කන්ෙන්ලිය යමු

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    4.jpg


    1.jpg

    2.jpg

    3.jpg


    5.jpg


    පුංචි සිංහරාජය හෙවත් “කන්නෙලිය”
    -𝐤𝐚𝐧𝐧𝐞𝐥𝐢𝐲𝐚 𝐫𝐚𝐢𝐧 𝐟𝐨𝐫𝐞𝐬𝐭-
    ගාල්ල නගරයේ ඉඳලා කිලොමීටර් 35 ක් විතර ගියාම මේ කන්නෙලිය කැලේ හමුවෙනවා. කන්නෙලිය – දෙදියගල – නාකියාදෙනිය (KDN) කියන වනාන්තර සංකීර්ණයේ කොටසක් විදිහට තමයි කන්නෙලිය වනාන්තරය හඳුන්වන්නේ.හෙක්ටයාර 6144 ක් පුරා පැතිරුණ කන්නෙලිය වනාන්තරය ගහ කොළට ආදරය කරන කාටත් සංචාරය හොඳ තැනක්.
    කන්නෙලිය වනාන්තරයට කෝරලේගම – කන්නෙලිය මාර්ගය ඔස්සේ ලේසියෙන් යන්න පුළුවන්.මේ පාර උඩුගම – හිනිඳුම ප්‍රධාන මාර්ගයට ඔබ්බෙන් වූ රථ වාහන ගමන් කළ පුළුවන් තරමත් පටු පාරක්. මෙම පාර කන්නෙලිය වනාන්තරයට ගිහින් නන්නිකිත ඇළ අසළ තිබෙන ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිටදී අවසන් වෙනවා.
    කන්නෙලිය දකුණු ආසියාවේ පිහිටි ශාක සම්පත අතින් ඉහළම වටිනාකමකින් යුක්ත වනාන්තරයක්. කන්නෙලිය වනාන්තරයේ ප්‍රමුඛ ශාක කුලය ලෙස හොර කුලය හඳුන්වන්න පුළුවන්. අතීතයේදි මහා පරිමාණයෙන් සිදුකළ දැව හෙළීම් හේතුකොට ගෙන මෙම වනාන්තරයෙන් වැඩි කොටසක් අදටත් ද්විතියික වනාන්තර ලෙස පවතින්නේ. කන්‍නෙලිය වනාන්තරයෙන් ශාක විශේෂ 301 ක් වාර්තා වෙලා තියෙනවා. මෙම ශාක විශේෂවලට ශාක, පඳුරු සහ පැළෑටි අයත්වන අතර, ඉන් 25% ක්ම ශ්‍රී ලංකාවට ආවේණිකයි.
    සංකීර්ණ පරිසර තත්වයන්ගේ සංකලනයක් වන සාමාන්‍යයෙන් මිනිස් බලපෑම්වලට අඩුවෙන් ලක් වූ KDN වනාන්තරය ඉතා ඉහළ විවිධත්ත්වයකින් සහ ඉතා ඉහළ ආවේණිකත්වයක් පෙන්නුම් කරන සත්ව විශේෂ රැසකට වාසස්ථාන සපයනවා. KDN වනාන්තර සංකීර්ණයේ සහ එයට යාබදව පිහිටි අනෙකුත් වනාන්තරවලින් සත්ව විශේෂ 220 ක් පමණ වාර්තා වී තිබෙන අතර, ඉන් විශේෂ 41 ක් ආවේණික යි.
    කන්නේලියේ දී ඔබට නැරඹිය හැකි දේවල් වලින් බිදක්
    1.අනගිමල ඇල්ල
    2.නාරංගස් ඇල්ල
    3.තිරුවානා දොළ ඇල්ල
    4.තන්නිතික ඇළ
    5.අත්හැර දැමූ තුනී ලෑලි සංස්ථා ගොඩනැගිලි
    6.වල් දූරියන්
    7.කිරි හැඹිලිය
    8.යෝධ නවඳ ගස
    9.වල්ල පට්ට
    10.යෝධ පුස් වැල
    11.ඇත් අඩිය
    වනයේ සංචාරය සඳහා මංපෙත් ගණනාවක් හඳුන්වාදී තිබේ. ඒ පහත පරිදිය
    ගුහාව මංපෙත : දුර ප්‍රමාණය කිලෝමීටර 1.5 – ගතවන කාලය පැය 01යි.
    අනගිමල ඇල්ල මංපෙත : දුර ප්‍රමාණය කිලෝමීටර 2.3 – ගතවන කාලය පැය 03යි.
    යෝධ පුස්වැල මංපෙත : දුර ප්‍රමාණය කිලෝමීටර 2.3 – ගතවන කාලය පැය 03යි.
    යෝධ නවඳගස මංපෙත : දුර ප්‍රමාණය කිලෝමීටර 5.2 – ගතවන කාලය පැය 03යි.
    නාරංගස් ඇල්ල මංපෙත : දුර ප්‍රමාණය කිලෝමීටර 5.2 – ගතවන කාලය පැය 06යි.
    කබ්බලේ කන්ද මංපෙත : දුර ප්‍රමාණය කිලෝමීටර 5.5 – ගතවන කාලය පැය 06යි.
    මාර්ගෝපදේශකයෙකුගේ මග පෙන්වීම යටතේ පමණක් මේ වනයේ සංචාරය කලයුතු අතර ඒ සඳහා සඳහා ප්‍රවේශ පත්‍රයක්ද ලබා ගත යුතුවේ

    නැවත මෙවැනි ලිපියකින් හමුවෙමු ජයවේවා

     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    ඕකේ ඉන්නේ මහ සුකන ගයිඩ් ලා සෙට් එකක්. සති අන්තයේ ගියොත් උන් අනගිමලේ ඇල්ලෙන් එහාට යන්නේ නෑ.නාරංගස් ඇල්ලට වෙනකන් ටිකට් ගත්තත් අනගිමලේ ඇල්ලෙන් හැරිලා එනවා. අනිත් එක තමා උන් නිකන් බාරයක් ඔප්පු අරන්නා වගේ දුවලා ගිහින් දුවලා එන්න හදන්නේ. පොඩ්ඩක් හරි මග හිටියොත් උන්ගේ මූනු දෙක වෙනවා.

    කොටින්ම උන්ට ඕන දවසකට ට්‍රිප් දෙක තුනක් ඇදලා ගතමන්ට් එක හොයාගන්න.
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    ඔතන ගයිඩ්ලා හෙණ මාෆියාවක් රන් කරන්නේ
    එකාගෙන් 200 ගානේ ගන්නවා, පොඩි උන්ගෙන් 50යි
    පස්සෙ ඌ නිකම් පුකට පැට්‍රොල් දාගෙන වගේ අපිව ඇදන් දුවනවා
    වට පිට බලන්න තියෙන තැන් ඌ දැන දැනම මිස් කරනවා
    බාබකිව් එකක් දාමු දාමු ගානවා ඒ පකයෝ (2500ක් ගන්නවා)
    ඔහොම කැලේක මොන බාබකිව් ද බන්, මොනා හරි කේස් එකක් වෙලා ඇවිලුනොත් හුකා නෙ
     

    sumithykk

    Well-known member
  • May 11, 2012
    581
    549
    93
    ඕකේ ඉන්නේ මහ සුකන ගයිඩ් ලා සෙට් එකක්. සති අන්තයේ ගියොත් උන් අනගිමලේ ඇල්ලෙන් එහාට යන්නේ නෑ.නාරංගස් ඇල්ලට වෙනකන් ටිකට් ගත්තත් අනගිමලේ ඇල්ලෙන් හැරිලා එනවා. අනිත් එක තමා උන් නිකන් බාරයක් ඔප්පු අරන්නා වගේ දුවලා ගිහින් දුවලා එන්න හදන්නේ. පොඩ්ඩක් හරි මග හිටියොත් උන්ගේ මූනු දෙක වෙනවා.

    කොටින්ම උන්ට ඕන දවසකට ට්‍රිප් දෙක තුනක් ඇදලා ගතමන්ට් එක හොයාගන්න.
    ow bn jara yakkuth innawa
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :love::love::love:

    කන්නේලියේ යනවා නම් පැටී මාමා ( ගුණදාස පතිරණ ) ගයිඩ් වැඩේට සෙට් කරගෙන යන්න.......