කදුලක් වී යුග දිවි මග අදුරු වුනා
දෙනෙනට දෙනෙනා හදුනා නොගත් නිසා
මැවූ සිහින නෙත් අද්දර බොදව ගියා
පෙර ලෙස මා යළි ලොව තුල තනි වූවා
ඔබෙන් මෙමට දරු සම්පත නොලද නිසා
දෙමාපියන් මා හට කී කතා අසා
සුරාමතින් මත් වී මා දවස පුරා
තලා පෙලා ඔබහට අපහාස කලා
ලොවේ එකම සම්පත දරු සෙනෙහෙ නිසා
සිත කැලඹී ඒ ලෙස මා වැරදි කලා
වැටහෙනකොට ඔබ මාගෙන් දුරස් වෙලා
එන්න යළිත් මා හට ඔබ සමාවෙලා......


















