කම්බි 7 ක්, ආයෙමත් ඇණ ගැහිල්ලක්ද?

nipuna2

Junior member
  • Jun 28, 2007
    98
    6
    8
    Sri Lanka
    කම්බි 7 ක්, ආයෙමත් ඇණ ගැහිල්ලක්ද?

    145797293SAUDI-FLAG-t.jpg


    සෞදි හාම්පුතුන්ගේ ආයෙමත් ඇණ ගැහිල්ලක්ද?ගෘහ සේවිකාවගේ ඇඟේ කම්බි 7 ක්

    සෞදි ආරාබියේ සේවයේ යෙදී සිටි කුරුණෑගල -පොල්පිතිගම පදිංචි 35 හැවිරිදි කාන්තාවකට කරන ලද ශල්‍ය කර්මයකින් පසුව ඇගේ ශරීරයේ තිබී කම්බි කැබලි 7 ක් සොයා ගැනීමට හැකිවූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය එම්.ඩී.එස් රාජමන්ත්‍රී මහත්මිය කියා සිටියි.

    ඇතැම් කම්බි කෙස් ගස් තරම් සියුම් ඒවා බවද වෛද්‍ය එම්.ඩී.එස් රාජමන්ත්‍රී මහත්මිය අද දෙරණට කියා සිටියාය.

    පොල්පිතිගම පදිංචි දෙදරු මවක වන ඇය සෞදි අරාබියේ රැකියාව සඳහා විදෙස් ගත වී ඇත්තේ පසුගිය දෙසැමිබර් මස 21 වන දාය.

    නිතර නිතර සිහි විසඥවීම,ක්ලාන්ත ගතිය ආදී රෝග ලක්ෂණ පහල වන බැවින් ඇයට රැකියාවේ නිරතවීම කළ නොහැකි නිසා පසුගිය පෙබරවාරි මස 04 වන දින ඇය යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    එයින් පසු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පොල්පිතිගම රෝහලට ඇතුළත් වූ ඇය පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

    ඒක්ස් කිරණ පරීක්ෂණයකින් පසු මෙම කාන්තාවගේ ශරීරයේ කම්බි කැබලි වැනි සියුම් ලෝහමය ද්‍රව්‍යයක් පවතින බව අනාවරණය වීමෙන් පසු අද මෙම ශල්‍ය කර්මය සිදුකළ බව වෛද්‍ය එම්.ඩී.එස් රාජමන්ත්‍රී මහත්මිය කියා සිටියාය.

    මෙම කාන්තාවගේ දකුණු අතේ කම්බි කැබලි 2 ක්,වම් කකුලේ 4 ක් සහ දකුණු කකුලේ 1 ක් ලෙස මෙම කම්බි කැබලි ඉවත් කර තිබේ.

    මේ පිළිබඳ කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කීර්ති මුතුකුමාරණ මහතා කියා සිටියේ අදාළ වෛද්‍ය වාර්තාව ලැබීමෙන් පසු මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.

    http://puvathlk.com/2011/02/%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92-%E0%B7%84%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%86%E0%B6%BA%E0%B7%99%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A/