මචන්, මටත් ඔය ප්‍රශ්නෙට මුහුන දෙන්න උනා.
බන්දින්න කලින් අපි ගොඩාක් හීන මවනවා. ඔයත් එහෙම වෙන්න ඇති. බන්දින්න කලින් ඔයාටයි, ඔයාගෙ අරයටයි ආගම, සහ තව තව දේවල් මුකුත් ප්‍රශ්න නෙමේ. ඔය කාලෙදි දන්නෙ ආදරේ කරන්න විතරයි. ඒක හීන වලින් පිරුනු ලෝකයක්.
නමුත්, විවාහ ජීවිතය කියන්නෙ හීන ලෝකෙන් ඉවත් වෙලා ජීවිතයට සැබෑ ලෙස මුහුන දෙන කාලයක්. ඔයාගෙ දෙමව්පියන් ඔය සම්බන්දෙට කැමති උන එක ගැන මට සතුටුයි වගේම දුකයි. මොකද, විවාහයෙන් පස්සෙ එකට ජීවත් වෙන්නෙ ඔයාල දෙන්නා. කොහොම හරි පල්ලියෙනුයි, පෝරුවෙනුයි බැන්දයි කියමුකො. බැන්දට පස්සෙ ඔයාටයි එයාටයි ප්‍රශ්න ගොඩකට මුහුන දෙන්න වෙනවා.
1. එයා කියයි මට ඉරිදට පල්ලි යන්න ඔනෙ කියල. ඔයා කියඉ මට පන්සල් යන්න ඔනෙ කියල. හරි. දෙන්නම යයි. අවුරුද්දක් දෙකක්. ඔයා එයාව පල්ලියට දාල ඔයා පන්සල් යනවද? නැත්තන්, ඔයාල දෙන්නම පල්ලි, පන්සල් යනවද? ඔයා පල්ලි ගිහින් උඩ බලන් ඉදි. එයා පන්සල් ගිහින් උඩ බලන් ඉදි. බෞද්ද අය පල්ලියෙ වදින්න කමති නැ. කතොලික අය පන්සලෙ වදින්න කමති නැ. ඒවගෙද මචන්, ඔය බදින කෙනා බෞද්දනම් ඔයාල දෙන්නම පන්සල් ගිහින් එකට බුඩුහාමුදුරුවන්ට මල් පූජ කරල පහන් පත්තු කරල එන්න? එයා කතොලික කෙනෙක් බැන්දනම් එයාල දෙන්නම පල්ලි ගිහින් එකට දිව්‍ය පූජාවට සහභගි වෙලා, ඉටි පන්දම් පත්තු කරල එන්න පුලුවන්.මම කියන්නෙ නෑ ඔය දෙන්න වෙන් වෙන්න කියල. මම මේ කියන්නෙ සමාජයෙ දකින දෙවල්.
අපි කියමුකො ඔයාල ඔය ප්‍රශ්නෙට කොහොම හරි මුහුන දුන්නා කියල.
2. ටික කාලයක් යද්දි ඔයාලට ලමයි හම්බෙයි. ඊට පස්සෙ එන ප්‍රශ්නෙ තමා ලමඉ කතොලික කරනවද, බෞද්ද කරනවද කියන එක. ඔයාට ඔනෙ බෞද්ද කියාඉ. එයා කියයි නැ කතොලික කියලා. ඔන්න දැන් පවුල් ප්‍රශ්න පටන් ගන්නව. දැන් දෙගොල්ලන්ගෙ අම්මල තාතලත් ඔය ප්‍රශ්නෙට අත දානව. ඊට පස්සෙ ඔයාල එගොල්ලන්ට බනිනව ඔයාලගෙ ප්‍රශ්න වලට අත දාන්න එප කියලා. දැන් ඩෙගොල්ලන්ගෙ අම්මලා, තාත්තලත් තරහ වෙලා ඔයාල දෙන්නා තනි වෙනවා. නෑදෑයොත් තරහ වෙනව අම්මලට බැන්න නිසා. දැන් මොකද කරන්නෙ? දැන් පොඩි ලමඉ ටිකක් ලොකුත් වෙලා. පොඩි උන් බලන් ඉන්නව මොකද මෑ වෙන්නෙ කියලා. අම්මයි, තාත්තයි බැන ගන්නව. පොඩි උන් බයේ ඉන්නවා.
සාමාන්යෙන් පොඩි ලමයි හදෙන්නෙ අම්මත් එක්ක. ඔයා ජොබ් එකක් කරන නිසා ලමයි එක්ක වඩි වෙලා කාලය ගත කරන්න වෙලාවක් හම්බෙන්නෙ නෑ. අම්ම කතොලික නිසා ලමයි වඩිපුර කතොලික ආගමට බර වෙයි. ඒක ඔයාට වඩිය අල්ලන්නෙ නති වෙයි. දැන් ආයෙත් රන්ඩු පටන් ගනී. දැන් හැමදාම තාත්තා ගෙදර ආව දාට රන්ඩු. ලමයි කියයි. නැත්තන් ගෙවල් අහල පහල අය කියඉ.
දැන් මොකක්ද මේ ගෙවන ජීවිතය කියලත් හිතෙයි.
අපි කියමු ඔකත් ඔයාලට ප්‍රශ්නයක් උනෙ නෑ කියල. ඔයා කමති වෙයි එක ලමයෙක්ව කතොලික කරලා, අනිත් ලමයව බෞද්ද කරන්න. දැන් ලමයා බලයි අරය තාතත් පන්සල් යනවා. මම අම්මත් එක්ක පල්ලි යනවා. මේ මොකද මේ???
ලමයට මාර ප්‍රශ්නයක්. ඊට පස්සෙ පටන් ගන්නෙ ලමයි දෙන්න රන්ඩු කරන්න.
මම මේ කිව්වෙ ඔයාලට මුහුන දෙන්න වෙන පොඩි ප්‍රශ්න දෙකක්, තුනක්. තව අනන්ත ප්‍රශ්න වලට මුහුන දෙන්න සිද්ද වෙයි. ඔයාල දෙන්න ඒවට මුහුන දුන්නත් ඔයාලගෙ ලමයි ඒ ප්‍රශ්න වලින් හෙම්බත් වෙයි.
සමහර පවුල් ජීවිත කඩෙන්නත් පුලුවන්.(මම ඔයාලට එහෙම වෙන්න කියලා හීනෙකින්වත් ප්‍රාර්තනා කරන්නෙ නෑ).
සාරාන්ශය:
විවාහයෙන් පසු ජීවිතය යනු කොහෙත්ම හීන නොවෙයි. එය සැබෑ ජීවිතයඉ. ඔබගේ ආදරය විවාහය දක්වා ගෙන යන්නේ නම්, ආදරය කිරීමට පටන් ගැනීමට පෙර 3 වරක් නොව 300 වාරයක් සිතා බලා පටන් ගන්න. ඔබගේ ආදරය විවාහයට කලින් නැවැත්වීමට සිතන් ආදරය කරන්නේ නම් "ඔබ ජීවිත සමග සෙල්ලම් කරන පුද්ගලයෙකි."
ජීවිත අත්දැකීම් වලින් මෙය මෙසේ සටහන් කලෙමි.
I reported. YOU decide.