#කන•සංස්කෘතිය

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    aa-CULTURE.jpg
    සංස්කෘතිය අනුව ගත් කල ලෝකයේ රටවල් වර්ග දෙකකි. එකක් විවෘත සංස්කෘතිය සහිත රටවල් ය. අනෙක ආවෘත සංස්කෘතිය සහිත රටවල් ය. බොහෝ ආසියානු රටවල දක්නට ලැබෙන්නේ ආගම මුල්වූ ආවෘත සංස්කෘතියකි. එම රටවල සංහිදියාව, සභ්‍යත්වය රඳා පවතින සාධකය එම ආගම මුල්වූ ආවෘත සංස්කෘතිය බව මෑතක් දක්වාම පිළිගැණුන කරුණකි. බටහිර ප්‍රමුඛ සියළු දියුණු යැයි සැලකෙන රටවල් එම සංස්කෘතිය දකින්නේ, මිත්‍යා විශ්වාස තුල් එල්බගෙන සිටින සංස්කෘතියක් ලෙස ය. ආවෘත සංස්කෘතියක ජීවත් වන මිනිසුන් බටහිර සංස්කෘතිය දකින්නේ සභ්‍යත්වයෙන් තොර පිරිහුන සංස්කෘතියක් ලෙස ය. මෙයින් සැබෑ තත්වය වටහා ගැනීමට උත්සාහ කරමු.
    800px-LocationAsia.svg.png

    පෙරදිග සංස්කෘතිය හිමි රටවල්
    බහුතරයක් සාම්ප්‍රදායික ආගම් වල එන "අපාය"(Hell), "දිව්‍යලෝකය"(Heaven), "කර්මය" (Karma), "ආත්මය"(Soul) යන සංකල්ප තුලින් මිනිසා තුල හික්මවීමක් ඇති කරන්නේ ප්‍රාණ ඝාතය, බොරු කීම, ඊර්ෂ්‍යා කිරීම, මත්ද්‍රව්‍ය භාවිතය හා පරදාර සේවනය යන ක්‍රියාවන් වලින් මිනිසා ඈත් කිරීමෙනි. ඉස්ලාම්, ක්‍රිස්තියානි, යුදෙව් වැනි මැද පෙරදිග සම්භවයක් සහිත ආගම් එම හික්මවීම ඇති කරන්න උත්සාහ දරන්නේ භක්තිකයන් වෙත දැඩි නීති රීති මාලාවක් පැනවීමෙනි. හින්දු, බුද්ධ ධර්මය, ජෛන දහම වැනි ඉන්දියානු සම්භවයක් සහිත ආගම් එම හික්මවීම ඇති කරන්නේ, "කර්මය" විසින් ඔබ කල දේ ප්‍රතිඵල ඔබට නැවත ලැබෙන්නේය යන දර්ශණය භක්තිකයාට ඒත්තු ගැන්වීමෙනි. කෙසේ වෙතත් මේ සියළු ආගම් වල පරම අභිප්‍රාය වන්නේ, මිනිස් පැවැත්මට වඩාත් හිතකර වන සමාජයක් නිර්මාණය කිරීමය. ඒ උත්සාහය තුල දැනට පවතින මෙම සියළු ආගම් දීර්ඝ කාලීන සාර්ථකත්වයක් ලැබූ බව සඳහන් කල යුතුය.
    800px-Abraham_Dharma.png

    මැදපෙරදිග ආගම් හා ඉන්දියානු ආගම් වල විකාශණය
    සංස්කෘතිය කුමක් වුවත් සමාජයක සභ්‍යත්වය රඳා පවතින්නේ එහි ජීවත් වන මිනිසුන්ගේ ආකල්ප මත ය. ආවෘත සංස්කෘතියක් තිබූ රටවල ද ඕනෑ තරම් නරක ක්‍රියා සිදුවන අතර ආවෘත සංස්කෘතියක් ඇති රටවල සදාචාරය හා නීතිමය රාමුව මගින් සභ්‍යත්වය රඳා පැවතෙන සාධක බිහිවුනි.
    අපාය, දිව්‍යලෝකය හෝ කර්මය ගැන කිසිදු විශ්වාසයක් නොමැති තැනැත්තා පව් කිරීමට බිය නොවන බව සාධාරණ කරුණකි. එබැවින් ඒ තුලින් පිරිහුණු සංස්කෘතියක් නිර්මාණය වන බව නොරහසකි. මීට දශක කිහිපයකට පෙර වඩාත්ම පිරිහුණ සංස්කෘතියක් පැවතියේ ලෝක යුද්ධ වලින් පසු සීග්‍ර දියුණුවක් ලැබූ බටහිර නාගරික ප්‍රදේශ වල පමණි. පරදාර සේවනය, මත්ද්‍රව්‍ය භාවිතය, රැවටීම යන වැරදි ක්‍රියාවන් එහිදී මුල් තැනක් ගැනුනි. තාක්ෂණික දියුණුවත් සමග අද වන විට ලොව විශ්ව ගම්මානයක් බවට පත්වී ඇති අතර, එම බටහිර නගර වල පිරිහුණ සංස්කෘතිය ජනමාධ්‍ය, කළාව වැනි මාධ්‍ය හරහා සීග්‍රයෙන් දියුණු රටවල ග්‍රාමීය ප්‍රදේශ වලටත්, ආවෘත සංස්කෘතියක් ඇති රටවල දියුණු නගර වලටත් සීග්‍රයෙන් ව්‍යාප්ත වුනි. එම සංස්කෘතික ප්‍රේරණයත් සමග ආවෘත සංස්කෘතියක් තිබූ රටවල සමාජ තත්වය තවත් නරක අතට හැරුණ අතර, මත් ද්‍රව්‍ය භාවිතය, ගණිකා වෘත්තිය හා පරදාර සේවනය වඩාත්ම සෝචනීය සංස්කෘතික වෙනස්කම් බවට පත්විය. අවසානයේ තම ආගමික ඉගැන්වීම් සංශෝධනය කරගනිමින් හෝ ඒ පිළිබඳව සම්පූර්ණයෙන්ම අමතක කරමින් නරක ක්‍රියා වලට පෙළඹීමට අද කාලයේ ආවෘත සංස්කෘතිය හැඩගැසී ඇත. නමුත් බටහිර රටවල ඇති සදාචාරය(Ethics) හෝ නීති රීති(Rules and regulations) තවමත් මේ සංස්කෘතියට හරි හැටියට එකතු වී නොමැත. වැඩිවියට පත්වන දරුවන්ට දෙමාපියන් විසින්ම කොන්ඩම් ලබාදෙන බටහිර සංස්කෘතියට චීයා කියපු ලාංකිකයන් අද Night Club, Color parties වල කුමක් කරන්නේද? වටේ යන ගෑණු ප්‍රතිශතය කී ගුණයකින් වැඩි වී ඇතිද? ගණිකා වෘත්තියට ඉල්ලුම කොපමණ නම් වැඩි වී ඇත්ද?
    මිනී මැරුම්, මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ, මත් ද්‍රව්‍ය භාවිතය ආදී සාධක සළකා බලමින් වර්ථමානයේ කරන සමීක්ෂණ වලදී ආවෘත සංස්කෘතියක් තිබූ රටවල් ශ්‍රේණිගත කිරීම් වල පසුපසට ඇදෙන්නට මෙම සංස්කෘතික වෙනස සමගම දිළිඳුබව සහ නූගත්මක හේතු විය හැකි බවට කරුණු ඉදිරිපත් කෙරුණද, එය ඇත්තෙන්ම මිනිසුන්ගේ ආකල්පමය ස්වභාවය අනුව ඇති වන තත්වයක් බවටද පහසුවෙන්ම කරුණු ඉදිරිපත් කල හැකිය. පෙරදිග සංස්කෘතියේ ඇති වඩාත්ම වටිනා බැඳීම පවුලයි. බටහිර සංස්කෘතිය තුල පවුල තුල ඇති බැඳීම අවම මට්ටමක පවතී. වඩාත් පරිත්‍යාගශීලී මිනිසුන් සිටින රටවල් වලින් මුල 10ට පැමිණීමට මියන්මාරය හා ශ්‍රී ලංකාව යන රටවල් සමත් වන්නේ සංස්කෘතික බලපෑම හා මිනිසුන්ගේ ආකල්ප අනුවය. නමුත්, USA, Canada, NZ, Aus, UK වැනි රටවල් ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නේ කෙසේද? විවෘත සංස්කෘතියකට හිමිකම් කියන ඔවුන්ගෙන් මෙහිදී නිරූපණය කෙරෙන්නේ විවෘත මානුෂීය චින්තනය නොවේද?
    20141211_Charity.jpg
    මිනිසුන් තවත් එකෙකුගෙන් උකහාගත යුත්තේ හොඳ දේ මිස නරක දේ නොවේ. අවසානය ඔබට බාරයි.
    Motivation for the Immigration 1
     

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    Who helped a stranger % මේ දර්ශකය මම නම් පිලිගන්නෙනැ මොකද මේ දර්ශකය මිටවඩා වැඩිවියයුතුයි සින්හලයා හතුරෙක්ට උනත් උදවු කරනවා
    rep add
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Who helped a stranger % මේ දර්ශකය මම නම් පිලිගන්නෙනැ මොකද මේ දර්ශකය මිටවඩා වැඩිවියයුතුයි සින්හලයා හතුරෙක්ට උනත් උදවු කරනවා
    rep add

    ඒක නම් ඇත්ත ,ඒත් එකෙන් වෙලා තියෙන්නේ අන්තිමට අර කූඩාරමට ඔලුව දාන්න ඔටුවට ඉඩ දුන්න මිනිහට සිද්ධවුන දේ(සිංහලයන්ට ) :lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒක නම් ඇත්ත ,ඒත් එකෙන් වෙලා තියෙන්නේ අන්තිමට අර කූඩාරමට ඔලුව දාන්න ඔටුවට ඉඩ දුන්න මිනිහට සිද්ධවුන දේ(සිංහලයන්ට ) :lol:

    දැන් සිංහලයට මොකක්ද වෙලා තියෙන්නේ ? :lol:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Who helped a stranger % මේ දර්ශකය මම නම් පිලිගන්නෙනැ මොකද මේ දර්ශකය මිටවඩා වැඩිවියයුතුයි සින්හලයා හතුරෙක්ට උනත් උදවු කරනවා
    rep add
    මේ ෆොටෝස් එක මචං, 2013 එකක්.
    World Giving Index එකේ 2015 වෙනකොට ලංකාව තව ඉස්සරහට ඇවිත්.
    wikipedia.org/wiki/World_Giving_Index
    page1-800px-World_Giving_Index_2015_Heat_Map.pdf.jpg
     

    waligamaya

    Well-known member
  • ම්ව්හ්ව්මයි මචන් මම හිතවත් ඉංජිනේරු කෙනෙක් UK වල වැඩ කරනවා උන්ගේ office වල හැම සිකුරදම charity service වලට පවුම් 1ක් 2ක් එකතු කරනවා.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ම්ව්හ්ව්මයි මචන් මම හිතවත් ඉංජිනේරු කෙනෙක් UK වල වැඩ කරනවා උන්ගේ office වල හැම සිකුරදම charity service වලට පවුම් 1ක් 2ක් එකතු කරනවා.
    :dull:
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    වටින ලිපියක්. +

    බලාගෙන මචන් සමහර එවුන් ඉන්නව සංස්කෘතිය වහ කදුරු වගේ :(
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ම්ව්හ්ව්මයි මචන් මම හිතවත් ඉංජිනේරු කෙනෙක් UK වල වැඩ කරනවා උන්ගේ office වල හැම සිකුරදම charity service වලට පවුම් 1ක් 2ක් එකතු කරනවා.

    හිතවත් ඉංජිනේරු කෙනෙක්????? :shocked: