කනෙයි මැස්සා නම් උඹලට නුපුරු සතෙක් වෙන්න බෑ.හුගක් ගෙවල්වල මුන් වද බැදලා තියෙන්නේ විදුලි මීටරය කවර් වෙන්න ගහන පෙට්ටියේ.
ඒ ඇරෙන්න මුන් කඩතොලු වුන බිත්තිවලත් වද බදිනවා.විශේෂයෙන් මැටි බිත්තිවල.
මම කීප සැරයක්ම දැකපු සිද්ධියක් ගැන උඹලටත් කියන්න හිතුනා.ඒ හින්දා සිද්ධිය රෙකෝඩ් කරගෙනම ආවා.ඔන්න එහෙනම් ඒ විඩියෝ එක බලලා ඉදපල්ලාකෝ(<3min)
මෙතන සිද්ධිය තේරුණේ නැත්නම් සාමාන්‍ය කනෙයි වදයක ඇතුල් වෙන ද්වාරය පෙන්නන මේ වීඩියෝ එක බලන්න.හැඩේ නොසලකා හැරපන්.
පලවෙනි වීඩියෝ එකේ සහ දෙවනි වීඩියෝ එකේ වද අතර වෙනස දැන් පේනවානේ.පලවෙනි වදේට ඇතුල් වෙන තැන සෑහෙන තදබදයක් පේනවා.ඒක සාමාන්‍යයෙන් කනෙයියා වදයක ද්වාරය අසල තියෙන තත්වයක් නෙමෙයි.
ඒ වගේම තමයි පලවෙනි වීඩියෝ එකේ පෙන්නන කනෙයියා වදය බැදලා තියෙන්නේ උණ බම්බුවක.ඒ උණ බම්බුවේ අවට බිම කනෙයි මැස්සෝ අඩුම ගානේ 40-50ක් වත් වැටිලා ඉන්නවා පේන්න ඇතිනේ.සමහර මැස්සෝ තවම පණ පිටින්.හුගක් එවුන් මැරිලා.
මේක වීඩියෝ කරපු එකාම මරලද කොහෙද කියලා සමහරු කියන්නත් පුලුවන්.
දන්න අය දන්නවා මේ දේ මිනිස්සුන්ගේ බලපෑමක්,අඩන්තේට්ටම් නිසා වුන දෙයක් නෙමෙයි කියලා.
මේ මැස්සන්ට එහෙම කරදර කරන්න උවමනාවක් නෑ.මොකද මුන් මී මැස්සෝ,බඹරු ,දෙබරු වගේ දෂ්ඨ කරන මැසි කාණ්ඩයේ නෙමෙයි.දෂ්ඨ කරන්න මුන්ට තුඩකුත් පිහිටලා නෑ.බොරු නම් මේක බලන්න .ඇගිල්ල ලං කලත් මුන්ගෙන් හානියක් නෑ.
හෑල්ල නොකියා කියන්න ආපුදේ මොකක්ද බලමුකෝ එහෙනම්.කියන්න ආවේ පලවෙනි වීඩියෝ එකේ කනෙයි වදය අසල තියෙන අසාමාන්‍ය තදබදය සහ ඒ අවට වෙලා තියෙන මැසි සංහාරය.ඇත්තටම මෙතන මැරිලා ඉන්න මැස්සෝ ගාන 50කටත් අඩුයි.හැබැයි මීට කලින් කනෙයි මැස්සෝ සිය ගණන් මෙහෙම මැරිලා ඉන්න ,මැරෙන අවස්ථා දැකලා තියෙනවා.
මේ මරණ වලට හේතුව මොකක් වෙන්න ඇතිද?
මේ සිද්ධි දැකපු මුල් කාලේ හිතුවේ වදයේ දොරකඩ අවහිර වෙන තරමට මැස්සෝ විශාල ප්‍රමාණයක් එක පාර එකම වෙලාවේ ආපු නිසා,උන්ට හුගක් වෙලා ගුවනේ රැදී ඉන්න සිද්ධ වීමත් එක්ක දුර්වල වෙලා වදෙන් පහලට වැටිලා මැරිලා යනවා කියලා.
එක්කෝ ලෙඩක් බෝ වෙලා මැරුනා වෙන්නත් පුලුවන්.
මේ ඔක්කොම කල්පිත විතරයි.
දැන් කියන්න යන්නේ මෙතන ඇත්තටම මොකද වුනේ කියන එක.
වැටිලා ඉන්න මැස්සෝ දිහා ටිකක් විමසිල්ලෙන් බැලුවොත් පේනවා වැඩි හරියක් එක්කෝ එකෙකුට එකෙක් බදාගෙන,සමහර තැන්වල දෙන්නෙකුට වැඩිය එක තැන ඇලිලා මැරිලා.පණ තියෙන මැස්සෝ තව එකෙක් එකක් පොර බදලා උගෙන් ගැලවිලා යන්න වගේ උත්සහ කරන බවක් පේනවා.
කනෙයි කොලනි ගැන අධ්‍යනය කරපු ඈයෝ කියන්නේ මුන්ගේ කොළනි අතර යුද්ධ හැදෙනවා කියලා.කොළනි අතර සටන්.ඒ කියන්නේ එක වදයක මැස්සෝ තවත් වදයකට පහර දෙනවා.පහරදීලා ඒ වදය අල්ල ගන්නවා. ඒ සටන්වලදී මැරෙන මැස්සන්ගේ මිනී තමයි බිම විසිරිලා තියෙන්නේ.
මේ කොළනි අතර සටන් එක්කෝ එකම විශේෂ අතර හෝ විශේෂ දෙකක් අතර සිද්ධ වෙන්න පුලුවන් කියනවා.කනෙයි විශේෂ දැනට 500 වඩා හදුනාගෙන තියෙනවාලු.
මේ සිද්ධිය ගැන මීට වඩා වෙනස් පැහැදිලි කිරීමක් උඹලට තියෙනවා නම් කියාගෙන පලයල්ලා.
අදට හෑල්ල නිමයි.
Update:
source එක ඉල්ලපු නිසා ඔන්න ඒකත් දැම්මා
https://link.springer.com/article/10.1007/s13592-022-00936-3

Last edited:
. මී මැස්සොත් ඒක පාර මැරිලා වැටෙනවා ටීම් ඒකම වස තෙල් ගහපුවා බීලා ආවම. මුන් පරාග ඔක්කොම අරගෙන යනවා. හානියක් කියලා තමායි ගොයියො කියන්නේ