කඳුළු සැලූ අශ්වයා

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
කඳුළු සැලූ අශ්වයා

හදිසි අනතුරකින් මියගිය හාම්පුතා වෙනුවෙන් කඳුළු සැලූ අශ්වයා
යතුරු පැදි අනතුරකින් මරුමුවට පත් බ්‍රසීල ජාතික වැග්නර් ලිමාගේ අවමගුල් උත්සවයේදී ඔහුගේ සමීපතම හිතවතා ලෙස හැඳින් වූ සෙරෙනෝ නමැති අශ්වයා කඳුළු සැලීමේ ශෝක ජනක ගැන සිද්ධියක්‌ අනාවරණය වේ.
horce.jpg


hores.jpg

වැග්නර්ගේ මිනී පෙට්‌ටිය ගෙන යන අවස්‌ථාවේ එම ස්‌ථානයට පැමිණි සෙරෙනෝ තම හිස මිනී පෙට්‌ටියේ තබා ශෝකය පළ කරන අයුරු අවමඟුල් උළෙලට පැමිණි පිරිසට දැක ගැනීමට හැකි වී ඇත.

වැග්නර්ගේ සොහොයුරු වැග්මෝ ලිමා පැවසූවේ සිය සොහොයුරු සහ සෙරොනෝ අතර දැඩි සබඳතාවක්‌ තිබෙන බවත් සොහොයුරාගේ අභාවය සෙරෝනෝට දැනී ඇති බවයි.

සෙරෝනෝ සමඟ විවිධ තරගවලට සහභාගී වූ වැග්නර් සම්මාන රැසක්‌ හිමිකරගෙන තිබුණි.

නව අවුරුදු උදා වූ දිනයේ යතුරුපැදියකින් යමින් සිටි වැග්නර් එය පාලනය කරගත නොහැකිව බිම වැටී බරපතළ ලෙස තුවාල ලබා ඇත.

ශල්‍යකර්ම දෙකකට ලක්‌ වූ වැග්නර් පසුව මියගොස්‌ තිබේ.

link