කපුගේ-මානව හිතවාදි සොදුරු කලාකරුවා
බොහොම අවිවේකී කාලයක උනත් එලකිරි එකට ගොඩ උනේ හෙටට යෙදෙන ගුණදාස කපුගේ කලාකරුවගේ අනුස්මරණය ගෑන පුන්චි මතක් කිරිමක් කරන්න...
උන්මාද සිතුවමකි, තවමත් ඔබ අපට
අපේ‍්‍රල් මස 03 වැනි දිනට යෙදෙන ගුණදාස කපුගේ අනුස්මරණය නිමිත්තෙනි
අපේ රටේ මානව හිතවාදී යන නාමයෙන් හැඳින්වෙන කලාකරුවන් සිටින්නේ ස්වල්ප දෙනෙකි. ඉන් එක් කලාකරුවකු වන්නේ ජනකාන්ත නළු විජය කුමාරතුංගයන්ය. අනිත් කලාකරුවා විශාරද ගුණදාස කපුගේ ය.
මානව භක්තිපූර්වකයකු වුවත් කපුගේ ලිබරල්වාදියකු වුවා යැයි මම නොසිතමි. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාක්ස්වාදියෙකි. එය ඔහුගේ දේශපාලන දර්ශනය වූයේය.
මා අසා කියවා ඇති පරිද්දෙන් කපුගේ වතු කම්කරුවකුගේ පුතෙකි. වතු කම්කරුවකු වශයෙන් තම පියා සූරා කෑමට ගොදුරු වූ ආකාරය කුඩා කල සිටම කපුගේ අත්දුටුවා විය හැකිය. එහෙයින් නිර්ධන පන්තිය කෙරෙහි - පීඩිත පන්තිය කෙරෙහි දැඩි මානව දයාවක් ඔහු තුළ පිහිටා තිබීම යථාර්ථවාදීය. කපුගේ ගේ ගීතවලත් ඔහුගේ සමාජ දේශපාලන භාවිතාව තුළත් ප්‍රධානම සංරචකය බවට පත් වූයේ මේ ජීවිත දැක්මයි.
ආර්ථික පරිපීඩනය හේතුවෙන් කපුගේට සංගීතය පිළිබඳ වැඩි දුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයට යෑමට ඉඩප්‍රස්ථා නොසැලසිණි. එහිදී ඔහුගේ පිහිටට ආවේ පවුලේ සමීපතම ඥාතිවරයෙකි. ඔහු තම ගේ දොර ඉඩකඩම් උගස් තබා කපුගේට මුදල් පරිත්‍යාග කළේ ය. කපුගේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයයෙන් සංගීත විශාරද උපාධිය ලබන්නේ ඉනික්බිතිවය.
1969 දී විශාරද උපාධිය ලැබ ලංකාවට එන කපුගේට ගුවන්විදුලියේ ලැබෙන්නේ ‘ක්‍රියාකාරී සහායක’ තනතුරකි. ඔහු ශබ්ද පරිපාලකයකු ලෙස වෘත්තිය ජීවිතය අරඹයි. සංගීතය පිළිබඳ විශාරද උපාධියක් ලද්දකුට හිමිවිය යුත්තේ මෙබඳු කාර්මික අංශයේ රැකියාවක් දැයි සිතා බැලීම පාඨක ඔබට භාරය.
කපුගේ ගායන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වන්නේ ගුවන්විදුලියේ සිටියදීය. ‘දෑස නිලුපුල් තෙමා’ නම් වූ ගීතයෙන් ඔහු ගායකයකු ලෙස දොරට වඩී. එම ගීතය අදටත් අප හදවත අළලන වින්දනයක් ගෙන එන නිර්මාණයක් නොවන්නේ ද? සිංහල සුභාවිත ගීතය පෝෂණය කිරීම උදෙසා තවත් ගායකයකු සංගීත ක්ෂේත්‍රයට බිහිවූ සංඥාව මේ ගීතය අපට ගෙන ආවේය. පසුව කපුගේ ගුවන්විදුලියේ ‘ඒ’ ශ්‍රේණියේ ගායකයකු ලෙස උසස්වීමක් ලබයි.
කපුගේට ගායකයකු වශයෙන් හා වෘත්තිකයකු වශයෙන් නොයෙක් අතෝරයන්ට මුහුණ දෙන්ට සිදුවන්නේ 1977 න් පසුව ඇරැඹුණු ධනපති ආණ්ඩුව යටතේය. ඔහුගේ ගීත වාරණයට ලක්වන අතරේ ඔහුගේ එතෙර සංචාරයන්ට ලැබුණු ඉඩ ප්‍රස්ථා වැළැක්වෙයි. ඉන් එක් අවස්ථාවක් වන්නේ 1977 දී සෝවියට් දේශයේ පැවැති අන්තර් ජාතික ගායන තරගයකට ලද ඇරියුම් පිළිගන්ට ඉහළින් අවසර නොලැබීමයි.
ඊළඟ වසරේදී කියුබාවේ හවානා නුවර අන්තර්ජාතික තරුණ සමුළුවකට සහභාගිවීමට ආරාධනා ලැබුණු අවස්ථාවේ කපුගේට නිවාඩු අනුමත කෙරුණේ නැත. රැකියාවට වඩා ස්වාධිනත්වය බෙහෙවින් අගය කළ කපුගේ රස්සාව යකාට ගියාදෙන් යැයි සිතා කියුබානු සමුළුවට සහභාගි වුණේය. ඔහු ආපසු එන විට සේවය හැර ගියා සේ සැලකෙන ලිපිය ඔහුට ගුවන් තොටුපළටම ලැබෙන්ට සලස්වා තිබිණි. එදා ධනපති ආණ්ඩුව ඔහුට අරියාදු කළේ එලෙසය.
පසුව ඔහුට යළිත් රැකියාව ලැබුණ ද එවක සිටි අගමැතිවරයාට අපහාස කරන ලදැයි යන චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත්වන කපුගේ ගේ වැඩ යළිත් තහනම් වූයේය.
තමාගේ සංගීත ජීවිතයේ විශාල පරිවර්තනයක් සිදු වූයේ හවානාවලදී බව කපුගේ පුවත්පතකට දුන් සම්මුඛ සාකච්ඡාවකදි කියා සිටියේය. එය ‘දිවයින’ ‘මීවිත’ අතිරේකයට මාධ්‍යවේදි බුලිත ප්‍රදීප් කුමාර සමඟ කළ සාකච්ඡාවකි. එහි මෙසේ දක්වා තිබිණි.
“මෙතැනදි මට හමුවුණා ඔස්ටෝරිකාවේ ගායකයෙක්ව. ඔහු මගේ සින්දු අහලා තියෙනවා. ඇයි නුඹලගේ මිනිස්සුන්ට ඔය තැනින් මුදවගන්න, මිනිස්සුන්ව ඥානනය කරන්න සින්දු නොකියන්නේ. උඹලට උඹලගේ මිනිස්සුන්ව ඉදිරියට ගෙනියන්න වුවමනාවක් නැද්ද කියලා ඔහු ඇහැව්වා. මේක මගේ හිතට තදින් කා වැදුණා. මගේ ගායන ජීවිතය, නිර්මාණ ජිවිතය පුදුමාකාර විදියට මේ සිද්ධියෙන් පස්සේ වෙනස් වුණා.
මම ඊට පස්සේ බොහෝදුරට
මිනිස්සුන්ව ඥානනය කරන්න පුළුවන් විදියේ ගීත කිව්වා.” (1995 ඔක්තෝබර් 15) කපුගේ සමාජ යථාර්ථය පාදක කරගත් ගීත ගායනා කරන්ට සක්‍රීයව දායක වූයේ ඉන් අනතුරුවය. කෙසේ වෙතත් කපුගේ කවදත් හරවත් ගී පදමාලා කෙරෙහි සැලකිලිමත් වූ ගායකයකු ලෙස මම දකිමි. මෙහිදී මට මගේ පෞද්ගලික අත්දැකීමක් ද සිහිපත් වෙයි. හැත්තෑව දශකය අගභාගයේදී පමණ මම මා ලියූ ගී පද කීපයක් රැගෙන කපුගේ හමුවන්ට ගියෙමි. ඔහු නැවතී සිටියේ මරදානේ පිහිටි සංගීතඥ සේන වීරසේකරයන්ගේ නිවෙසේය. මම ඔහුට මගේ ගී පද රචනා දුනිමි. එය කියවූ කපුගේ ඉන් පසු මෙසේ විචාලේය.
“මල්ලි ‘කෝමළ රේඛා’ කියවලා තියෙනව ද?”
මා ඒ වන විට එබඳු පොතක් ගැන අසාවත් තිබුණේ නැත. මා සිතුවේ එය නවකතාවක් විය හැකි බවයි.
“මල්ලි හොයාගෙන කියවන්න ‘කෝමළ රේඛා’. ඒක ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ පොතක්.”
කපුගේ කීවේය. ටික දිනකට පසු මම ‘කෝමළ රේඛා’ පොත සොයාගෙන එහි මානවසිංහ ගීත රචනා කලාව ගැන ලියා තිබු දීර්ඝ ප්‍රස්තාවනාව කියවිමි. එය කියවා මා හොඳ ගීත ලිවීමට පෙලඹෙතැයි කපුගේ කල්පනා කළා විය හැකිය. එහෙත් සිදුවූයේ අනිකකි. එය කියවූ පසු මට මගේ කුදුබව පසක් විය. ගීත රචකයකු වන්ට නම් කවි ශක්තියක් තිබිය යුතු බව මට හැඟි ගියේය. එබඳු නිර්මාණ ප්‍රතිභාවක්, මහරු කවීත්වයක්, ගීත ලිවීමට සුදුසු අනුභූතියක් මට ඒ වන විට නොමැති බව මට ඒත්තු ගියේය. මම වහාම ගීත ලිවීම නවතා දැමිමි. ‘කෝමළ රේඛා’ නොකියවා මා පණ්ඩිතකමට ගීත රචකයකු වූවා නම් මට සිදුවන්නේ කාඩ් එක කුඩුකර ගන්ටය.
කපුගේ මොන ගී ගැයුවත් මා පෞද්ගලිකව ඔහුගේ හොඳම ගී ලෙස දකින්නේ පේ‍්‍රමයේ ලාලසාව හා එහි විරහව වස්තු විෂයය කරගත් සෞන්දර්යාත්මක ගීතය. ඔහුගේ හොඳම ගීතය ලෙස මා සලකන්නේ ‘එක්ටැම් ගේ’ චිත්‍රපටයට ඔහු ගැයු ‘උන්මාද සිතුවම්’ ය. භාවමය ශුන්‍යත්වයකින් පෙළි සිටින සංකාකූල මොහොතක මේ ගීතය අප තුළ ඇති කරන සතතානන්දය වචනයට නැඟිය නොහැකි තරමේ වේදයිතයකි.
ඒ හැරුණු කොට ඔහු ගැයු ‘දුක හාදු දෙන රැයේ’, ‘දම්පාටින් ලා සඳ බැස යනවා’, ‘මං හින්දා ඔබ නෙතඟින් කඳුළක් හෙළන්නෙපා’, ‘නින්ද නැති රැයේ’, ‘බිංදු බිංදු තාරකා’, ‘සීත පිනිබිඳු කඳුළු සලනා’, ‘තරු රෑන රිදී පාට පාට’ වැනි ගී මගේ රසාස්වාදයට හේතු වෙයි. ඒවා මොන තරම් රම්‍යතර නිර්මාණ ද? ඒවායින් අප තුළ ඇතිවන්නා වූ රසෝද්දීපනය මා වර්ණිතව විස්තර කළ යුතු ද? එසේ වුවත් ඔහු සෞන්දර්යය සීමාවෙන් ඔබ්බට ගොස් ගායනා කළ ගීත ද අපේ ප්‍රශංසාවට ලක්වුව මනාය.

Last edited: