ගෑස් පහට ලං වෙනකොට අපි හොදටම හවස් උනා....සෙක්කු වීදියේ කම්බා දැක නුඹ මට මතක් උනා....කයිමන් දොරකඩ ඉදපන් මං එනතුරු ...
හැමෝම දන්නා සින්දුවක්නේ මේක. එත් ගොඩක් අය මේ කයිමන් දොරකොඩ පහු කරලා යනවා ඇති නේද? හැබැයි මේකේ ඉතිහාසේ හැමෝම දන්නේ නැතුවත් ඇති
කයිමන් දොරකඩ ඇවිත් පරංගි (පෘතුගීසි ) සමයේ කොළඹ නගරයෙන් පිටතට යැමට තිබූ එකම ප්‍රධාන ගේට්‌ටුවයි. මෙය වනාහී එදා පෘතුගීසීන් නිර්මාණය කළ බලකොටුවේ නැගෙනහිර කොටු බැම්ම යටින් හාරා සැකසූ උමං මාර්ගයෙහි අති විශාලතම දොරටුව ද විය. මෙයට ඇතුළු විය හැකි වූයේ ශාන්ත ජෝන් ගංගාව හරහා නිමවා තිබූ ඉහළට එසවිය හැකි වූ පාලමකින්ය.
"පූර්ටෙ රෙයිනා" යනුවෙන් පෘතුගීසීන් හැඳින් වූ මෙය "කයිමන් දොරටුව" නමින් හැඳින්වූයේ නාගරික කුණු රොඩු ගිල දමන්නට මේ අසලට එක ඉත්තට රොක්‌වුණු අපේ දත් කිඹුලා වගේ කිඹුලන් හේතුවෙනි
. "කයිමන්" යනු එකල නිතර නිතර කිඹුලන්ට කී තවත් නමකි. මහනුවර කඳුකර කඩවතක් තෙක් මෙම දොරටුව දිව ගියේය. කුඩා වැවකින් වටවුණු අද දක්‌නට ලැබෙන කොළඹ ලේක්‌හවුස් ගොඩනැඟිල්ල තිබෙන තැන එදා තිබුණේ පෘතුගීසීන්ගේ ප්‍රධාන වෙඩි බෙහෙත් ගබඩාවයි.

Last edited: