කරනවා නම් ඔන්න වැඩ

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
කරනවා නම් ඔන්න වැඩ

දයාබර මිතුර/මිතුරිය

සතර ලබන්නට දිරි දෙමු

මිනුවන්ගොඩ අධ්යාිපන කොට්ඨාසයේ අත්තනගල්ල හා පස්යාල අතරට මායිම්ව මීවිටිය ප්රාහථමික විද්යා්ලය පිහිටා ඇත. සිසුන් 55 කගෙන් යුත් මෙම පාසලේ ඉගෙනුම ලබන්නේ ඉතා දරිද්රිතාවයෙන් යුත් පවුල් වල සිසු සිසුවියන්ය. පාසල් දරුවන් වශයෙන් ඔවුනට ඇත්තේ ඉතාමත් අල්ප පහසුකම් වන අතර පවුල් පසුබිමෙන් අධ්යායපනය සඳහා ලැබෙන වැය පක්ෂය ද අවමය.

ඉතාම දුශ්කර ජීවිත ගත කරන මෙම අපේම ජනතාවට තම දරුවන්ගේ අධ්යා්පනය වෙනුවෙන් වැය කිරීමට තබා ඔවුන්ගේ කුස පිරවීමට හෝ හැකියාවක් නොමැති තත්වයකට ඔවුන් මුහුණ පා ඇත. පවුලේ සාමාජික ප්රේමාණය වැඩි වීම මත වැඩිමහල් දරුවන් විසින් කුඩා දරුවන් රැකබලා ගනිමින් ඔවුන්ගේ අවශ්ය තා වෙනුවෙන් කැපවීම නිසාවෙන් ඔවුන්ගේ අධ්යාුපනය ද කඩාකප්පල් වී ඇත. දෙමාපියන්ට තම දරුවන්ගේ පාසල් අධ්යානපනය සඳහා වන මූලික පොත්පත් කිහිපය වෙනුවෙන් වැය කිරීම ද අති දුෂ්කර වී ඇත.

ඉහත කරුණු කඩවත තරුණ සංගමය මගින් නිරීක්ශණය කර තහවුරු කරගත් අතර හෙට දින නව ලොව වෙත විකසිත වන මේ පුංචි මල් කැකුළු සමාජයේ යහපත් පුරවැසියන් ලෙස අධ්යකපනයෙන් සන්නද්ධ කොට සමාජගත කිරීම සඳහා ඔවුන්ගේ අධ්යා පනය සඳහා අවැසි පොත් පත් කට්ටලයක් ලබා දී‍මේ වැඩපිළිවෙල “සතර ලබන්නට දිරි දෙමු“ මැයෙන් මේ වන විට ක්රිධයාවට නංවා ඇත.

මේ සඳහා දායක වීමට ඔබ සැමට ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටින අතර, පහතින් දක්වා ඇති ද්රසව්යට හෝ ඔබට හැකි අයුරකින් පරිත්යා ගයක් කර මෙම දරු දැරියන් අධ්යාවපනයෙන් පෝශණය කිරීමේ පරම පිංකම වෙනුවෙන් දායක වන මෙන් ඉල්ලා සිටිමි.

බහුතර සිසුන්ගේ ප්රුධාන අවශ්යටතාවයක් වන සපත්තු හා පාසල් බෑග් ඔවුන් වෙත ලබා දීම වෙනුවෙන් කඩවත තරුණ සංගමය ඉමහත් වෙහෙසක් දරමින් සිටින අතර, පාසල් බෑග් 55 මිලදී ගැනීම සඳහා හැකි අයුරකින් දායක වන ලෙස ද ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිමු.


තනිරූල් පොත්
කොටු රූල් පොත්
ඩබල් රූල් පොත්
චිත්ර5 පොත්
පාට පෙට්ටි
පැන්සල් පෙට්ටි
පැන්සල්
ගම් බෝතල්
මකන
ලේන්සු


සභාපති: 071 3 867 034
ලේකම්: 077 5 306 097
සම්බන්ධීකාරක: 071 6 516 531
 

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මම ඒ ලග ඉන්නේ ..අපිත් කලින් ඔය වගේ පරිත්‍යාග කරා ...කලින් හිටිය විදුහල්පති හාමුදුරුවෝ නමක් ..පස්යාල පන්සලේ ගරු විජිත ස්වාමීන්වහන්සේ ..ඇත්තටම දුප්පත් පාසලක් ..වගකිව යුත්තන්ගේ අවධානය මේ වෙත යොමු වේවා :yes::yes:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මම ඒ ලග ඉන්නේ ..අපිත් කලින් ඔය වගේ පරිත්‍යාග කරා ...කලින් හිටිය විදුහල්පති හාමුදුරුවෝ නමක් ..පස්යාල පන්සලේ ගරු විජිත ස්වාමීන්වහන්සේ ..ඇත්තටම දුප්පත් පාසලක් ..වගකිව යුත්තන්ගේ අවධානය මේ වෙත යොමු වේවා :yes::yes:

    දැනුත් ඉන්නෙ විදුහල්පති හාමුදුරුවො නමක්.
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    10258700_1605123963055036_8913896887339997103_o.jpg