“වාට්ටුවේ මිසී කැනියුලා එකෙන් තමයි හවස 3.30ට විතර ඉන්ජෙක්ෂන් එක දරුවට දුන්නේ. ඒක ගැහුවට පස්සේ දුව කිව්වා අම්මා අත ටිකක් කකියනවා කියලා. මම ඒක කිව්ව ම නර්ස් නෝනා මේක ටිකක් සැර එකක් කියලා තව ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා. ඒක ගහලා මිසී අනිත් පැත්ත හැරෙන කොට ම අම්මා මගේ ඇස්වලින් සැරක් එනවා කියලා දුව කෑ ගැහුවා. ඊට පස්සේ දුව සේලයින් එකත් එක්ක ම ටොයිලට් එකට දිව්වා. මම මොකද දුවේ කියලා එයාගේ පස්සෙන් දිව්වා. දුව සින්ක් එකේ ඔළුව ගහ ගෙන හිටියා. එයාගේ කටින් සෙම ආවා. මුහුණ අතපය, අතේ ඇඟිලි පවා නිල් වුණා. අනේ මගේ මැණික කතා කරන්නකෝ කියලා මම කෑ ගැහුවා. එතකොට වාට්ටුවේ මිසීලා දුවගෙන ඇවිත් දුවව උස්ස ගෙන වාට්ටුවට අරන් ආවා. ඇඳට දාලා එයාගේ පපුව තෙරපනවා මම දැක්කා. ඒත් මගේ දුව ආයේ ඇස් ඇරීයේ නැහැ. අනේ මගේ දරුවා බේරලා දෙන්න කියලා මම කෑගැහුවා. ඇයි මගේ ළමයට මේ වගේ බෙහෙතක් විද්දේ කියලා මම කෑ ගහලා ඇහුවා. හැමෝම බයවෙලා වගේ බලාගෙන හිටියා. හොඳට කතා කර කර හිටිය ළමයා මැරුණේ මේ ඉන්ජෙක්ෂන් එක ගහපු නිසයි. මට හිටපු එක ම ගැහැනු ළමයත් නැතිවුණා."
පේරාදෙණිය රෝහලේදී එන්නතක් විෂ වී මිය ගිය කාන්තාවගේ මව