කප් රුක් පූජාවක් කරන්නෙ කොහොමද ?

Rapid-Fire

Active member
  • Jul 17, 2015
    243
    33
    28
    අපි වැඩේ පටන් ගත්තා ...

    අපි වැඩේ පටන් ගත්තා... විස්තර කියපු, බම්ප් කරපු, හෙල්ප් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි...
    විශෙෂයෙන්ම 'චගු' සහෝදරයට...
    වැඩේ ඉවර උනාට පස්සෙ නූලක් අරින්නම්....(අගෝස්තු මාසේ)


    හැමෝටම තෙරුව්ණ් සරණයි
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම ටයිප් කරන්න හිටපු හැමදේම චගු සහෝ ටයිප් කරලා
    ඒක තමයි හරිම විදිය
    අපි කරා 2017 ජුලි මාසෙ,
    මම කෙටියෙන් දාන්නම් චගු සහෝ විස්තර ඇතුව දාලා තියෙන නිසා..
    අපේ ගෙදර උන්දැගේ අම්මගේ ප්‍රධානත්වයෙන් තමයි කරේ..
    අපි 2017 ජනවාරි වල විතර ගිහිල්ලා දිනයක් වෙන කරගෙන ආවා..
    අපිට වාසියක් තිබුනේ ලොකු හාමුදුරුවෝ අපේ නැන්දම්මගේ බැච් මේට්..
    අපි කාර්යාලෙ ඉන්න මාමට අපේ විස්තර දීලා දිනය වෙන කරගත්තා..
    වැඩකරන ෆෝන් නම්බර් එකක් දෙන්න, මොකද පන්සලෙන් කෝල් කරනවා කිට්ටු වෙද්දි,
    අපේ නැන්දම්මට ටිකක් ලොකුවට කරන්න ඕන උනේ..
    ඉතින් භික්ෂු, භික්ෂුනී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසට දානයකුත් දෙන්න ඕන උනා,
    ඉතිං අපි එදාම මෙහෙනි ආරාම වලට ගිහිල්ලා මෙහෙනින් වහන්සේලාට ආරාධනා කරා,
    හාමුදුරුවෝ අපිට ලොකු හාමුදුරුවො ලෑස්ති කරලා දුන්නා, ඊට පස්සෙ දාන උයන්න තැනක් සෙට් කරගත්තා
    සිරිසඟබෝ විශ්‍රාමශාලාවේ තමයි ඉන්නයි දානේ උයන්නයි බුක් කරගත්තේ,
    ඊට පස්සෙ නැන්දම්මා කංචුකය තැනකට දීලා මහගෙන තිබ්බා මීටර් 310ක් විතර,
    ඒක ගෙදර තියලා දවස් 7ක් පිරිත් කියලා තමයි අරගෙන ගියේ,
    යද්දි බස් දෙකක ගමේ මිනිස්සු, කෑම උයන මිනිස්සු, උයන බඩු, හාල් පොල් පිරිකර දාගෙන, ගියා,
    උපාසක උපාසිකාවොත් අපිත් එක්ක ගියේ,
    ගිහිල්ලා දවල් දානේ දුන්නා හාමුදුරුවෝ, මෙහෙනින් වහන්සේලා 100ක් වගේ,
    උපාසක උපාසිකාවොත් හිටියා, ඊට පස්සේ හවස 2ට විතර පෙරහැරකින් ජයශ්‍රී මහා බෝධිය හරහා
    රුවැන්වැලිසෑයට කංචුකය වැඩැම්මුවා, ඊට පස්සෙ අපි කට්ටිය 6 දෙනෙක් හාමුදුරුවො එක්ක ඒක උඩට
    නැගලා කංචුකය පැලඳුවා, ඊට පස්සෙ ධර්මදේශනාවක් තිබ්බා,
    බෙරකරුවො එක්ක කණ්ඩායමක් බුක් කරන්න පෙරහැරේ වඩම්මන්න,
    හැට්ටකටු පැකට් දෙකක් තුනක් ගෙනියන්න. හාමුදුරුවන්ට ගිලන්පස පිරිකර ගෙනියන්න.
     

    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    Thank you machan...

    ගොඩක් පින් විස්තතර වලට...
    තෙරුවණ් සරණයි