කඳුළු ගෑස් එහෙමත් නැතිනම් මේ Tear gas කියන්නෙ

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,923
    3,267
    113
    කඳුළු ගෑස් එහෙමත් නැතිනම් මේ Tear gas කියන්නෙ කඳුලු, වේදනාව හා ඇතැම් විට තාවකාලික අන්ධතාවයක් ඇති කිරීමට භාවිතා කරනා රසායනික සංයෝග කීපයක් වේ.
    මෙය විශේෂයෙන් නිපදවා ඇත්තෙ ස්වයං ආරක්ෂක ක්‍රම හා විශාල කලහාකාරි පිරිසක් විසුරුවා හැරීම සඳහා යොදාගැනීමටයි. අනිත් කාරණාව තමයි තමා මේවට ගෑස් ගැස් කිව්වට මේවා ඇත්තටම ගෑස් නෙමෙයි. මේක Liquid (දියර) Solid ද්‍රවයක් (නිකන් පවුඩර් වගෙ ඝන ද්‍රවයක්). මේවා හදන්නෙ කෑන් එකක් තුලට Liquid හෝ Solid වශයෙන් තියෙන රසායනික සංයෝග කිහිපයක් අධි පීඩනයකට යටත්ව පිරවීමෙනුයි.

    කඳුළු ගෑස් වැඩ කරන්නේ කොහොමද?

    මේවා වැඩ කරන්නෙ මෙහෙමයි. කදුලු ගෑස් අඩංගු කෑන් එකකින් ප්‍රහාරයක් එල්ල කරාට පස්සෙ ඔයාගෙ ශරීරයෙ තියෙන lacrimal ග්‍රන්ථි වල මේක වදිනවා. එතකොට ඒ හරහා ඔයාගෙ මොලයට සංඥාවක් යනවා. ඒ අනුව මොළය තීරණය කරනවා ඔයාගේ ඇස්වල වේදනාව, කඳුලු, හුස්ම ගැනීමේ අපහසුතා වගෙ දේවල් ඇති කරවන්න. ඔයා ළූණු ගෙඩියක් කපද්දි, දෙහි ඉස්ම ඇහැට විසික් වෙද්දි, දර කැබලි පිච්චෙන දුමට නිරාවරණය වීමෙදි වගේ ඇති වන්නෙත් මේ කියපු ක්‍රියාවලියට ටිකක් සමාන දෙයක් තමා.

    කඳුලු ගෑස් ප්‍රහාරයකට ලක් උනොත් එකෙන් ගැලවෙන්නෙ කොහොමද?

    3 වන ඉරිදා අරගලයට යන්ඩ ඔයාලට මේක බොහොදුරට වැදගත් වෙයි. ඒක නිසා මේ කියන්න යන ටික හොඳින් කියවා අවබෝධ කරගන්න. මේකට කරන්න පුළුවන් හොඳම දේ තමා ගෑස් මාස්ක් එකක් පළඳින එක. නමුත් ඔයාලට ගෑස් මාස්ක් එකක් හොයාගන්ඩ අමාරුනම් Swimming සඳහා භාවිතා කරන goggles දෙකක් පාවිච්චි කරන්න. ඒකත් හොයාගන්න අමාරුනම් 5L හෝ 7L වතුර කෑන් එකක් හොයාගෙන ඒක තමුන්ගෙ මුහුනට සරිලන පරිදි කපාගෙන මුහුණු ආවරණයක් ලෙස සකස් කර ගන්න.

    මීට අමතරව ටිකක් තද මාස්ක් එකක් හෝ ස්කාෆ් එකක් නහයට කටට තදවන සේ ස්කාෆ් එකක් අනිවාර්යයෙන් පළඳින්න. නමුත් අනිවාර්යයෙන්ම මතක තියාගන්ඩ ඕන තව දෙයක් තමා ඇඟට හිර නැති අත්දිග ඇඳුමක් තද නැති ඩෙනිම් කලිසමක් ඇඳගෙන යන්ඩ මෙමගින් මේවා සමෙහි තැවරීමට ඇති සම්භාවිතාව අවම කරනවා.

    ඒ වගේම මේවා හමේ වැදුනාම දැවිල්ල අල්ලන්න පුළුවන්. ඒක නිසා අත හෝද ගැනීම වතුර බෝතලයක් හෝ තෙත් වෙච්ච කුඩා තුවා කැල්ලක් හෝ අනිවාර්යෙන් ලඟ තබා ගන්න. මේ තෙත තුවා කැබැල්ල මගින් මුහුණ හා අත් හොඳින් පිස දමා ගන්න.

    මීට අමතරව ඔයාලට කරන්න පුළුවන් තවත් ලේසිම දෙයක් තමා දැවිල්ල අල්ලපු ගමන් පුළුවන් තරම් දහඩිය පිටවන විදිහට වේගයෙන් දුවන එක එතකොට සම මතුපිටට එන දහඩිය මගින් මේවා ඉබේම සොදාහරිනවා එමගින් ඔයලට යම් කිසි සහනයක් ලැබෙයි.

    මම මේ කියපු කරුණු වලින් මොන වර්ගයේ කඳුලු ගෑස් ශ්‍රී ලංකා පොලීසිය විසින් භාවිතා කරනවා කියන එක නම් හරියටම කියන්න දන්නේ නෑ. නමුත් මම මේ කියපු ආරක්ෂණ පිළිවෙත ඒ ඕනෑම ක්‍රමේකට එරෙහිව පාවිච්චි කරන්ඩ පුළුවන්. 100%කම ආරක්ශාවක් නැතත් බොහො දුරට මේකෙන් ඔයාලට යම්කිසි සැලකිය යුතු මට්ටමකට ආරක්ෂවක් සහ සහනයක් ලබා ගන්න පුළුවන්.