කඳුල වැඩසටහන

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මං හිතුව අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්න.

    එහෙනම් කියමු බලන්න ‘‘චාල්ස් තෝමස්’’ පියතුමාගේ ‘‘කඳුල’’ වැඩසටහන ගැන තම තමන්ගේ අදහස්. සමහරු හොඳ කියනව, තවත් සමහරු නරක කියනව. මටත් හොඳක් මිස නරකක් නම් පේන්න නෑ. එ්ත බලමුකො කට්ටියගේ අදහස්.
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අනුන්ගේ සින්දුවක් විවේචනය කරලා තමන්ගේ ජාම රැකගන්නවා‍
    හොද දේවල් නැතුවා නොවේ. තමන් අවංකනම් සමාජේට සේවයක් වෙයි.
    උඩ දාගෙන ගියොත් අනිත් අය වගේ පස්සේ කරදරයක් වෙයි.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඉතා හොද වැඩසටහනක්.
    මේක කාලෝ ෆොන්සේකා මහත්තයයි, අති ගෞරවනීය සෝභිත හාමුදුරුවනුයි චාර්ස් තෝමස් මහත්මයයි එකතු වෙලා පටන් ගත්ත වැඩසටහනක්.
    ඇත්තම අපේ සමාජයට අවශ්‍ය වැඩසටහනක්.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    90%ක් විතර හරි

    මම කඳුල වැඩසටහන් දෙකක් සජීවීව බැලුව. පියතුමා කියන කතාවලින් 90%ක් විතර හරි කියලයි මට හිතෙන්නෙ. වර්තමාන සමාජය ගැනනේ කතා කරන්නෙ. එයා එ්කට හරි අපූරුවට සංගීතය යොදා ගන්නවා. හොඳ පෞර්ෂයක් තියන, ගායන හැකියාව, කථන හැකියාව හොඳට තියන කෙනෙක් විදියට වැඩසටහන සාර්ථකයි කියලයි මට හිතෙන්නෙ.
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    කාලෝචිත වැඩසටහනක්. උගත යුතු බොහෝ දේ තියෙනව. සමාජයේ පිරිහිලා තියෙන සාර ධර්ම ගැන වටිනා අදහසක් දීල ඒව රැක ගන්න බුුදු දහම ඇසුරෙන් හරවත් විග්‍රහයක් කරනව. :yes::yes::yes: