




පුංචි සිංහරාජය හෙවත් “කන්නෙලිය”
-𝐤𝐚𝐧𝐧𝐞𝐥𝐢𝐲𝐚 𝐫𝐚𝐢𝐧 𝐟𝐨𝐫𝐞𝐬𝐭-
ගාල්ල නගරයේ ඉඳලා කිලොමීටර් 35 ක් විතර ගියාම මේ කන්නෙලිය කැලේ හමුවෙනවා. කන්නෙලිය – දෙදියගල – නාකියාදෙනිය (KDN) කියන වනාන්තර සංකීර්ණයේ කොටසක් විදිහට තමයි කන්නෙලිය වනාන්තරය හඳුන්වන්නේ.හෙක්ටයාර 6144 ක් පුරා පැතිරුණ කන්නෙලිය වනාන්තරය ගහ කොළට ආදරය කරන කාටත් සංචාරය හොඳ තැනක්.
කන්නෙලිය වනාන්තරයට කෝරලේගම – කන්නෙලිය මාර්ගය ඔස්සේ ලේසියෙන් යන්න පුළුවන්.මේ පාර උඩුගම – හිනිඳුම ප්‍රධාන මාර්ගයට ඔබ්බෙන් වූ රථ වාහන ගමන් කළ පුළුවන් තරමත් පටු පාරක්. මෙම පාර කන්නෙලිය වනාන්තරයට ගිහින් නන්නිකිත ඇළ අසළ තිබෙන ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිටදී අවසන් වෙනවා.
කන්නෙලිය දකුණු ආසියාවේ පිහිටි ශාක සම්පත අතින් ඉහළම වටිනාකමකින් යුක්ත වනාන්තරයක්. කන්නෙලිය වනාන්තරයේ ප්රමුඛ ශාක කුලය ලෙස හොර කුලය හඳුන්වන්න පුළුවන්. අතීතයේදි මහා පරිමාණයෙන් සිදුකළ දැව හෙළීම් හේතුකොට ගෙන මෙම වනාන්තරයෙන් වැඩි කොටසක් අදටත් ද්විතියික වනාන්තර ලෙස පවතින්නේ. කන්නෙලිය වනාන්තරයෙන් ශාක විශේෂ 301 ක් වාර්තා වෙලා තියෙනවා. මෙම ශාක විශේෂවලට ශාක, පඳුරු සහ පැළෑටි අයත්වන අතර, ඉන් 25% ක්ම ශ්‍රී ලංකාවට ආවේණිකයි.
සංකීර්ණ පරිසර තත්වයන්ගේ සංකලනයක් වන සාමාන්‍යයෙන් මිනිස් බලපෑම්වලට අඩුවෙන් ලක් වූ KDN වනාන්තරය ඉතා ඉහළ විවිධත්ත්වයකින් සහ ඉතා ඉහළ ආවේණිකත්වයක් පෙන්නුම් කරන සත්ව විශේෂ රැසකට වාසස්ථාන සපයනවා. KDN වනාන්තර සංකීර්ණයේ සහ එයට යාබදව පිහිටි අනෙකුත් වනාන්තරවලින් සත්ව විශේෂ 220 ක් පමණ වාර්තා වී තිබෙන අතර, ඉන් විශේෂ 41 ක් ආවේණික යි.
කන්නේලියේ දී ඔබට නැරඹිය හැකි දේවල් වලින් බිදක්
1.අනගිමල ඇල්ල
2.නාරංගස් ඇල්ල
3.තිරුවානා දොළ ඇල්ල
4.තන්නිතික ඇළ
5.අත්හැර දැමූ තුනී ලෑලි සංස්ථා ගොඩනැගිලි
6.වල් දූරියන්
7.කිරි හැඹිලිය
8.යෝධ නවඳ ගස
9.වල්ල පට්ට
10.යෝධ පුස් වැල
11.ඇත් අඩිය
වනයේ සංචාරය සඳහා මංපෙත් ගණනාවක් හඳුන්වාදී තිබේ. ඒ පහත පරිදිය
ගුහාව මංපෙත : දුර ප්‍රමාණය කිලෝමීටර 1.5 – ගතවන කාලය පැය 01යි.
අනගිමල ඇල්ල මංපෙත : දුර ප්‍රමාණය කිලෝමීටර 2.3 – ගතවන කාලය පැය 03යි.
යෝධ පුස්වැල මංපෙත : දුර ප්‍රමාණය කිලෝමීටර 2.3 – ගතවන කාලය පැය 03යි.
යෝධ නවඳගස මංපෙත : දුර ප්‍රමාණය කිලෝමීටර 5.2 – ගතවන කාලය පැය 03යි.
නාරංගස් ඇල්ල මංපෙත : දුර ප්‍රමාණය කිලෝමීටර 5.2 – ගතවන කාලය පැය 06යි.
කබ්බලේ කන්ද මංපෙත : දුර ප්‍රමාණය කිලෝමීටර 5.5 – ගතවන කාලය පැය 06යි.
මාර්ගෝපදේශකයෙකුගේ මග පෙන්වීම යටතේ පමණක් මේ වනයේ සංචාරය කලයුතු අතර ඒ සඳහා සඳහා ප්‍රවේශ පත්‍රයක්ද ලබා ගත යුතුවේ
නැවත මෙවැනි ලිපියකින් හමුවෙමු ජයවේවා
