ඉංග්‍රීසිත් බැයිනං
කිසිම දෙයක්, කිසිම කෙනෙක් පරිපූර්ණ නැහැ. සර්ව සම්පූර්ණ නැහැ.
හැම දෙයක්ම ගොඩනැගෙන්නේ වැරදීම්, කඩාවැටීම්, බිඳවැටීම් වල ප්‍රතිඵල විදියට.
මේ ලෝකේ ඇතිවෙන හැම සුන්දර, ලස්සන දෙයක්ම ඒ වගේ ඒ ඒ තත්ත්වයට හැඩගැහෙන්න පුළුවන් වුන නිසා බිහිවුන දේවල්.
උදාහරණයක් කියනවා නම් කෙල්ල දාලා ගියා කියලා අපි කඩාවැටිලා ජීවිතේම ෆේල් කරගන්න එක නෙවෙයි වෙන්න ඕනේ,
ඒකෙත් හොඳ දේවල් ගොඩක් තියනවා.
ආදරේ කියන්නේ මොකක්ද, ඇත්ත ආදරේ බොරු ආදරේ මොකක්ද කියලා තේරුම්ගන්න පුළුවන්.
ඒ අත්දැකීම් වටිනවා ඉදිරි ජීවිතේට.
දුප්පත් කියන්නේ පරිපූර්ණ නොවීම, බිඳවැටීම තමයි දුප්පත් නිසා කෙල්ල දාලා ගිය එක. සුන්දර අනුවර්තනය තමයි කෙල්ලට වඩා පොහොසත් සාර්ථක චරිතයක් වෙන එක.
තවත් කියනවා නම්, ජීවිතේ එක එක විදියට අපිට වැරදෙනවා.
ඒත් ඒවාට පසුතැවිලි වෙලා තේරුමක් නෑ, ඒ අත්දැකීම් වලින් ඉගෙනගන්න පුළුවන්.
ඒ ඉගෙනීමෙන් ඉදිරි ජීවිතය සාර්ථකව හැඩගස්වා ගන්න පුළුවන්.
මේ වගේ ලියන්න පුළුවන් සීමාවක් නැතිව මේක ගැන එක එක විදියට.
හිතලා බලන්න ටිකක්... තේරුම් යාවි.
මටත් ලොකුවට ඉංග්‍රීසි බැහැ. ඉංග්‍රීසි පෝස්ට් වල සිංහල තේරුමත් දාන්නම් ඉස්සරහට.
====================================================================