පෙරදිග සංස්කෘතිය හිමි රටවල්
මැදපෙරදිග ආගම් හා ඉන්දියානු ආගම් වල විකාශණය
අපාය, දිව්‍යලෝකය හෝ කර්මය ගැන කිසිදු විශ්වාසයක් නොමැති තැනැත්තා පව් කිරීමට බිය නොවන බව සාධාරණ කරුණකි. එබැවින් ඒ තුලින් පිරිහුණු සංස්කෘතියක් නිර්මාණය වන බව නොරහසකි. මීට දශක කිහිපයකට පෙර වඩාත්ම පිරිහුණ සංස්කෘතියක් පැවතියේ ලෝක යුද්ධ වලින් පසු සීග්‍ර දියුණුවක් ලැබූ බටහිර නාගරික ප්‍රදේශ වල පමණි. පරදාර සේවනය, මත්ද්‍රව්‍ය භාවිතය, රැවටීම යන වැරදි ක්‍රියාවන් එහිදී මුල් තැනක් ගැනුනි. තාක්ෂණික දියුණුවත් සමග අද වන විට ලොව විශ්ව ගම්මානයක් බවට පත්වී ඇති අතර, එම බටහිර නගර වල පිරිහුණ සංස්කෘතිය ජනමාධ්‍ය, කළාව වැනි මාධ්‍ය හරහා සීග්‍රයෙන් දියුණු රටවල ග්‍රාමීය ප්‍රදේශ වලටත්, ආවෘත සංස්කෘතියක් ඇති රටවල දියුණු නගර වලටත් සීග්‍රයෙන් ව්‍යාප්ත වුනි. එම සංස්කෘතික ප්‍රේරණයත් සමග ආවෘත සංස්කෘතියක් තිබූ රටවල සමාජ තත්වය තවත් නරක අතට හැරුණ අතර, මත් ද්‍රව්‍ය භාවිතය, ගණිකා වෘත්තිය හා පරදාර සේවනය වඩාත්ම සෝචනීය සංස්කෘතික වෙනස්කම් බවට පත්විය. අවසානයේ තම ආගමික ඉගැන්වීම් සංශෝධනය කරගනිමින් හෝ ඒ පිළිබඳව සම්පූර්ණයෙන්ම අමතක කරමින් නරක ක්‍රියා වලට පෙළඹීමට අද කාලයේ ආවෘත සංස්කෘතිය හැඩගැසී ඇත. නමුත් බටහිර රටවල ඇති සදාචාරය(Ethics) හෝ නීති රීති(Rules and regulations) තවමත් මේ සංස්කෘතියට හරි හැටියට එකතු වී නොමැත. වැඩිවියට පත්වන දරුවන්ට දෙමාපියන් විසින්ම කොන්ඩම් ලබාදෙන බටහිර සංස්කෘතියට චීයා කියපු ලාංකිකයන් අද Night Club, Color parties වල කුමක් කරන්නේද? වටේ යන ගෑණු ප්‍රතිශතය කී ගුණයකින් වැඩි වී ඇතිද? ගණිකා වෘත්තියට ඉල්ලුම කොපමණ නම් වැඩි වී ඇත්ද?
මිනී මැරුම්, මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ, මත් ද්‍රව්‍ය භාවිතය ආදී සාධක සළකා බලමින් වර්ථමානයේ කරන සමීක්ෂණ වලදී ආවෘත සංස්කෘතියක් තිබූ රටවල් ශ්‍රේණිගත කිරීම් වල පසුපසට ඇදෙන්නට මෙම සංස්කෘතික වෙනස සමගම දිළිඳුබව සහ නූගත්මක හේතු විය හැකි බවට කරුණු ඉදිරිපත් කෙරුණද, එය ඇත්තෙන්ම මිනිසුන්ගේ ආකල්පමය ස්වභාවය අනුව ඇති වන තත්වයක් බවටද පහසුවෙන්ම කරුණු ඉදිරිපත් කල හැකිය. පෙරදිග සංස්කෘතියේ ඇති වඩාත්ම වටිනා බැඳීම පවුලයි. බටහිර සංස්කෘතිය තුල පවුල තුල ඇති බැඳීම අවම මට්ටමක පවතී. වඩාත් පරිත්‍යාගශීලී මිනිසුන් සිටින රටවල් වලින් මුල 10ට පැමිණීමට මියන්මාරය හා ශ්‍රී ලංකාව යන රටවල් සමත් වන්නේ සංස්කෘතික බලපෑම හා මිනිසුන්ගේ ආකල්ප අනුවය. නමුත්, USA, Canada, NZ, Aus, UK වැනි රටවල් ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නේ කෙසේද? විවෘත සංස්කෘතියකට හිමිකම් කියන ඔවුන්ගෙන් මෙහිදී නිරූපණය කෙරෙන්නේ විවෘත මානුෂීය චින්තනය නොවේද?
Motivation for the Immigration 1


