ලංකාවේ සිදු වූ දරුණුම ගුවන් යානා අනතුර පිළිබඳව කියැවෙන ඇන්ටන් ජෝන්ස් ගායනා කරන ඉහත ගීතය මීට වසර ගණනාවක සිට අද දක්වාම කා අතරත් එක සේ ජනප්‍රිය යි. මේ ගීතය සඳහා පාදක වෙන්නේ 1974 දෙසැම්බර් 4 වැනි දා ශ්‍රී ලංකාවේ නුවර එළිය දිස්ත්‍රික්කයේ, මස්කෙළියේ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් සප්ත කන්‍යා කඳුවැටියේ (Seven Virgin Hills) හැපුණු මඟී ප්‍රවාහන ගුවන් යානයක් පිළිබඳව යි
සප්ත කන්‍යා කඳුවැටිය
ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටුපොළේ සිට සෞදි අරාබියේ ජෙඩා ගුවන් තොටුපොළ බලා ගුවන් ගත වූ මැක්‌ඩොනල්ඩ් ඩග්ලස් ඩී. සී. 8 ගුවන් යානය අතරමඟ දී ඉන්ධන ලබාගැනීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට ද තීරණය වී තිබුණා.
McDonnell Douglas DC-8 ගුවන් යානය
මාටින් එයාර් 138 (Martinair Flight 138) පියාසර අංකය යටතේ ගමන් ආරම්භ කළ ගුවන් යානයේ මඟීන් 182ක් වූ අතර කාර්යමණ්ඩලයේ 9 දෙනෙකු සමගින් සියලු දෙනා 191 දෙනෙක් විය. මොවුන් මක්කම වන්දනාවේ යන ඉස්ලාම් භක්තිකයන් ලෙස ද සඳහන් වෙනවා. ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කරන්නේ පළපුරුදු ගුවන් නියමුවෙකු වූ හෙන්ද්‍රික් ලම්මේ (Hendrik Lamme) යි.
1974 දෙසැම්බර් 4 වෙනිදා වේලාව රාත්‍රි 10.10ට පමණ සප්ත කන්‍යා කඳුවැටියේ සිව්වන කන්දේ හැප්පෙන ගුවන් යානය පළාතම දෙදුරුම්කමින් විනාශයට පත් වෙනවා. මෙහි දී යානයේ ගමන් කළ සියලුම මඟීන් හා කාර්යමණ්ඩලයේ සියලු දෙනා ඇතුළුව 191 දෙනාම මරණයට පත් වෙනවා.
ගුවන් අනතුර පිළිබඳව කොළඹට ආරංචි වීමට ටික කාලයක් ගත වෙන අතර, පසු දා ගුවන් හමුදාවෙන් අනතුර සිදු වූ ස්ථානය වෙත හෙලිකොප්ටරයක් එවනු ලබනවා. මේ වන විටත් ගම්වැසියන් හා පොලීසිය අදාළ ස්ථානයට ළඟා වී සිටිනවා. ගුවන් අනතුරෙන් මරණයට පත් වූ අයගේ හමු වූ සිරුරු කොටස් ඊට පහළින් භූමදානය කරනු ලබනවා. ගුවන් යානයේ සිටි එක් ගුවන් සේවිකාවකගේ මළ සිරුරක් ඇයගේ පෙම්වතා විසින් නැවත නෙදර්ලන්තයට ගෙන ගොස් භූමදානය කර තිබෙනවා. බිමට පතිත වූ ගුවන් යානයේ කොටස් හා මඟීන්ගේ බඩු-බාහිරාදිය අනතුර බැලීමට පැමිණි විවිධ අය විසින් රැගෙන යනවා. පසුව එම කොටස් විශාල මිල ගණන්වලට විකුණා ඇති බවත් සඳහන් වෙනවා.
ගුවන් අනතුර පිළිබඳව පසුව පරීක්ෂණ ආරම්භ කෙරෙන අතර, මාටින් එයාර් DC 8 විශේෂ ජෙට් ගුවන්යානාව නිෂ්පාදිත නෙදර්ලන්ත සමාගමේ විශේෂ පර්යේෂක කණ්ඩායමක් හා මාටින් එයාර් ගුවන් සමාගමේ කණ්ඩායමක් මෙරටට පැමිණෙනවා. ඔවුන් මේ සම්බන්ධව පර්යේෂණවල නියැලෙන අතර, ගුවන් යානයේ අවසන් දත්ත සටහන් වන කළු පෙට්ටිය සොයාගැනීමට එම කණ්ඩායම් විසින් උත්සාහ කරනවා.
කළු පෙට්ටියේ යම් කිසි කොටස් කිහිපයක් හමුවෙන නමුත්, ඔවුන්ට අවශ්‍ය වන කොටස් සොයාගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ. ඒ හේතුවෙන් අනතුරට පත් වීමට බලපෑ නිවැරදිම හේතුව සොයාගැනීමට පර්යේෂණ කණ්ඩායම්වලට හැකියාව ලැබෙන්නේ නෑ. ඇසින් දුටුවන් ගුවන්යානය වෙනදාට වඩා පහළ මට්ටමකින් ගමන් කරනු දුටු බව සඳහන් කරන අතර, ගුවන්යානයේ ගිනි ගැනීමක් හෝ එන්ජින්වල දෝෂයක් පිළිබඳ සාක්ෂි හමුවන්නේ නෑ.
ගුවන් යානය අනතුරට ලක් වීමට කලින් අවසාන වශයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හා පණිවුඩ හුවමාරු කරගෙන තිබූ අතර, කටුනායකින් ලබාදුන් උපදෙස් නියමුවාට නිසියාකාරයෙන් ග්‍රහණය නොවීම අනතුරට හේතුවක් වනන්ට ඇතැ යි අනුමාන කරනවා. නමුත්, එම අනුමානය නිවැරදි ලෙසම තහවුරු කරගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ.
අනතුර සිදුවූ ස්ථානය
කටුනායක ගුවන් තොටුපොළ ලෙස වරදවා වටහාගෙන යානයේ නියමුවා ගුවන් යානය පහත කර ඇති බවත්, එම අවස්ථාවේ දී යානය කන්දේ ගැටුණු බවත් පර්යේෂකයෝ කරන තවත් අනුමානයක්. ලක්ෂපාන ආදී ජල විදුලි බලාගාර ආසන්නයේ පිහිටීම හේතුවෙන් ඒවාගේ විදුලි ආලෝකය කටුනායක ගුවන් තොටුපොල ලෙස ගුවන් නියමුවා විසින් වරදවා වටහාගෙන ඇති බව එම අනුමානවල සඳහන් වෙනවා.
අනතුර සිහි වීම සඳහා සප්ත කන්‍යා කඳු පාමුල කුඩා ස්මාරකයක් තනා තිබෙනවා. ගුවන් අනතුරෙන් මියගිය තම ඥාතීන් සිහි කිරීම සඳහා මෙම ස්මාරකය අසලට විදෙශයේ සිටින ඔවුන්ගේ හිතවතුන් සමහර දිනවල දී පැමිණෙනවා.
ගුවන් යානයේ ටයරයක් නොර්ටන් බ්‍රිජ් පොලිසිය ඉදිරිපිට පොලිස් රථගාල පසෙක ස්ථාපිත කර තිබෙන්නේ එම ගුවන් අනතුර සිහි වීම පිණිස යි. එමෙන්ම, ගුවන් යානයේ දොර කොටස් කිපයක් ප්‍රදේශවාසීන් සන්තකයේ තිබෙන ආකාරය අද වුව ද දැකගන්න පුළුවන්.
අනතුර පිළිබඳව දිනමිණ පුවත්පත වාර්තා කර තිබූ අයුරු
මූලාශ්‍රයයන්:
lankadeepa.lk
sundayobserver.lk
Blogger Lasantha Kularathna
Roarmedia
Pictures from Internet

Last edited: