කන්දේ හැපුන මහ වනන්තරේ

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    ලංකාවේ සිදු වූ දරුණුම ගුවන් යානා අනතුර පිළිබඳව කියැවෙන ඇන්ටන් ජෝන්ස් ගායනා කරන ඉහත ගීතය මීට වසර ගණනාවක සිට අද දක්වාම කා අතරත් එක සේ ජනප්‍රිය යි. මේ ගීතය සඳහා පාදක වෙන්නේ 1974 දෙසැම්බර් 4 වැනි දා ශ්‍රී ලංකාවේ නුවර එළිය දිස්ත්‍රික්කයේ, මස්කෙළියේ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් සප්ත කන්‍යා කඳුවැටියේ (Seven Virgin Hills) හැපුණු මඟී ප්‍රවාහන ගුවන් යානයක් පිළිබඳව යි

    NuFeLuK.jpg

    සප්ත කන්‍යා කඳුවැටිය


    ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටුපොළේ සිට සෞදි අරාබියේ ජෙඩා ගුවන් තොටුපොළ බලා ගුවන් ගත වූ මැක්‌ඩොනල්ඩ් ඩග්ලස්‌ ඩී. සී. 8 ගුවන් යානය අතරමඟ දී ඉන්ධන ලබාගැනීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට ද තීරණය වී තිබුණා.



    HnL0iGx.jpg

    McDonnell Douglas DC-8 ගුවන් යානය


    මාටින් එයාර් 138 (Martinair Flight 138) පියාසර අංකය යටතේ ගමන් ආරම්භ කළ ගුවන් යානයේ මඟීන් 182ක් වූ අතර කාර්යමණ්ඩලයේ 9 දෙනෙකු සමගින් සියලු දෙනා 191 දෙනෙක් විය. මොවුන් මක්කම වන්දනාවේ යන ඉස්ලාම් භක්තිකයන් ලෙස ද සඳහන් වෙනවා. ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කරන්නේ පළපුරුදු ගුවන් නියමුවෙකු වූ හෙන්ද්‍රික්‌ ලම්මේ (Hendrik Lamme) යි.


    tYPQnrS.jpg




    1974 දෙසැම්බර් 4 වෙනිදා වේලාව රාත්‍රි 10.10ට පමණ සප්ත කන්‍යා කඳුවැටියේ සිව්වන කන්දේ හැප්පෙන ගුවන් යානය පළාතම දෙදුරුම්කමින් විනාශයට පත් වෙනවා. මෙහි දී යානයේ ගමන් කළ සියලුම මඟීන් හා කාර්යමණ්ඩලයේ සියලු දෙනා ඇතුළුව 191 දෙනාම මරණයට පත් වෙනවා.


    zTB4ji5.jpg




    ගුවන් අනතුර පිළිබඳව කොළඹට ආරංචි වීමට ටික කාලයක් ගත වෙන අතර, පසු දා ගුවන් හමුදාවෙන් අනතුර සිදු වූ ස්ථානය වෙත හෙලිකොප්ටරයක් එවනු ලබනවා. මේ වන විටත් ගම්වැසියන් හා පොලීසිය අදාළ ස්ථානයට ළඟා වී සිටිනවා. ගුවන් අනතුරෙන් මරණයට පත් වූ අයගේ හමු වූ සිරුරු කොටස් ඊට පහළින් භූමදානය කරනු ලබනවා. ගුවන් යානයේ සිටි එක් ගුවන් සේවිකාවකගේ මළ සිරුරක් ඇයගේ පෙම්වතා විසින් නැවත නෙදර්ලන්තයට ගෙන ගොස් භූමදානය කර තිබෙනවා. බිමට පතිත වූ ගුවන් යානයේ කොටස් හා මඟීන්ගේ බඩු-බාහිරාදිය අනතුර බැලීමට පැමිණි විවිධ අය විසින් රැගෙන යනවා. පසුව එම කොටස් විශාල මිල ගණන්වලට විකුණා ඇති බවත් සඳහන් වෙනවා.



    GjO3oKp.jpg
    FDDh0u1.jpg




    ගුවන් අනතුර පිළිබඳව පසුව පරීක්ෂණ ආරම්භ කෙරෙන අතර, මාටින් එයාර් DC 8 විශේෂ ජෙට් ගුවන්යානාව නිෂ්පාදිත නෙදර්ලන්ත සමාගමේ විශේෂ පර්යේෂක කණ්ඩායමක් හා මාටින් එයාර් ගුවන් සමාගමේ කණ්ඩායමක් මෙරටට පැමිණෙනවා. ඔවුන් මේ සම්බන්ධව පර්යේෂණවල නියැලෙන අතර, ගුවන් යානයේ අවසන් දත්ත සටහන් වන කළු පෙට්ටිය සොයාගැනීමට එම කණ්ඩායම් විසින් උත්සාහ කරනවා.


    PYzvJUb.jpg




    කළු පෙට්ටියේ යම් කිසි කොටස් කිහිපයක් හමුවෙන නමුත්, ඔවුන්ට අවශ්‍ය වන කොටස් සොයාගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ. ඒ හේතුවෙන් අනතුරට පත් වීමට බලපෑ නිවැරදිම හේතුව සොයාගැනීමට පර්යේෂණ කණ්ඩායම්වලට හැකියාව ලැබෙන්නේ නෑ. ඇසින් දුටුවන් ගුවන්යානය වෙනදාට වඩා පහළ මට්ටමකින් ගමන් කරනු දුටු බව සඳහන් කරන අතර, ගුවන්යානයේ ගිනි ගැනීමක් හෝ එන්ජින්වල දෝෂයක් පිළිබඳ සාක්ෂි හමුවන්නේ නෑ.

    KPge0xo.jpg




    ගුවන් යානය අනතුරට ලක් වීමට කලින් අවසාන වශයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හා පණිවුඩ හුවමාරු කරගෙන තිබූ අතර, කටුනායකින් ලබාදුන් උපදෙස් නියමුවාට නිසියාකාරයෙන් ග්‍රහණය නොවීම අනතුරට හේතුවක් වනන්ට ඇතැ යි අනුමාන කරනවා. නමුත්, එම අනුමානය නිවැරදි ලෙසම තහවුරු කරගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ.

    5ZmZeoL.jpg

    අනතුර සිදුවූ ස්ථානය


    කටුනායක ගුවන් තොටුපොළ ලෙස වරදවා වටහාගෙන යානයේ නියමුවා ගුවන් යානය පහත කර ඇති බවත්, එම අවස්ථාවේ දී යානය කන්දේ ගැටුණු බවත් පර්යේෂකයෝ කරන තවත් අනුමානයක්. ලක්ෂපාන ආදී ජල විදුලි බලාගාර ආසන්නයේ පිහිටීම හේතුවෙන් ඒවාගේ විදුලි ආලෝකය කටුනායක ගුවන් තොටුපොල ලෙස ගුවන් නියමුවා විසින් වරදවා වටහාගෙන ඇති බව එම අනුමානවල සඳහන් වෙනවා.

    995sOnr.jpg




    අනතුර සිහි වීම සඳහා සප්ත කන්‍යා කඳු පාමුල කුඩා ස්මාරකයක් තනා තිබෙනවා. ගුවන් අනතුරෙන් මියගිය තම ඥාතීන් සිහි කිරීම සඳහා මෙම ස්මාරකය අසලට විදෙශයේ සිටින ඔවුන්ගේ හිතවතුන් සමහර දිනවල දී පැමිණෙනවා.


    3oMsmwI.jpg




    ගුවන් යානයේ ටයරයක් නොර්ටන් බ්‍රිජ් පොලිසිය ඉදිරිපිට පොලිස් රථගාල පසෙක ස්ථාපිත කර තිබෙන්නේ එම ගුවන් අනතුර සිහි වීම පිණිස යි. එමෙන්ම, ගුවන් යානයේ දොර කොටස් කිපයක් ප්‍රදේශවාසීන් සන්තකයේ තිබෙන ආකාරය අද වුව ද දැකගන්න පුළුවන්.

    bMkssTt.jpg

    අනතුර පිළිබඳව දිනමිණ පුවත්පත වාර්තා කර තිබූ අයුරු




    මූලාශ්‍රයයන්:
    lankadeepa.lk
    sundayobserver.lk
    Blogger Lasantha Kularathna
    Roarmedia
    Pictures from Internet
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,974
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕකෙ දුර පෙන්නන ගැජට් එක කොම්පැණි දෙකකින් හදන්නෙ එකකට එකක් පෙන්නන විදිය වෙනස්ලු..ඒක ෆයිලට්ලට කලින් කියල නැති නිසා ඔහොම උනා කියන්නෙ..ෆයිලට්ල දෙන්න හදිස්සියෙ ඔය ගමනට දාල තියෙන්නෙ.
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,135
    12,023
    113
    ඒකාලේ ඉදන් කාටහරි කරදරයක් වුනාම අපේ එවුන්
    ඒකෙනුත් හොරා කාලා තියනවා..
    පේනවද? අර ගුවන් යානා කොටසක් අල්ලන් පොටෝ ගහපු ලස්සන

    හරි ෂෝක්
    හරිම ෂෝක්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    ඔය Plane එක බාරව හිටියේ Air Traffic Controller කරුණාරත්න (නම මතක හැටියට) කියලා එක්කෙනෙක් එයා අන්තිමට හිටියේ මාලබේ පදිංචි වෙලා
    Plane එක ලංකාවේ ගුවන් කලාපයට ඇතුළු උනා කියල Pilot කියලා තියෙනවා
    පස්සේ Airtraffic Control Tower එකෙන් Plane එක තියාගන්න ඕනේ උස දීලා තියෙනවා
    ඒ තමා අනිතිම මෙසේජ් එක
    ඊට පස්සේ ඒ අංකල් ට පුටුවේ නින්ද ගිහින් ඇහැරලා බලනක කොට Plane එක Missing ලු🤣
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    ඕකෙ දුර පෙන්නන ගැජට් එක කොම්පැණි දෙකකින් හදන්නෙ එකකට එකක් පෙන්නන විදිය වෙනස්ලු..ඒක ෆයිලට්ලට කලින් කියල නැති නිසා ඔහොම උනා කියන්නෙ..ෆයිලට්ල දෙන්න හදිස්සියෙ ඔය ගමනට දාල තියෙන්නෙ.



    ඔය Plane එක බාරව හිටියේ Air Traffic Controller කරුණාරත්න (නම මතක හැටියට) කියලා එක්කෙනෙක් එයා අන්තිමට හිටියේ මාලබේ පදිංචි වෙලා
    Plane එක ලංකාවේ ගුවන් කලාපයට ඇතුළු උනා කියල Pilot කියලා තියෙනවා
    පස්සේ Airtraffic Control Tower එකෙන් Plane එක තියාගන්න ඕනේ උස දීලා තියෙනවා
    ඒ තමා අනිතිම මෙසේජ් එක
    ඊට පස්සේ ඒ අංකල් ට පුටුවේ නින්ද ගිහින් ඇහැරලා බලනක කොට Plane එක Missing ලු🤣
    වටිනා විස්තර ගොඩක් තියනවා වගේ. තව තොරතුරු ටිකක් ලැබුනොත් හොයලා දාන්නම් මචන්. ස්තුතියි (y)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සුපිරි...👍👍
    ඕකෙ දුර පෙන්නන ගැජට් එක කොම්පැණි දෙකකින් හදන්නෙ එකකට එකක් පෙන්නන විදිය වෙනස්ලු..ඒක ෆයිලට්ලට කලින් කියල නැති නිසා ඔහොම උනා කියන්නෙ..ෆයිලට්ල දෙන්න හදිස්සියෙ ඔය ගමනට දාල තියෙන්නෙ.
    අලුත් කතාවක්...👍👍
     

    Similar threads