කපල්කරන_වැඩ

r runner

Member
May 12, 2015
2,396
781
0
පාරවල් අයිනෙ, බස්එකේ මුල්ලෙ සීට්වල ලවු කරන ජෝඩුවලින් සිද්ධ වෙන නරක වැඩ 7ක්

කොච්චර කට්ටිය අපිට කෙල්ලො නෑ කියල කෑ ගැහුවත්, පාරට බැස්සම ලවු කරන කපල් ඕන තරම් දකින්න පුළුවන්. ලවු කරන්න ෆිල්ම් හෝල්, හෝටල් කාමර, ලවර්ස් පාක්, රෙස්ටුරන්ට් තිබුනට මේ අය ගොඩක් වෙලාවට ලවු කරන්නෙ එක්කො පාරවල් අයිනෙ. එහෙමත් නැත්තං බස්වල මුල්ලෙ. එහෙම ලවු කරද්දි එයාල දැණුවත්ව මිනිස්සුන්ට සිද්ධ වෙන හානි වැඩියි. ඒවගේම එයාලා නොදැණුවත්ව අනිත් මිනිස්සුන්ට වෙන හානිත් වැඩියි. ඒ වගේම එයාලට සිද්ධ වෙන හානිත් වැඩියි. මේ කියන්න යන්නෙ ප්‍රසිද්ධ තැන්වල ලවු කරන එකෙන් අනිත් මිනිස්සුන්ට නරකක් වෙන හැටි ගැන.

1. ආලෝකෙට ගල්




LoveIsInTheAir-01a.jpg





ලවු කරන්න මූලිකවම අවශ්‍ය පෞද්ගලිකත්වය. පොදු පාරෙ පෞද්ගලිකත්වයක් නැහැනෙ. ඉතිං මේ ලවු කපල් මුලින්ම කරන්නෙ ප්‍රදේශෙට ඇඳිරි නීතිය දාන එක. ඒ කියන්නෙ ලයිට්වලට ගල් ගහන එක. මේකෙන් මුලින්ම හානි වෙන්නෙ ඒ පාරෙ ගමන් බිමන් යන මිනිස්සුන්ට. දෙවැනියට ඒ අවට තියෙන ගෙවල්වලට. ඒගොල්ලො නං පැයක් දෙකක් ලවු කරලා ගියාට අනිත් මිනිස්සු ජීවිත කාලෙම එතන ඉන්න එපැයි.


2. මල්ලි ඔයාලා අර පාරෙන් යන්න



LoveIsInTheAir-02.jpg





සමහර පාරවල් පොඩි උන්ට යන්න හොඳ නැහැ. ඒ පාරවල්වල කොච්චර කපල් පිරිලද කිවුවොත් ඒ කරන දේවල් පෝන් සයිට් වලින්වත් හොයාගන්න නැහැ. ඒ හින්දා අවුරුදු දහඅටට අඩු හින්දා සයිට් ඇක්සස් නොකළට මේ වගේ පාරක ගියොත් වෙන හානිය වැඩියි. මොකද මේගොල්ලො පොඩි එකෙක් පාරක ගියා කියලා ඒ ගොලොන්ගෙ වැඩේ නවත්තන්නෙ නෑ.


3. ඵල නෙළුවට කමක් නෑ…



LoveIsInTheAir-03.gif





අංකල් කෙනෙක් අලුතෙන් බැඳපු ජෝඩුවකට උඩ තට්ටුවෙ කාමරයක් රෙන්ට් එකට දුන්නලු. පහුවදා ඉඳන් අංකල්ගෙ කුකුල් කොටුවෙ කුකුල්ලු මැරෙනවලු. මේ විදියට දවස තුනක් ගිහිල්ලා තුන්වෙනි කුකුලත් මැරුවම අංකල් කුකුලට ඔපරේෂන් එකක් දීල බැලුවලු. බඩ ඇතුළෙ තියෙනවලු කොන්ඩම් එකක්. මේකට කේන්ති ගිහින් එදා රෑ අංකල් ගිහිල්ල මේ කපල් එකේ රූම් එකට තට්ටු කරල මොකද කරන්නෙ ඇහුවලු. කෙල්ල ලැජ්ජාවෙන් හිනාවෙලා කිවුවල් අංකල් අපි මේ ආදරේ ඵල නෙලනවා කියලා. එතකොට අංකල් කිවුවලු. “දුව ඵල නෙළුවට කමක් නෑ… ලෙලි දාලා යන්නෙපා…” කියලා. පාර අයිනෙ ලවු කරන කට්ටියත් කරන වැරැද්දක් තමයි ඔය. මොන්ටිසෝරි ඉවර වෙලා යන පොඩි එකෙක් ඔය දෙයක් ඇහිඳලා අම්මගෙන් ප්‍රශ්න ඇහුවොත් ඒ මිනිස්සු නිරුත්තරයි නේද?


4. අයි ලවු යූ මල්කාන්තී



LoveIsInTheAir-04a.jpg





මේක ඉතිං ආදරේ කරන එවුන් යන හැම තැනම තියෙන ප්‍රශ්නයක්. ආදරේ උන්මාදෙන් සිත ඔකඳ වෙලා ගහනව තාප්පෙක දෙන්නගෙ නම. සතියක් ගිහිල්ලා ඒ ලවු එක කැඩුනම එතනින් යනකොට බලං යන්න බැරි හින්දා තීන්ත බාල්දියක් ගෙනල්ල ඒක මකනව. ඉතිං අර අසරණ තාප්ප අයිතිකාරය පවු. ඒ වගේමයි බස්වලත්. ලවු කරද්දි එන ගැම්මට සීට් කපනවා. බස්වල පැත්තෙ බෝඩ් එකේ නම හූරනවා. ටිපෙක්ස්වලින් සීට්වල ලියනවා. එවුව ඉතිං ගොං වැඩ!


5. වලි



LoveIsInTheAir-05.gif





අනිත් ප්‍රශ්නෙ තමයි ඔය දේ හින්දා ගහ මරා ගැනිලි ඇතිවෙනවා. කෙල්ලගෙ අම්ම හෝ අයිය ඇවිල්ලා කොල්ලට ගහනවා. කොල්ලගෙ කලින් කෙල්ල ඇවිල්ලා කෙල්ලට ගහනවා. දැන් ඔය ප්‍රශ්නෙ සිද්ධ වෙන්නේ ඒගොලොන්ගෙ ගෙදරක නෙමෙයි මහපාරෙ. එතකොට ඒ අවට ගෙවල්වල මිනිස්සු පවු. ඒ මිනිස්සුන්ට හරි නැහැනෙ තමුන්ගෙ ගෙවල් ගාව ගහ මරා ගන්නකොට. ඒ වගේමයි ඔය වලිවලදි කවදාවත්, “ඇයි ඔයා එහෙම කළේ…”, “ අපි මේ ප්‍රශ්නෙ සදහම් පිළිවෙතින් පෙළගැහිලා විසඳගමු” වගේ ටෝක් දෙන්නෙ නැහැනෙ. හැම එකාම කතා කරන්නෙ ශිෆ්ට් එකයි ඉලක්කං ටිකයි ඔබාගෙනමයි.


6. චණ්ඩි බිහිවෙනෝ



LoveIsInTheAir-06.gif





ලවු කරන කපල් හැදෙද්දි ඊලඟට සිද්ධ වෙන දේ තමයි කප්පං ගන්න අයියලා බිහි වෙන එක. කොල්ලගෙ බෙල්ලට පිහිය තියලා කෙල්ලගේ මාලෙ ගලවගන්න එක. ඒ වගේම ඒක කපල්වලින් නවතින්නෙ නැතුව අවට ගෙවල්වලටත් බාධාවක් වෙන්න පටන් ගන්නවා.


7. සිත බිඳුනා රත්තරනේ



LoveIsInTheAir-07.gif





ඔය වගේ ලවුවල ලොකුම අවුල තමයි සිත් බිඳීම්. පාර මැද්දෙ කෙල්ලට ගහනව කම්මුලට, කොල්ලට ගහනවා මල් කුඩේකින් තත්ත්වයෙන් වැඩේ ෂේප් වුනොත් ලැජ්ජාවයි කරදරෙයි උන්ට. එහෙම නැතුව ඇසිඩ් ගහගෙන, වහබීලා, බ්ලේඩ් වලින් කපාගෙන වගේ සීන් වුනොත් එහෙම කට්ට කන්න වෙන්නෙ වටේ පිටාවෙ මිනිස්සුන්ට. ඇයි දෙන්‍නගෙන් එකෙකුට හරි පණ තිබුනොත් එයා එතනින් මාරු වෙනවනෙ. ඉතිං සාක්කි දෙන්නයි, ටීවීවලට කතාව කියන්නයි, ලෙඩ්ඩු ඉස්පිරිතාලෙ ගෙනියන්නයි වෙන්නෙ අහක ඉන්න මිනිස්සුන්ට.




ඇදිරි නීතිය දාපු උන් එහෙම ඉන්නවනම් බම්ප් එකක් දාගෙන යමු...:yes::yes:
 
Last edited:

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අපිටනම් ඔය කරදර මුකුත් නෑනෙ:cool::cool:
    අපි හරි නිදහස් කොල්ලො:yes::yes:

    ඉස්සර මාත් කෙල්ලෙක් නෑ කිය කිය හිටියා. නමුත් දැන් නම් ගානක් නෑ. නිදහසේ ඉන්න එක සැපයි. :yes:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඉස්සර මාත් කෙල්ලෙක් නෑ කිය කිය හිටියා. නමුත් දැන් නම් ගානක් නෑ. නිදහසේ ඉන්න එක සැපයි. :yes:
    එකෙන්ම බන්​
    සිත නිවන කතා
    පල පල ඩෝ යන්න:angry::angry::angry: