කලින් අබෝෂන් එකක් කරන්න නීතිමය අවසරයක් තියෙනවා
    @asliyanage @S_M_S විඥාණය මව් කුසට බැස ගන්නෙ සති විසි පහකට පස්සෙද
     
    • Like
    Reactions: S_M_S

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අවුරුදු 5,6 වෙනකම් ඇබෝශන් කරන්න අවසර තියෙන්න ඕන.
    සමහර පොඩි උන් ඉන්නවා ගොඩදාන්න බෑ තනිකර අමනුස්සයෝ 😄
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,541
    113
    ආශ්චර්යමත් රටක
    බයි චීවරදාරියො: හතේ අත්පොත ඈක්කා
    බයි පීපල්ස්: ඔව් ඔව් ඈක්කා තමයි

    හදයි පක

    හැබැයි අපි ඔහොම කිව්වට ඇත්තටම ලොකුම විරෝධය එන්නෙ පල්ලියෙන් ලු.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    @asliyanage @S_M_S විඥාණය මව් කුසට බැස ගන්නෙ සති විසි පහකට පස්සෙද
    ඔතන සති 25 කියන්නෙ භෞතිකව (physically) සිදු වන වෙනස්කම් ගැන විතරක් සළකා බලලානෙ.
    සූත්‍ර පිටකයේ නම් විඤ්ඤාණය බැස ගන්නෙ මොන අවස්ථාවෙද කියලා සඳහනක් නෑ. (අභිධර්මයේ තියෙනවද කියලා දන්නෑ)

    මට හිතෙන විදිහට නම් කලලය හැදුණ මොහොතේ ඉඳන් භෞතික ශරීරය හැදුණට විඤ්ඤාණය මව් කුසේ බැසගන්න අවස්ථාව තීරණය වෙන්නෙ පෙර ජීවිතයෙන් චුත වුණ අවස්ථාව අනුව.
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,973
    9,316
    113
    Microsoft
    ඔතන සති 25 කියන්නෙ භෞතිකව (physically) සිදු වන වෙනස්කම් ගැන විතරක් සළකා බලලානෙ.
    සූත්‍ර පිටකයේ නම් විඤ්ඤාණය බැස ගන්නෙ මොන අවස්ථාවෙද කියලා සඳහනක් නෑ. (අභිධර්මයේ තියෙනවද කියලා දන්නෑ)

    මට හිතෙන විදිහට නම් කලලය හැදුණ මොහොතේ ඉඳන් භෞතික ශරීරය හැදුණට විඤ්ඤාණය මව් කුසේ බැසගන්න අවස්ථාව තීරණය වෙන්නෙ පෙර ජීවිතයෙන් චුත වුණ අවස්ථාව අනුව.
    ow meka hari
     
    • Like
    Reactions: S_M_S

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට හිතෙන විදිහට නම් කලලය හැදුණ මොහොතේ ඉඳන් භෞතික ශරීරය හැදුණට විඤ්ඤාණය මව් කුසේ බැසගන්න අවස්ථාව තීරණය වෙන්නෙ පෙර ජීවිතයෙන් චුත වුණ අවස්ථාව අනුව.
    දන්නවනම් මේ කියන එකයි ගන්ධබ්බ අවස්ථාවෙ ඉන්නවා කියන එකයි අතර සම්බන්ධය පැහැදිලි කරලා දීපන්.
     
    • Like
    Reactions: Tricle_Buwa

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දන්නවනම් මේ කියන එකයි ගන්ධබ්බ අවස්ථාවෙ ඉන්නවා කියන එකයි අතර සම්බන්ධය පැහැදිලි කරලා දීපන්.
    "උපතක් ලැබෙන තුරු සැරිසරන ගන්ධබ්බයා" කියලා කෙනෙක් ගැන බුදු දහමේ (ත්‍රිපිටකයේ) සඳහන් වෙලා නෑ.
    ඒක මහායාන සංකල්පයක්.
     
    • Like
    Reactions: lodbrok