කමුද වඩේ

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බස් වඩේ
    බස් වතුර බෝතල්
    බස් අන්නාසි
    බස් අලි පේර
    බස් රටකජු

    කෝච්චි වඩේ
    කෝච්චි ඉස්සො වඩේ
    කෝච්චි තම්බපු කඩල
    කෝච්චි වතුර බෝතල්

    මෙවා වගේම තව දේවල් ඇති ප්‍රමිතිය විතරක් නෙවෙයි පිරිසිදුකමත් බිංදුවයි මචන්
    ඕවා කන්න බොන්න කලින් දෙපාරක් හිතන්න වතුර බෝතලයක් හොද තැනකින් ගන්න

    කඩල ටිකක් ගෙදරින් බැදගෙන එන්න දුර ගමනක් යනව නම් වඩේ ටිකක් කලින් හදාගන්න නැත්නම් විශ්වාසනීය තැනකින් ගන්න
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    oka ganna unta therenne nadda manda.

    onna water bottle wage pack karala seal karala thiyena deyak nam tikak hari okay.

    wade wage open karala thiyena dewal oya wage bus ekaka yaddi aran kanna puluwanda owa ganna un kohoma hadena unda manda.

    tikak badaginne hitiya kiyala merenneth naha. anika ochcharama badagini nam kala enna ona wena kadekin hari.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    දුර බස්වල ඉස්සර නිතර යනව...
    වඩේ කාරයොන්ගෙන්, තේ බොන්න දාන කඩ වලින් සෙන්ස් එකක් තියෙන මිනිස්සු කන්නෙ නෑ...
    මම ගිය පාරෙ බස් නවත්තන හෝටල් 2ක් සීල් තිබ්බ. ඒ දවස් වල නිවුස් වලටත් පෙන්නුව.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,396
    1
    32,072
    113
    - උඩරට -


    ඕවා මොනවද බන් මම එක පාරක් නුවර ගුඩ්ශෙඩ් එකේ CTB බස් එකකට නැගලා වාඩි වෙලා හිටියා කොලබ යන්න. :D
    එතකොට එකෙක් එනවා ලොකු වඩේ වට්ටියක් අරන් :shocked:
    ඒක උඩට ලොකු මිරිස් කරල් එහෙමත් දාලා තියෙනවා කරපිංචා කොල එක්ක. :love:
    ඌ ඒක අරන් එනවා කරේ තියන් , මුකුත් වහලවත් නෑ ඕපන් තියෙන්නේ :no:
    දැන් බස් එකට නැගලා විකුනනවා, මිනිස්සු අතින් අල්ලලත් බලනවා හොදද කියලා ආයේ දානවා
    සල්ලි ගන්න අතින්මයි වඩේ විකුනන්නේ.. :angry:
    ඔන්න ඌ දැන් බස් එකෙන් බැහැලා යනවා එහා පැත්තේ බස් එකට.

    බස් ඔක්කොම එක ලගනේ තියෙන්නේ නවත්තලා.
    එහා පැත්තේ බස් එකක එකෙක් මම බලන් ඉද්දිම කෙල විට පාරක් එලියට ගැහුවා ඒක කෙලින්ම වැ‍ටුනේ වඩේ එකක් උඩට :lol:
    රතු පාටට දැන් ඒක වඩේ එක උඩ තියෙනවා ලස්සනට :love2:
    මිනිහා දන්නේ නෑ ඌට පේන්නේ නෑනේ,
    පස්සේ ඊලග බස් එක ලගදි මූ ඒක දැකලා අනිත් වඩේ උඩින් වහලා එහා පැත්තේ බස් එකේ හිටපු එකෙක්ට මල්ලකට දාලා විකුනලා ගියා කියපන්කෝ. :(
    අරූ අරක කනවත් එක්ක බන් මම බලන් ඉන්නකොට :baffled:
    ඌ ඒකට බැදපු මිරිස් කරල් එක්ක දාලා තිබ්බේ දීලා :dull:
    ඇයි බන් එහෙම , මුන් වඩයටත් මිනී මරන්න පුලුවන් මෙහෙම ගිහින්.. :eek:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    එහම කියන්න එපා
    දවසට ලක්ෂයක් ද කොහෙද හම්බ කරන එකෙක් හිටිය නේද වඩේ විකුණලා
     
    • Haha
    Reactions: darkhair