කයිය නැත, වැඩ පමනක් ඇත

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    වටිනාපහ කොට්ඨාශයේ සහල් බෙදා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ වටිනා පහ සේවා මධ්‍යස්ථානයේදී.පවුල් හරසිය පනහක් සඳහා නොමිලේ සහල් ලබාදීම මෙහිදී සිදු කෙරුණා.

    අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් ලබාදීමේ ව්‍යාපෘතිය රජය ආරම්භ කළේ පසුගිය මාසයේදී.මාස දෙකක කාලයක් එය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරුණා.

    449357239_1026635555484283_6071829682655862678_n.jpg


    449121420_1026635835484255_1261990368320205279_n.jpg


    449527811_1026635672150938_8298199615525559837_n.jpg


    Source : https://www.facebook.com/ranatungaPR
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    mokakda awla
    wayasaka ekknekta 5 kg hal ekak dena ekak da ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,917
    113
    mokakda awla
    wayasaka ekknekta 5 kg hal ekak dena ekak da ?

    ජෙප්පො ආවම ආයි ඔහොම කිලෝ 5 දිදි ඉන්නේ නෑ. නාකි ඔක්කොම එලොල දානවා


    🤭 🤭
     
    • Sad
    Reactions: EVC

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ප්‍රසන්නගෙ ලොවන්නත් උනා අන්තිමේ 😭




    අපේ සල්ලි කෝ... රටේ ට්‍රිලියන 18ක් නය ගත්ත නම් ඒව තියෙන්න එපැයි.​

    මේ ඉන්නේ පක්ෂ විපක්ෂ කම්බ හොරු ටික..​

    රාජපක්ෂලා

    රනිල්

    සජිත්

    රවී

    විමල් වීරවංශ

    උ8දය ගම්මන්පිල

    රොහිත අබේගුනවර්ධන

    ජොන්ස්ටන් ප්‍රනාන්දු

    ප්‍රසන්න රණතුංග​

    මේ ඔක්කොගම දේපල රාජසන්තක කරන්න ඕනේ​



    ප්‍රසන්න රණතුංගගේ තර්ජනාත්මක හඬ පටය අධික

    පා.ම ප්‍රසන්න රණතුංගගේ තර්ජනාත්මක හඬ පටය අධිකරණයේදී හඳුනාගනී. රුපියල් මිලියන 64 ක මුදලක් බලහත්කාරයෙන් ඉල්ලා තර්ජන


    ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

    ඒ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කොට එම ඉඩම නිරවුල් කර දීම සඳහා රුපියල් මිලියන 64 ක මුදලක් බලහත්කාරයෙන් ඉල්ලා තර්ජනය කළ බවට එල්ලවී ඇති චෝදනාවකටයි.

    කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරියේ නඩුව කැඳවනු ලැබුවා. එහි දී පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරු වන ව්‍යාපාරික ජෙරාඩ් මෙන්ඩිස් නැමැත්තා සාක්ෂි ලබාදීම සිදු කළා.

    සාක්ෂිකරු කියා සිටියේ මෙම මුදල් ගනුදෙනුවට අදාළව විත්තිකාර ප්‍රසන්න රණතුංග මහතා සමග පැවැත්වූ සංවාද සියල්ල තමා රහසිගත ආකාරයෙන් පටිගත කරගත් බව කියා සිටියා.

    එසේ පටිගත කළ හඬ අඩංගු සංයුක්ත තැටි හයක් තමා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට භාරදුන් බව කී සාක්ෂිකරු එසේ භාර දුන් සංයුක්ත තැටිය අද විවෘත අධිකරණයේදී හඳුනාගත්තා.

    පසුව විත්තිකාර ප්‍රසන්න රණතුංග සහ පැමිණිලිකරු අතර ඇතිවූ බව කියන සංවාදවල හඬ ඇතුළත් සංයුක්ත තැටි විවෘත අධිකරණයේ වාදනය කරනු ලැබුවා.

    වැඩිදුර විභාගය ජුනි මස 11 වනදාට කල් තැබුණා.

    මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඔහුගේ බිරිඳ මොරින් රණතුංග සහ බිරිඳගේ ඥාති සොහොයුරෙකු වන නරෙෂ් ෆාරික් යන අය නම් කර තිබෙනවා.

    නරෙෂ් ෆාරික් නමැති විත්තිකරු මේ වන විට අධිකරණය මඟහැර සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පැවැත්වීමටද තීරණය වී තිබෙනවා.


    - http://www.rupavahininews.lk/index.php/local-news/16134-prasanna-ranatunge-15-5-2018



    :lol:


    පසුගිය මැයි 09 වෙනිදා මැති ඇමතිවරුන්ගේ නිවාස ගිනිතබමින් ම්ලේච්ඡ ක්‍රියාවන් කිරීමට නායකත්වය දුන්නේ ගම්මට්ටමේ මහා සංඝරත්නය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලතමයකු වන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සෘජුවම චෝදනා කරයි.

    “මේ රට සිංහල බෞද්ධ රටක්ද කියන්නත් හිතෙන්නෙ නෑ. එදා මැයි 09 වෙනිදා මිනිස්සුන්ව කුලප්පු කරන්න, මේ ගෙවල් ගිනිතියන්න, මේ ම්ලේච්ඡ වැඩ කරන්න, නායකත්වය දුන්නා ගම්මට්ටමේ ඉන්න ස්වාමීන් වහන්සේලා. ඒකෙ හංගන්න දෙයක් නෑ. මගේ ගෙදරට ගහන්න ආවෙත් මහාචාර්ය හාමුදුරු කෙනෙක්. ගිනිතිබ්බෙත් හාමුදුරු කෙනෙක්. ඒ නිසා ඒ හාමුදුරුවරු, මේ ආගමික නායකයො මේ මට්ටමට වැටිච්ච එක වුණාම මේ රටේ විනයක් ඇතිවෙයිද කියන එක හිතාගන්න බෑ. හාමුදුරුවරුන්ට අනාගතයේ පාරට බැහැලා යන්න බැරි තත්වයක් මේ රටේ ඉදිරියේදී උදාවෙනවා මෙහෙම ගියොත්”

    ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තුව අමතමිනි. ජනතාව උසිගැන්වීම සම්බන්ධයෙන් කතෝලික පල්ලියට ද ඒ මහතා පසුව චෝදනා කළේය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් පෙනී සිටියේ සිංහල බෞද්ධයින්ගේ ගැළවුම්කාර පක්ෂය වශයෙනි. එහෙත් එය ව්‍යාජයක් පමණක් බව එහි ප්‍රබලතමයකු වන ප්‍රසන්න රණතුංග මහතා විසින් සෘජුවම එල්ල කෙරෙන චෝදනා අනුව පෙනී යයි.

    https://sinhala.lankanewsweb.net/06/11/19745/

    හාමුදුරුවෝ අනිත් හැම බම්බුවම ගැන කතා කරනවලු ඒගොල්ලන්ගේ යුතුකම් ගැන නැතුව
    😅