කරන්න හොඳ කතාවක්?

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
කරන්න හොඳ කතාවක්?

පෙන්ස්,
වැඩිය දිග නැති, උදය වරුවේ රැස්වීමක කියන්න හොඳ කතාවක් කියපන්කො,
ඔඩියන්ස් එකේ අවධානය ගන්නත් පුලුවන් විදිහේ,
 
TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඉස්කෝලේ නොයා හිටපන් බන්. මාත් ඒ එහෙමයි
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    අසූව දශකයේ ඉංග්‍රීසි රොක් සංගීත ක්ෂේත්‍රය වර්ණවත් කළ එක් සංගීත කණ්ඩායමකි 'ඊගල්ස්'. 'හොටෙල් කැලිෆෝනියා', 'ඩෙස්පරාඩෝ', 'ටේක් ඉට් ඊසි', 'ටේක් ඉට් ටු ද ලිමිට්' වැනි ගීත හරහා ප්‍රසිද්ධියක් ලැබූ මේ කණ්ඩායම එම දශකය තුළ ග්‍රැමී සම්මාන 6ක් සහ ඇමරිකානු සංගීත සම්මාන 6ක් දිනා ගත්තේය.
    ඉහත සඳහන් ගීත වලට වඩා අඩුවෙන් ජනප්‍රියත්වයක් ලැබු එකකි 'සෑඩ් කැෆේ'. විශ්‍රාම ගිය අරගලකරුවන් නැත්නම් අරගලය තුළම ජයග්‍රහණ නොමැතිව වයසට ගිය අය ගැන කියන කතාවක් 'සෑඩ් කැෆේ'.
    පද කිහිපයක් ගනිමු.
    'කියන්න බැරි බොහෝ දේ
    මහා හඬින් ගායනා කළෙමු,
    'ආදරය' 'නිදහස' වැනි වදන් වලින්
    ලොව වෙනස් කළ හැකි වෙතැයි සිතුවෙමු'
    පසුව මෙවන් නිගමනයකට එළඹෙනවා: 'වෙනස් වෙනවා නම් ජීවිතයේ දේ වෙනස් වන්නේ ඉතා සෙමින්ය.' විප්ලව ගැනම නෙවෙයි මෙතන කියන්නේ. වෙනස් වෙන්නේ සමාජය විතරක් නොවේ. වෙනස් වෙන එකටත් ප්‍රමාණයන් තියෙනවා. සමහර දේවල් හිතාගන්න බැරි තරම් වේගයෙන් වෙනස් වෙන අතර වෙනත් දේවල් නොවෙනස්ව පවතිනවා වගෙයි දැනෙන්නේ.
    දේශපාලනයේ අපි මේ තත්ත්වය නිතරම දකිනවා. ආණ්ඩු මාරු වෙනවා. ලොකු පුටු වල ඉන්න අය වෙනස් වෙනවා. එහෙම වෙනකොට විප්ලවයක් වුණා කියල ජයග්‍රාහකයෝ පුරසාරම් දොඩනවා. සිස්ටම් වෙනස් වුණාද, සිස්ටම් එකේ ක්‍රියාකාරකම් වෙනස් වුණාද, ජීවිත වෙනස් වුණාද... මේවා ගැන වැඩිය හිතන්නේ නැහැ. මතුපිට සිද්ධවෙන වෙනස්කම් නම් ඉක්මනට පෙනෙනවා, දැනෙනවා; අන්තර්ගතය වෙනස් වුණාද නැද්ද කියල කල්පනා කරන්නේ පසුවට.
    මැටි කතාව පටන් ගන්නේ මෙතනින්. වුණ දේවල් ගැනවත් වෙන දේවල් ගැනවත් නෙවෙයි, විය හැකි දේවල් ගැන. කළ හැකි දේවල් ගැන.
    මැටි කියන්නේ යකඩ නෙවෙයි. යකඩ වලට වඩා පහසුවෙන් හැඩය වෙනස් කළ හැකි ද්‍රව්‍යයක්. මැටි ගුලියකට තදින් පහරක් ගැහුවොත් හැඩය වෙනස් කරන්න පුළුවන්. ඒත් සුළු වශයෙන්. මැටි ගුලිය අතට ගෙන බොහෝ වෙලාවක් අරගෙන හෙමීට ඇඟිලි තුඩු වලින් අත ගෑවොත් කැමති විදිහකට හැඩය වෙනස් කරන්න පුළුවන්.
    සරළ කාරණයක්. සරළ කතාවක්. බොහෝ දේවල් වලට ආදේශ කරන්න පුළුවන් කතාවක්. හෙමින්, කාලය අරගෙන, සංයමයෙන්, ඉවසීමෙන් දේවල් වල යෙදෙන්න වැඩි දෙනෙක් කැමති නෑ. ක්ෂණිකව සතුට ලඟා කරගන්නයි බලන්නේ. එක්තරා ආකාරයකට මේ යුගය විස්තර කරන හොඳම තනි වචනය 'හදිස්සිය' කියල කියන්න පුළුවන්. සල්ලි අවශ්‍යයි. ආදරය අවශ්‍යයි. ගෙයක් දොරක්, පවුලක් පන්සලක්, රස්සාවක්, උසස්වීමක්, කීර්තියක්, පිළිගැනීමක් අවශ්‍යයි. මේ හැම දෙයක්ම අවශ්‍ය හැකිතරම් ඉක්මනට. හරියට මැටි ගුලියකට අත මිට මොළවා පහරක් එල්ල කරලා ගුරුලේත්තුවක් නැත්තම් මල් බඳුනක් තප්පර ගානකින් හදාගන්න උත්සාහ කරනවා වගේ වැඩක්.
    විප්ලවයත්, සංවර්ධනයත්, පාලනතන්ත්‍රයක් ඉවත් කිරීමත් ඔය වගේ ම තමයි. තනි පුද්ගලයින් හිතන්නෙත් වැඩකරන්නේත් එහෙමයි. සමූහය කටයුතු කරන්නෙත් එහෙමයි.
    මෙතන අදහස් කරන්නේ නෑ දේවල් වෙනස් වෙන්නෙත් නැහැ, වෙනස් කරන්නත් බැහැ කියල. වරෙන් පහර දීල දේවල් වෙනස් කරන්න අමාරුයි. යටපත් කරන්නත් අමාරුයි.
    ඊගල්ස් සංගීත කණ්ඩායමේ ඒ ගීතය රචනා කළ පදරචකයා ජීවිත අත්දැකීමෙන් ඉගෙනගත්ත දෙයක් වෙන්න ඕන. ඒ පාඩම ඉගෙන ගන්න බොහෝ පාසැල් තියෙනවා. වට පිට බලන්න විතරයි තියෙන්නේ.
    මැටි කර්මාන්තයේ යෙදෙන කෙනෙක් වළඳක්, බඳුනක් හදන හැටි ටික වෙලාවකට බලාගෙන හිටියොත් අමතක නොවන පාඩමක් වෙයි කියලයි මට හිතෙන්නේ.
    ඇත්තටම කියාගන්න බැරි දේවල් අපි මහා හඬින් ගායනා කරනවා. කරන්න බැරි දේවල් ගැන බෙරිහන් දෙනවා. ආදරය, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, සාමය, සංහිඳියාව, සමෘධිය වගේ වචන බහුලව පාවිච්චි කරන්නේ ඒවා නැවත නැවත උච්චාරණය කරනකොට ඉබේටම ඒ ඒ දේවල් පහළ වෙයි කියල හිතාගෙන වගේ. එහෙම වෙන්නේ නෑ නේ.
    ගමන දිගයි. අසීරුයි. ඊගල්ස් සංගීත කණ්ඩායම ගායනා කරන මේ ගීතයෙන් කියවෙන්නේ සදාතනික සත්‍යයක් කියලයි මටනම් හිතෙන්නේ. මැටි ගුලියක් වෙනස් වෙන, වෙනස් කරන ආකාරය ගැන පොඩ්ඩක් හිතන්න. 'වෙනස් වෙනවා නම් ජීවිතයේ දේ වෙනස් වන්නේ ඉතා සෙමින්ය.'
     
    තෑන්ක්ස් බන්,බට් දිග වැඩි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පරක්කු වෙලා පලයං. ඉස්කූල් වෑන් එකේ පැච් එකක් ගියා කියපං. නැත්තං ඉස්කෝලෙ යන්නැතුව ගෙදර ඉඳපං බං. පහුවෙනිද කතාව කරන්න දුන්නොත් කියපං ලෑස්ති වෙලා ආවෙ නෑ හෙට ලෑස්තිවෙලා එන්නං කියල ඊට පස්සෙ දවසෙත් ඉස්කෝලෙ නොයා ඉඳපං :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පරක්කු වෙලා පලයං. ඉස්කූල් වෑන් එකේ පැච් එකක් ගියා කියපං. නැත්තං ඉස්කෝලෙ යන්නැතුව ගෙදර ඉඳපං බං. පහුවෙනිද කතාව කරන්න දුන්නොත් කියපං ලෑස්ති වෙලා ආවෙ නෑ හෙට ලෑස්තිවෙලා එන්නං කියල ඊට පස්සෙ දවසෙත් ඉස්කෝලෙ නොයා ඉඳපං :yes:
    sir kenek wennathi
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    “ලෝකය ගැන දන්නෙ නැති මොඩ කම්මැලි කොල්ලා. ඇල්බට් උඹට නම් කවදාවත් මිනිහෙක් වෙන්න හම්බ වෙන්නෙ නැහැ” ලූයිපෝල් විද්‍යාලයේ ප‍්‍රාථමික පංතිභාර ගුරුවරයා හැම තිස්සේම උඩ බලාගෙන කල්පනා කරන පුංචි කොලු ගැටයෙකුට කේන්තියෙන් සැර කළා.ගුරුවරයාගේ ගෝරණාඩුවෙන් කල්පනා ලෝකයෙන් මිදුණු කොලු පැංචා ආයිමත් පාඩමට හිත යොදවන්න උත්සාහ ගත්තා.කවදාවත් මිනිහෙක් වෙන්නේ නැහැයි කියලා එදා ඒ ගුරුතුමා එහෙම අනාවැකියක් පළ කළාට ඊට වසර ගණනාවකට පස්සේ 20 වැනි සියවසේ පහළ වුණු මහා ප‍්‍රාඥායා බවට පත් වන්නට මොහුට පුළුවන් වුණා. ඒ අන් කවරකුවත් නොව ඇල්බට් අයින්ස්ටයින්ය.
    ඉගෙනීමට දස්කම් නොපෙන් වූ ළමා විය ජර්මනියේ මියුනික් නුවරට කිට්ටුව උල්මා නගරයේ යුදෙව් පවුලක් ජීවත් වුණා. ඒ අය බොහෝම අල්පේච්ච ජීවිතයක් ගත කළ ඇත්තන්. ඒ පවුලේ ප‍්‍රධානියාගේ රැකියාව වුණේ විදුලි උපකරණ අලුත් වැඩියා කිරීමයි. 1879 මාර්තු 14 වැනි දා මේ මව්පිය දෙදෙනාට පුංචි පුතෙක් උපන්නා. තාත්තා මේ පුතාට ඇල්බට් කියලා නම තිබ්බා.ඇල්බට් කුඩා කල සිටම දුර්වල ළමයෙක්. අවුරුදු තුනක් පමණ ගතවනතුරු ඔහු කතා කළේ නැහැ. මව්පියන් හිතුවේ තමන්ගේ පුත‍්‍රයා උපන් ගෙයි ගොළුවෙක් කියලයි.ඒත් එහෙම වුණේ නැහැ. අවුරුදු තුනෙන් පස්සේ ඇල්බට් කතා කරන්න පටන් ගත්තා. කල වයස හරියන කොට මව්පියන් ඔහුව ලූයිපෝල් පාසලට ඇතුළත් කළා. ඒ කාලේ ඉගැන්නුවේ කටපාඩම් කරන්නටයි. ළමයින් ගිරව් වගේ කට පාඩම් කළා. මේ ක‍්‍රමය බොහෝ දරුවන්ගේ හිත් ගත්තේ නැහැ. ඇල්බට් අයින්ස්ටයින්ටන් මේ ඉගැන්වීමේ ක‍්‍රමය හිත් ගත්තේ නැහැ. ඒ නිසා ඔහුට ඉස්කෝලේ එපා වුණා. හැමදාම උදේට ඉස්කෝලේ යන්න බැහැ කියලා පෙරළි කරන්න ගත්තා. ඇල්බට්ගේ දෙමව්පියන් මේ ගැන වද වුණා. තමන්ගේ පුතා ඉගෙන ගත්තේ නැත්නම් ඔහුගේ අනාගතය අඳුරු වන බව ඔවුන්ට අවබොධ වුණා. ඒ නිසා මහත් පෙරැත්ත කරමින් ඇල්බට්ව පාසලට රැගෙන යන්න ඔවුන් උත්සාහ ගත්තා.
    උපාධිය ලබා ගනියිදවසක් ඇල්බට්ගේ තාත්තා පුතාට කොම්පාසුවක් ගෙනැවිත් දුන්නා. කොයි අතට හැරෙව්වත් එහි කටුව යොමුවුණේ උතුරටයි. ඇල්බට්ට මෙය මහත් ප‍්‍රහේළිකාවක් වුණා. ඔහු මේ ගැන කල්පනා කරන්න ගත්තා. ඇල්බට්ගේ හිස ඉලක්කම් වලින් පිරෙන්න ගත්තා. ඉගෙනීම කෙරෙහි ක‍්‍රමයෙන් ඔහුගේ හිත ඇදී යන්නට වුණා.මේ අතරතුරේ දී ඇල්බට්ගේ පියාගේ ව්‍යාපාර බංකොළොත් වුණා. ව්‍යාපාර ආරම්භ කරන්නට ඔහුට වෙනත් ප‍්‍රදේශයකට යන්න සිද්ධ වුණා. මේ නිසා ලූයිපෝල් පාසලින් අස්වෙන්න ඇල්බට්ට සිද්ධ වුණා. මේ ගැන ඔහු එතරම් දුක් වුණේ නම් නැහැ. ඒ වන විටත් ඒ පාසල ඇල්බට්ට එපා වී තිබීම ඊට හේතුවයි.ඉගෙනීම කෙරෙහි ඇල්මෙන් සිටි ඇල්බට් ස්විට්සර්ලන්තයේ ස්විස් ෆෙඩරල් තාක්‍ෂණික ආයතනයට ඇතුළු වී අධ්‍යාපනය ලබන්නට උත්සාහ දැරුවා. එහෙත් ඇතුළත් වීමේ විභාගයෙන් අසමත් වුණු නිසා ඔහුට ඒ සිහිනය සැබෑ කරගන්නට පුළුවන් වුණේ නැහැ. මින් අධෛර්යමත් නොවුණු අයින්ස්ටයින් වෙනත් විද්‍යාලයකට ඇතුළු වන්නට උත්සාහ ගත්තා. මහන්සි වී ඉගෙන ගත් හෙතෙම එවර ඇතුළත් වීමේ විභාගයෙන් සමත් වුණා. වයස 26 දී භෞතික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් ලබා ගන්නට අයින්ස්ටයින් සමත් වුණා.1909 සිට 1911 දක්වා සූරිච් සරසවියේ ද 1911 සිට 1913 දක්වා පැරගුවේ සරසවියේ ද භෞතික විද්‍යා මහාචාර්යවරයා වශයෙන් කටයුතු කළ ඇල්බට් අයින්ස්ටයින් 1913 දී ජර්මනියේ කයිසර්විල් හෙල්ම් භෞතික විද්‍යා ආයතනයේ අධ්‍යක්‍ෂවරයා ලෙසින් ද කටයුතු කළා.
    භෞතික විද්‍යාව නව මඟකට යොමු වෙයිආලෝකය, ශක්තිය, චලිතය, ගුරුත්වය, අභ්‍යවකාශය හා කාලය පිළිබඳ අවබෝධයක් ලෝකයට ලබා දුන්නේ ඇල්බට් අයින්ස්ටයින් ය. පදාර්ථය යනු ශක්තිය රැස්කොට ඇති තටාකයක් යැයි ඔහු ප‍්‍රකාශ කළා. ශක්තිය හා ස්කන්ධය අතර සම්බන්ධතාව දක්වන සුප‍්‍රකට සමීකරණය ඔහුගේ බුද්ධි බලයෙන් තර්කානුකූලව ඉදිරිපත් කරවූවක් මෙම සමීකරණය පසුව පරීක්‍ෂණාත්මකව ඔප්පු කරනු ලැබුවා.ජලකර හා පරමාණු බොම්බ, න්‍යෂ්ටික බලය, මනුෂ්‍ය වර්ගයාගේ යහපතට යොදා ගැනීමට මුල් වූ පර්යේෂණ ආරම්භ කරන්නට පුළුවන් වූයේත් ඔහුගේ ශක්තිය හා ස්කන්ධය අතර සම්බන්ධතාව හෙළි කිරීමෙන් අනතුරුවයි. එමෙන්ම මුළු භෞතික විද්‍යාවේම අන්තර්ගත කරුණු පැහැදිලි කරන්නට අයින්ස්ටයින් සමත් වුණා.1916 දී ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කළ කුඩා පර්යේෂණ පති‍්‍රකාවකට මුළු ලෝකයම උඩු යටිකුරු කරන්නට හැකියාව ලැබුණා. පිටු 12 කින් සමන්විත මේ පති‍්‍රකාව 20 වැනි සියවසේ විශිෂ්ටතම විද්‍යාත්මක නිබන්ධනය බවට ද පත් වූයේ නිතැනින්මයි. ඉන් හෙළි වූ සාපේක්‍ෂතාවාදය පිළිබඳ මතය එතෙක් පැවැති මත වලට වඩා සහමුලින්ම වෙනස් වුණා. මෙලෙස නවතම සංකල්පයක් බිහි කළ අයින්ස්ටයින් කිසිම විද්‍යාගාරයක, පර්යේෂණාගාරයක පර්යේෂණ පැවැත් වූ කෙනෙක් නෙමෙයි. ඔහුට පර්යේෂණාගාරය වූයේ ඔහුගේම මොළයයි.ලොව තතු සොයන යන්ත‍්‍රයක් සේ හිස් කඩදාසි මිටියක් හා පෑනක් අතින් ගෙන කල්පනාවේ නිමග්න වූ අයින්ස්ටයින් ගැඹුරු විද්‍යාත්මක න්‍යායන් හා ගණිත සූත‍්‍ර රාශියක් ලොවට හෙළි කළේ ඔහු සතු අසමසම බුද්ධි මහිමයෙන්. භෞතික විද්‍යාවට මේසා මෙහෙයක් කළ අයින්ස්ටයින්ට 1922 දී භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය හිමි වුණා.යුදෙව් ජාතිකයකු වුණු අයින්ස්ටයින්ට හිට්ලර්ගේ හමුදාවෙන් කරදරවලට මුහුණ දෙන්නට සිද්ධ වුණා. ඔහුගේ දේපළ පවා ගිනිබත් කරන්නට තරම් ඔවුන් දරුණු වුණා. උපන් රට අතහැර දමා ඇමෙරිකාවට යන්නට අයින්ස්ටයින් තීරණය කළේ මේ නිසයි. 1940 දී ඔහුට ඇමරිකාවේ පුරවැසි බවද හිමි වුණා.ඉලක්කම්වලින් පිරි විද්‍යාත්මක ලෝකයක ජීවත් වූවද ඇල්බට් අයින්ස්ටයින් මානව පෙ‍්‍ර්මය උතුරා ගිය කුළුණු ගුණයෙන් පිරි හදවතක් ඇත්තෙක්. 1945 දී හිරෝෂිමා හා නාගසාකියට බෝම්බ දැමූ වෙලාවේ ඔහු බලවත් සේ කම්පාවට පත් වුණු බවයි වාර්තා වෙන්නේ. භෞතික විද්‍යාවට අමිල සේවයක් කළ මේ මහා විද්‍යාඥයා 1955 අපෙ‍්‍ර්ල් 18 වැනි දා සදහටම මෙළොවින් සමුගත්තා.

    කතාවට ගතවෙන කාලය අනුව බලලා අනවශ්‍ය කොටස් අයින් කරලා කෙටි කරලා කියපන්.

    මූලාශ්‍රය:

    https://lankapoojitha.wordpress.com/2014/10/05/742/
     
    • Like
    Reactions: winrar77

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    පරක්කු වෙලා පලයං. ඉස්කූල් වෑන් එකේ පැච් එකක් ගියා කියපං. නැත්තං ඉස්කෝලෙ යන්නැතුව ගෙදර ඉඳපං බං. පහුවෙනිද කතාව කරන්න දුන්නොත් කියපං ලෑස්ති වෙලා ආවෙ නෑ හෙට ලෑස්තිවෙලා එන්නං කියල ඊට පස්සෙ දවසෙත් ඉස්කෝලෙ නොයා ඉඳපං :yes:

    :lol::lol:මචන් ටයර් එකේ යන්නේ පන්චර් එකක් (හිලක් ) නේද ? හිල (ටයර් එකේ) වහන්න දාන එක තමයි පැච් එක.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol::lol:මචන් ටයර් එකේ යන්නේ පන්චර් එකක් (හිලක් ) නේද ? හිල (ටයර් එකේ) වහන්න දාන එක තමයි පැච් එක.

    ටීචර්ල ඕව අහන්නෑ බං :)
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    speech ekata ready wela awe na. e nisa sorry. wena dawasaka karanna balaporottu wenawa kiyapan.habay e "wena dawasa" mata nan ai kawadawat awilla na:rofl:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    අසූව දශකයේ ඉංග්‍රීසි රොක් සංගීත ක්ෂේත්‍රය වර්ණවත් කළ එක් සංගීත කණ්ඩායමකි 'ඊගල්ස්'. 'හොටෙල් කැලිෆෝනියා', 'ඩෙස්පරාඩෝ', 'ටේක් ඉට් ඊසි', 'ටේක් ඉට් ටු ද ලිමිට්' වැනි ගීත
    ..........
    ඔබගේ හරවත් ලියුම අගනේය. තවත් ලියන්න....පුළුවන් නම් ඔවැනි ගීත රචනා විග්‍රහයක් අරඹන්න.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,053
    3,888
    113
    ude rasweemata stage ekata nagga gaman kalanthe daala wage watiyan.

    ethakota hari.
    kiyapan kathawa paadam karapu hinda kaala awe na kiala.

    kannath monawa hari hamba weyi.