කරදරකාරී_සෙම්ප‍්‍රතිශ්‍යාවෙන් මිදීමට

aki malli

Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    කරදරකාරී_සෙම්ප‍්‍රතිශ්‍යාවෙන් මිදීමට

    කරදරකාරී සෙම්ප‍්‍රතිශ්‍යාවෙන් මිදීමට නම් ඔබ මෙම පිළියම අනුගමනය කල යුතුමයි.

    8956watapita-link-siri-copy.png


    සෙම්ප‍්‍රතිශ්‍යාව යනු මිනිසාට ඇතිවෙන රෝගයන් අතරින් අපහසුම රෝගය යයි කිව්වොත් එය නිවැරදියි.නහය හිරවීම,උගුර බැරැුන්ඩි වීම,සොටු ගැලීම ආදී විවිධ අපහසුතා මේ නිසා ඇතිවෙයි.සෙම්ප‍්‍රතිශ්‍යාව ඇතිවීමට ප‍්‍රධානම හේතුව වන්නේ ශුද‍්‍රජීවින්ය. සෙම්ප‍්‍රතිශ්‍යාවට හොඳම පිළියම වාෂ්ප ඇල්ලීම බව ඔබ ගොඩක් දෙනා නොදන්නවා නොවේ.නමුත් වාෂ්ප ඇල්ලීමේදී වතුරට යෙදිය යුතු ද‍්‍රව්‍ය පිළිබඳව පැහැදිලි අදහසක් බොහෝ දෙනෙක් තුල නැත.

    සෙම්ප‍්‍රතිශ්‍යාව ඇතිවූ විට නිවරදි ආකාරයට වාෂ්ප ආශ්වාස කලයුතු අයුරු හා ඒ සඳහා අවශ්‍ය ද‍්‍රව්‍ය පහත දක්වා ඇත.

    අවශ්‍ය ද‍්‍රව්‍ය

    පැගිරි තෙල් බින්දු 5ක් පමණ
    මුහුදු ලූණු මේස හැඳි 1ක්
    වතුර

    පැගිරි තෙල් මගින් ශරීරයට අහිතකර ශුද්රජීවින් ඉවත් කිරීමට උපකාරී වේ.ඒ වගේම පැගිරි තෙල් මගින් මානසික සෞඛ්‍ය වර්ධනය කිරීමක් සිදුවේ.

    ක‍්‍රමය

    වතුර ලීටර් 7.5ක් ගෙන එය නටන තුරු උණු කරගන්න ඉන්පසු එය නිමෙන තුරු තබන්න.අධික උණුසුම් වාෂ්ප ආශ්වාස කිරීම අනතුරුදායක විය හැකියි.
    මුහුදු ලූණු මේස හැඳි 1ක් සහ පැගිරි තෙල් බින්දු 5ක් පමණ ගෙන වතුරෙහි මිශ‍්‍ර කරගන්න.ඉන්පසු වාෂ්ප ඉවතට නොයන පරිදි තුවායක් හෝ ගණ රෙදි කැබැල්ලකින් හිස ආවරණය කරගෙන දිනකට තුන් වරක් වාෂ්ප ආශ්වාස කරන්න. වාෂ්ප ඇල්ලීමෙන් පසු මිනිත්තු 30ක් පමණ ඔබ වාෂ්ප ඇල්ලීම සඳහා තෝරාගත් ස්ථානයෙන් ඉවත් නොවන්න.'


    ඉස්සුවේ මෙතනින් ......